"ගුඩ් මෝර්නින්ග් ආන්ටි....!"
"ආහ්... නම්ජුන්... ඔයා ආව එක හොඳයි. බලන්නකෝ අපෙ ළමයට මොකක් වෙලාද මන්දා."
"ආන්ටි බය වෙන්න එපා මම ජින්ට කතා කරලා බලන්නම්. මොකක් හරි ප්රශ්නයක් නම් මිනිහා අනිවාර්යයෙන්ම මට කියයි."
"අනේ ඔව් දරුවෝ... දැන් දවස් දෙකක්ම හොස්පිට්ල් ගියෙත් නෑ... සේහී එකක්වත් කතා කරලා නෑනේ... "
"හරි කෝ දැන් ජින්?!"
"උඩ රූම් එකේ ඇති.. ඒත්....."
"ඇයි ආන්ටි!?"
"ඒක පුතාම ගිහිං බලන්නකෝ... අනේ මේ ළමයා මෙහෙම ඉන්නවා මම කවදාවත් දැකලා නෑ."
"ම්ම්ම් මම බලන්නම්.."
නම්ජුන් උදේම කිම් හවුස් එකට ගියේ මිසිස් කිම් ගෙන් ලැබුණ කෝල් එකක් නිසා. තමන්ගේ ළමයින්ගේ වෙනස අම්මා කෙනෙක්ට තරම් වෙන කාටවත් දැනෙන්නේ නෑ කියනවනෙ. ඉතිං මිසිස් කිම් වුණත් ජින්ගේ හැසිරීම වෙනස් වෙනකොට එයාව තේරුම් ගත්තා. ඒත් ජින් ඒ ගැන වචනයක්වත් ඔම්මා එක්ක කතා කරන්න කැමැති වුණේ නැහැ. අහන හැමදේටම නිහඬවම පිලිතුරු දුන්න නිසා මිසිස් කිම් බැරිම තැන නම්ජුන්ට කිව්වේ ඇවිත් ටිකක් ජින් එක්ක කතා කරන්න කියලා.
නම්ජුන් රූම් එකට යනකොටත් ජින් හිටියේ බැල්කනි එකට වෙලා ඈත බලාගෙන... කළු පාට ෂෝර්ට් එකට සුදු බැගී ටීෂර්ට් එකක් ඇදලා හිටිය ජින් ගෙන් දකින්න පුළුවන් වුණේ දොස්තර කෙනෙක්ගේ පෙනුමක් නම් නෙවෙයි. කොණ්ඩෙත් අවුල් වෙලා හරියට පිස්සෙක් වගේ. ජින් කියන්න ගොඩක් පිලිවෙලට පිරිසිදුවට ඉන්න කෙනෙක්. ඒත් රූම් එකට ගියපු ගමන් රූම් එක වටේම ඇස් අරගෙන ගියපු නම්ජුන්ට මේක ජින්ගේ රූම් එකමද දෙපාරක් හිතන්න වුණා. ඒ තරමට රූම් එක අවුල් වෙලා... නම්ජුන් නහයත් අකුලගෙන තවත් රූම් එක ඇතුලට ගියේ ඒ ආව සැරට ඔළුවත් ටිකක් කැරකෙන්න ගද්දී.
ඇඳේ දකුණු පැත්තට වෙන්න බිම හිස් බියර් බෝතල් කීපයක්, වයින් බෝතල් දෙකක්, බියර් ටින් කීපයක්, භාගෙට හිස් කරපු සෝජු බෝතලයක් වගේම බිදුණු වීදුරු කෑලි කීපයකුත් තිබුණා. ඒත් එක්කම නම්ජුන්ගේ ඇස් නතර වුණේ ඇඳේ වම් පැත්තට වෙන්න තිබුණ සයිඩ් ටේබල් එකට. ඒක උඩ තියෙන ටේබල් ලෑම්ප් එකේ බල්බ් එක නිවි නිවී පත්තු වෙමින් තිබුණා. ඒ ආලෝකය ඇරෙන්න කාමරය ඇතුලට එලියක් ආවේ බැල්කනි එකට යන දොරේ එක් පියනකින් කාමරය තුලට වැටුණ ඉර එලියෙන්. කාමරේ අනිත් සේරම ජනෙල් කර්ටන්ස් වලින් වැහිලා තිබුණ නිසා කාමරයේ තිබුණේ සෑහෙන අඳුරු පෙනුමක්.. ඒ වගේම ජින් මේ දවස් දෙකට හරියට කෑමක් කාලත් නෑ කියලා නම්ජුන් තේරුම් ගත්තේ කාමරේ කොනක තිබුණ මේසෙ උඩ තියෙන කෑම ප්ලේට්ස් ටික දැක්කම. මිසිස් කිම් ගිහින්ම බලාගන්න කියලා කිව්වේ ඇයි කියලා මේ දේවල් දැක්කම තමයි නම්ජුන්ට හරියටම තේරුම් ගියේ.
මේ දේවල් දිහා ටිකක් වෙලා බලන් හිටිය නම්ජුන් ඊළඟට කලේ තමන් ආව කියලා ජින්ට අඟවන්න උගුර පෑදුව එක. ඒ සද්දෙට ජින් හැරිලා බැලුවමයි නම්ජුන් හරියටම ජින්ගෙ මූණ දැක්කෙ. ඇස් වටේට කළු වෙලා මූණත් කෙට්ටු වෙලා. ඇස් වල තිබුණේ හරිම මලානික පෙනුමක්. ජින්ට හරියට නින්දක් වත් ලැබිලා නෑ කියලා ඒ රතු වුණ ඇස් දැක්කම නම්ජුන්ට තේරුම් ගියා.
YOU ARE READING
🥀🍂••𝑳𝒊𝒎𝒊𝒕𝒍𝒆𝒔𝒔 || 𝑲𝑺𝑱
Fanfiction~•••ලැබෙන හිතක් ළඟ සැනසීම පමණක් නොව, නොලැබෙන හිතක් ළඟ ඇවිලීමද ප්රේමයකි.🥀🍂 ~•••මේ හිත නිවූ ඔබම මේ හිත දවන්නට පටන් ගත් දා, දැවෙමි, අළුවෙමි, සදාකාලිකවම.🥀🍂 ~•••වේදනා විද මියගිය මා නැවත උපන්නෙමි, හදවත මැරුණු එකියක ලෙස.🥀🍂 මේ ඇගේ කතාවයි "𝑳𝒊𝒎𝒊𝒕...