Chapter 3

158 26 10
                                    

එතන වුන හැමදේම තේහ්‍යුන්ට අමුත්තක් දැනුනා. තේහ්‍යුන්ව දැක්ක ගමන් ජිමින් හැසිරුනේ හරියට යකෙක් දැක්කා වගේ. එතකොට ජූහී එයාව දැක්ක ගමන් කදුලු පිරුනා. ඒත් එක්ක්ම ජිමින් එතනින් ජීහිව ඇදගෙන ගියේ ඇයි කියන්න තේහ්‍යුන්ට ලොකු ප්‍රශ්නයක් වුනා.

"හෙලෝ මගේ නම Mr. Kim Taemin"

තේහ්‍යුන්ගේ කල්පනාව බිදින්න පුලුවන් වුනේ තේමින්ගේ හුරතල් කටහඩට.

"ඒ ආවේ මගේ ඔම්මා. සමොච්චාන් තමා මගේ ඔම්මාගේ පොප්පා ( ඔප්පා )"

"පොප්පා නෙමෙයි පැටියෝ ඔප්පා."

තේහ්‍යුන් තේමින්ව ඔඩොක්කුවට ගද්දී තේමින් එයාගේ boxy smile එක තේහ්‍යුන්ට පිලිගැන්නුවා.

"චිමින් ( ජිමින් ) නම් හැමවෙලේම දොතියුමන්ට් ඇරගෙන කූටුබලි ගානවා. ඔම්මා නම් චිච්ච ( චිත්‍ර ) අදිනවා. මාත් ඇදලා පෙන්නන්නම්."

ජූහී චිත්‍ර අදිනවා කියන්නේ එයා මෙතන designer කෙනෙක් වෙන්න ඇති කියලා තේහ්‍යුන් අනුමාන කරා. ජිමින් තේමින්ට දුන්න කොලේ එයා චිත්‍ර අදින විදිහ තේහ්‍යුන් බලාගෙන හිටියා. ඒත් ඒ චිත්‍රේ වෙනස් එකක්. ගෑනු කෙනෙකුයි පොඩි පිරිමි ලමයෙකුයි ඇදලා තිබ්බ චිත්‍රේ ඒ දෙන්නටම උඩින් තරුවක් ඇදලා තිබ්බා. ඒ ගැන අහන්න යද්දිම කටකාර තේජුන් තේහ්‍යුන්ගේ ප්‍රශ්නෙට හරස් වුනා.

"සම්චෝන්ගේ නම මොකද්ද?"

"මගේ නමත් ඔයාගේ නම වගේ ටිකක්. Kim taehyung?"

"එතකොට සම්චෝන්ද මගේ අප්පා?"

"Mwo?"

තේමින් එක පාරටම අහපු ප්‍රශ්නෙන් තේහ්‍යුන් ගොඩක් පුදුම වුනා.

"මගේ අප්පාගේ නමත් ඒකමයි. මගේ සම්චෝන් තමා එත (එක ) දවසක් මට කිව්වේ. මගේ අප්පා තලුවක් වෙලාලු. මතත් තලුවක් වෙන්න ඕනේ. ඔම්මාටයි මතයි අප්පා නැතුව පාලුයි."

තේමින් බිම බලාගෙන දුකින් කිය්ද්දී තේහ්‍යුන්ගේ හිතත් උනු වුනා.

   මේ චුට්ටාගේ  අප්පා නැති වෙලා ඒ නිසා තමයි එයා චිත්‍රේ තරුවක් ඇන්දේ

" ඔයා අප්පාව දැකලම නැද්ද?"

"නෑ සම්චෝන් කිව්වා fairy ඇවිත් මාව ඔම්මාට දෙද්දිත් අප්පා තලුවක් වෙලාලු. ඒත් ඔයා වගේ වෙන්න ඇති මගේ අප්පාත්"

"Tae, ඔම්මා ගෙදර යනවලු. ඔයත් යන්න ඒ නිසා."

හිනාවෙලා තිබ්බ තේමින්ගේ මූන වෙනස් වෙද්දී වෙනදා වගේම එයාව යවන විදිහ ජිමින් දැනගෙන හිටියා.

