Chapter 5

106 22 3
                                    

ජිමින් තේහ්‍යුන්ගේ business proposal එක භාරගත්තා. ඒ නිසා ගොඩක් වෙලාවට තේහ්‍යුන් හිටියේ ජිමින්ගේ company එකේ. ඒත් ජූහි තේහ්‍යුන් එන දවස්වලට office නොයන්න වග බලාගත්තා. ජූහි නැති දවස්වලට ජූහිගේ assistant ඒ වැඩ හැම එකක්ම බලාගත්තා.

"අප්පා !!!"

ඒ තේමින්. ජිමින්, ජූහි දෙන්නම තේහ්‍යුන්ට අප්පා කියලා කතා කරන්න එපා කිව්වත්, පුංචි tae නම් ඒක කනකට ගත්තේ නෑ. තේහ්‍යුන්ටත් ඒක ප්‍රශ්නයක් වුනේ නෑ. මොකද දැන් වෙද්දිත් තේහ්‍යුන් තේමින්ට ගොඩක් ආදරෙයි. ජූහි වැඩිය office එන්නේ නැති නිසා තේමින්ව nursery එකට ගිහින් දාන්නේ ජිමින්. Nursery එක ඇරිලා ගෙදර ගිහින් දාන්න හදද්දී ගෙදර යන්න බෑ කියලා එයා අඩන්න පුරුදු වෙලා හිටියේ තේහ්‍යුන්ව බලන්න ඕනේ නිසා. වෙනදා හියාගේ නම කිව්ව ගමන් ගෙදර දුවන්න බලන් ඉන්න පොඩ්ඩා දැන් හියාගේ නම කිව්වටවත් යන්නේ නෑ. Nursery නැති දවස්වලටත් එයා ජිමින්ගේ අතේ එල්ලිලා ජිමින් එක්ක office එන්න පුරුදු වුනා.

"Tae tae!!!"

තේහ්‍යුන්ත් තේමින්ව වඩා ගත්තේ හරිම ආදරයෙන්.

"ඔම්මාට සනීප නැද්ද tae?"

"ඔම්මා හොදින් අප්පා."

තේහ්‍යුන්ට එයා company එකට එකම දවසකවත් ජූහී company එකේ නොහිටපු එක ලොකු ප්‍රශ්නයක් වුනා.

දවසින් දවස ගෙවිලා යද්දී මාස පහක් පුරාවට ජිමින් එක්ක තේහ්‍යුන් කරපු project එකේ අවසාන දවස ආවා. තේහ්‍යුන්ට ලොකු දුකක් දැනුනේ එයාට මේ මාස පහට හම්බුන හොදම යාලුවයි, නොදැනුවත්කමට තමන්ට අප්පා කියලා කතා කරන පුංචි තේමින් දාලා යන්නයි. ජිමින්නුත් දුක නොපෙන්නුවාට එයාටත් ලොකු දුකක් තිබ්බා.

Project එක ඉවර වෙලා තේහ්‍යුන් යන්න හදද්දී ජිමින් තේහ්‍යුන් එක්ක පාර අයිනට ගියේ තේහ්‍යුන්ට සමුදෙන්න. ඒ යන ගමන් ජිමින්ගේ අතේ එල්ලිලා පොඩි අඩි තිය තිය ආපු තේමින්ව ජිමින් පාර අයිනට එද්දී වඩාගත්තේ එයාට තවත් එයා ආදරේ කරන කෙනෙක් නැති වෙනවා බලාගෙන ඉන්න තරම් ශක්තියක් නොතිබුනන නිසා. මොකද එයාගේ හොදම යාලුවා නැති වුනෙත් car accident එකකින්.

"එහෙනම් ජිමින් මම යනවා කරපු හැමදේකටම කුමාවෝ "

"ඕක මොකද්ද තේහ්‍යුන් පරිස්සමින් යන්න."

"මං අහන්නමයි හිටියේ ජිමින්. ජූහී දැන් company එකේ වැඩ නැද්ද?"

"එයා හෙට ඉදන් ආයේ එනවා.'

          ~ඇයි ජූහි මාව මග අරිනවා කියලා හිතෙන්නේ? හේතුවක් නැතුව. මාස පහක් තිස්සේ ආපු නැති කෙනා හෙට එනවලු.

"අප්පා යනෝද?"

එහෙම කියන ගමන් ජිමින්ගේ අතේ හිටපු තේමින් තේහ්‍යුන්ගේ අතට පනින්න ගියත් ජිමින් ඒක වලක්ව ගත්තේ තේහ්‍යුන්ගේ අතට ගියොත් එයාව ගලවගන්න බැරි නිසා.

"අප්පා ආයේ එන්නම්කෝ පුංචි tae taeව බලන්න. Arasseo?"

තේමින්ගේ අතට kiss එකක් දීලා එතනින් යද්දී තේමින් "අප්පා යන්න එපා" කියලා ඇඩුවා. ඒ නිසාම ජිමින් ඉක්මනට තේමින්ව ඇරගෙන company එකට යද්දී තේහ්‍යුන් ඒ දිහා බලාගෙන හිටියේ කදුලු පිරුනු ඇස් වලින්. මොකද ආයේ එයාට ජිමින්ව හරි තේමින්ව හරි හම්බෙයිද කියලා කියන්න බෑ. ආයේ සදහටම හම්බ නොවෙන්නත් පුලුවන්.

It was a precious time.
Now its just a memory... ♥️

HE IS BACK🌱 (Completed)Where stories live. Discover now