13 මුකුත් දැක්කෙ නෑමයි

82 25 15
                                    

Time passed...
after Two days

🧚(ලීවොන්‍යා) : "ජිමිනා... ඔයා කැමතිද මගේ තාවකාලික bf වෙන්න.😌"

උදේ නැගිටලා ටේබල් එකෙ තිබුන පුටු දෙකකින් වාඩි වෙලා bed tea එක බිබී ඉදපු ජිමිනයි ලීවෝන්‍යායි මෙතෙක් වෙලා තිබුන නිහඩතාවය බිදලා දැම්මා.

🐥 "මොකක්?☹️ ඇයි එකපාරම එහෙම ...?

ජිමින් මේ ටික හිනා වෙවී ඇහුවත් ලීවොන්‍යා අහපු ප්‍රශ්නෙ නිසා ජිමින්ගෙ හිතේ සතුටකට වඩා දුකක් ඇති උනා කිව්වොත් මම නිවැරදියි.

ඔව් ඇත්තටම ජිමින්ගෙ හිතේ මුල ඉදන්ම වොන් යා ගැන වෙනස් හැගීමක් තිබුනා. ඒ වගේම ජිමින්ට තේරිලා තිබුනෙ වොන් යා කැමති ටේයෝන්ට කියලා. 🙂ඒ නිසාම වොන්‍යා එයාගේ bf වෙන්න කැමතිද කියලා ජිමින්ගෙන් අහපු ගමන් ජිමින්ට තේරුනා වොන්‍යා ජිමින්ව පාවිච්චි කරන්න හදනවා කියලා.

🧚 "වැඩිය හිතන්නෙපා කොල්ලො ටික දවසකට විතරයි 😌. ඊට පස්සෙ අපි මේක නවත්තමු. අනික අනිත් අයට පේන්න විතරක් ඔයා මගේ bf විදියට හිටියම ඇති."

වොන් යා කියන වචනයක් ගානේ ජිමින්ගෙ හිත බිදිලා ගියා. ඒත් ජිමින් අන්තිමේ වැඩේට කැමති උනේ කාලයත් එක්ක වොන් යා දේවල් තේරුම් අරන් ජිමින්ට ඇත්තටම කැමති වෙන්නත් අවස්තාව තියනවා කියලා හිතුන නිසා.

🐥 "ම්ම්... හරි ඒනම් කොච්චර කාලෙකටද? "

🧚" ඒක හරියට කියන්න බෑ කොල්ලො මාසෙකට විතර වගේ. ආහ් තව දෙයක්. මගෙන් හේතුව අහන්නෙපා."

🐥"හරි මැනික.😏"

තේ එක බොන ගමන් හිටිය වොන් යාට ජිමින් කියපු එක ඇහිලා ඉබේම ඇහි බැමක් උඩ ගියේ wtf මූඩ් එකක් හදාගෙන🤨

ඒ අතරේ දල්හී, මින්කි, සොහා තුන් දෙනාත් ඇවිත් ටේබල් එක වටේ ඉදගත්තා.

👸-සොහා
🧜-දල්හි
💃-මින්කි

👸🧜💃 "අන්‍යාසෙයො ගුම්මෝනිම්🥱"

(වොන්‍යා ජිමින්ගෙ අතේ එල්ලිලා)
🧚🐥 "ගුම්මෝනිම් ගයිස්..😌"

🧜 "😳 හෑහ්.. ?"
👸💃"😳😳"

🧚" ඇයි අනේ ඕම බලන්නෙ?🤭 බලන්නකො ඩැඩෝ මෙයාලා..🙈"

🕰️🍁The Time Machine🍂 (කාල යන්ත්‍රය)✅Donde viven las historias. Descúbrelo ahora