"ආහ්..... මට හරිම සතුටුයි මැඩම්.....😃 වාහ්හ්හ් මේක මාරයි...."
"හ්ම් මට පේනවා සතුටුයි කියලා"
"ඇත්තටම මිස්ට හන් මැඩම් එක්ක හැමදාම යන්නේ මෙහෙමද?😙"
"ඔව් ඔව් ළමයෝ😄"
"වාහ්හ් චින්චා.... ආහ් මැඩම්... මැඩම් දන්නවද මම මේ ප්රයිවට් ජෙට් එකක යන ෆස්ට් ටයිම්"
"හ්ම්..."
"ආහ්හ්හ් කුමාවොයෝ මැඩම්.... ඇත්ත-"
"මැන්ඩි🤨 දැන් ඇති..."
"ඔහ්.... මි...මියන්හේ මැඩම්... මම මේහ්.... නෑ මොකුත් නෑ... අතනින් වාඩි වෙන්නම්"
ජෙට් එකට නැගපු වෙලාවේ ඉදලා එකදිගට කියවන මැන්ඩි ඒක නැවැත්තුවේම නෑ. සූමින් කොහොමත් වැඩිය කතාවට අකමැති නිසා එයා මැන්ඩි කියන ඒවට උත්තර දෙන්න ගියේ නෑ. හැබැයි, ඒත් මැන්ඩි කියවිල්ල නතර කරන්නේ නැති තැන ටිකක් සැරෙන් කිව්වෙ ඒක වදයක් වුණ නිසා.
ඒකට බය වුණා මැන්ඩි ගිහින් මිස්ට හන් ළඟ තිබුණ සීට් එකේ වාඩි වුණා. හැබැයි ඉතිං ඒකෙන් වුණේ මිස්ට හන්ට කනක් ඇහිලා ඉන්න හම්බුනේ නැති එක.Time passed......
පැය දෙකහමාරක පමණ ගමනකින් පස්සේ සූමින්, මිස්ට හන් වගේම මැන්ඩි ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනා ගමනාන්තයට ලඟා වුණා. ඉන්චෙන් ජාත්යන්තර ගුවන් තොටුපලේ පෞද්ගලික නැවතුම් අංගනයට ඇතුළු වූ ජෙට් යානය ආරක්ෂිතව ගොඩ බැස්වූවා.
හැමෝම ගොඩක් සාමාන්ය විදියට හිටියා සූමින් ඇරෙන්න. කෙල්ලගේ මූණත් එක්ක සුදුමැලි වෙලා. හිතට හයිය අරං කොරියාවට එන්න හිත හදාගත්තට මොකද එයා තාමත් යටි හිතෙන් ඒ ගැන වද වෙනවා. නළල දාඩිය බිංදු කීපයකින් තෙත් වෙද්දී සූමින්ට දැනුනේ හදවත ගැහෙන වේගය දෙගුණ වෙලා වගේ. කොයි තරම් අපහසුවෙන් හිටියත් ඒ කිසි දෙයක් ස්ටාෆ් එකට පෙන්නන්නෙ නැතුව ඉන්න තරම් සූමින් දක්ෂ වුණා. ඒත් මිස්ට හන්ට සූමින්ගේ වෙනස තේරුණ නිසාම ඉක්මනට ගියේ හොටෙල් එකට යන වාහනය ලෑස්තිද බලන්න. ටික වෙලාවකින් මිස්ට හන් ආයෙත් ආවේ අතේ ඇඟිලි වලින් නලලත් මිරිකන ගමන්."මිස්ට හන්!? මොකක්ද ප්රශ්නෙ??"
"මැඩම්.... මට තේරෙන්නේ නෑ මේක කොහොමද වුණේ කියලා"
YOU ARE READING
🥀🍂••𝑳𝒊𝒎𝒊𝒕𝒍𝒆𝒔𝒔 || 𝑲𝑺𝑱
Fanfiction~•••ලැබෙන හිතක් ළඟ සැනසීම පමණක් නොව, නොලැබෙන හිතක් ළඟ ඇවිලීමද ප්රේමයකි.🥀🍂 ~•••මේ හිත නිවූ ඔබම මේ හිත දවන්නට පටන් ගත් දා, දැවෙමි, අළුවෙමි, සදාකාලිකවම.🥀🍂 ~•••වේදනා විද මියගිය මා නැවත උපන්නෙමි, හදවත මැරුණු එකියක ලෙස.🥀🍂 මේ ඇගේ කතාවයි "𝑳𝒊𝒎𝒊𝒕...