"Hi-ahත් ඇවිල්ලා ඇති එයා යන්න කලින් යන්න ඉක්මනින්."

Hi-ah කියන්නේ ජිමින්ගේ වයස එක හමාරක් විතර වෙන චූටි දුව. තේමින් එයාට ගොඩක් ආදරෙයි. ඒ නිසා හියාගේ නම කිව්ව ගමන් එයා ඕනෙම වැඩක් කරනවා කියලා හැමෝම දැනගෙන හිටියා.

හියාගේ නම ඇහෙනවත් එක්කම ආයෙත් මූනේ හිනාවක් ඇදුනු තේමින් එක පිම්මට තේහ්‍යුන්ගේ ඔඩොක්කුවෙන් බිමට පැන්නේ,

             "Baby Hi-ah ඇවිත්. මං යනෝ එයාව බලන්න. Bye අප්පා"

තේමින් "අප්පා" කියලා හිතුමතේ තේහ්‍යුන්ට කිව්වේ නෑ. එයාට ඒක ඉබේම කියවුනා. ජිමින් එකවරම පුදුම වුනත් තේහ්‍යුන් පුදුම වුනේ නෑ. එයාට තේමින්  ගැන දැනුනේ දුකක්, අනුකම්පාවක්, ආදරයක්...

තේමින් එතනින් යනක්ම් ඉදලා office එකේ දොරත් වහලා ජිමින් office එක ඇතුලට ඇවිත් එයාගේ පුටුවෙන් ඉදගත්තා.

"HM company එකේ කලින් හිටපු CEO අයින් වුනාද?"

"දේ, එයා canada ගියා. මම දැන් මාස 6ක් විතර ඇති HM එකට ගිහින්."

"අහ්හ් Mr. Kimට ලේසියෙන් එතනට යන්න පුලුවන් වෙලා වගේ. මොකද HM එකේ chairman හරි strict කෙනෙක් මං දන්න තරමින්."

"අහ්හ් දේ, මගේ fianceගේ අප්පා තමා HM එකේ chairman. ඒ නිසා කලින් CEO අයින් වුන ගමන් මාව එයා CEO කරා. එහෙනම් Mr. Park, මං ගිහින් එන්නම්. මං ගෙනාව business proposal එක ගැන පොඩ්ඩක් බලන්න."

"හරි Mr. Kim. අහ්හ් Mr. Kim ඒක නෙමෙයි tae ඇයි Mr. Kimට අප්පා කියලා කතා කරේ."

"එයා කිව්වා එයාගේ අප්පාගේ නමත් මගේ නමමයි කියලා. එයා නෑ කියලත් කිව්වා. ඒ නිසා වෙන්න ඇති."

"ඔව් තේහ්‍යුන් තමා මගේ හොදම යාලුවත්. Mr. Kim කොහෙද college ගියේ."

"මං යොන්සෙයි university එකේ"

" අහ්හ් මං seoul national university එකට ගියේ. Have a nice day Mr. Kim."

      මේ තේහ්‍යුන් මගේ හොදම යාලුවා නෙමෙයි. ඒත් එකම වගේම දෙන්නෙක් ඉන්න පුලුවන්ද? ඒත් මේ මගේ හොදම යාලුවා කියලමයි මගේ හිත කියන්නේ

තේහ්‍යුන් ජිමින්ට ආචාර කරලා එතනින් ගියාට පස්සේ ජිමින් දිගු සුසුමක් හෙලුවා.

He was my best friend.
He is my best friend.
And he will still remain as my best friend... forever...

»»»»»»»»»»»»»»»»»»»
හෙලෝ... කාලෙකට පස්සේ නේද? මං හිතනවා කලින් කතා කියවලා සතුටු වුනා වගේම මේක කියවලත් සතුටු වෙයි කියලා. මේක short story එකක්. ඒ නිසා හැමදාම අප්ඩේට්ස් වැටෙයි.
වොට්, කමෙන්ට් කරන හැමෝටම ස්තූතියි❤❤❤
පරිස්සමින් ඉන්න❤🌸

HE IS BACK🌱 (Completed)Where stories live. Discover now