Chapter 7

94 22 3
                                    

Wash එකක් දාලා එලියට ආපු ගමන් බාගෙට charge වෙලා තිබ්බ phone එකත් අරන් තේහ්‍යුන් ඇදට ගියේ කුතුහලය වැඩි කමට.

"මෙහෙම දෙයක් වුනේ කොහොමද?"

Phone එක fingerprint එකෙන් unlock කරලා home screen එක දැක්ක ගමන් තේහ්‍යුන් පුදුම වෙනවට වඩා බය වුනා. Home screen එකේ හිටියේ තේහ්‍යුන්. ඒත් තනියෙම නෙමෙයි. එයාට එහා පැත්තෙන් ජූහි හිටියා. ඒත් ඒක විශේෂ photo එකක්. ජූහි හිටියේ wedding dress එකකින්. තේහ්‍යුන් හිටියේ wedding suit එකකින්. වෙන්නේ මොනවද කියලා නොතේරුනු තේහ්‍යුන් gallery එකට ගියා. ඒකේ කියලත් වැඩි වෙනසක් තිබ්බේ නෑ. Gallery එක පුරාවටම තිබ්බේ එයා ජූහී එක්කයි ජිමින් එක්කයි ගහපු photos. Gallery එකෙන් අයින් වෙලා Inbox unopened chats වලට ගියා. ඒවා ඔක්කොම අවුරුදු 4කට 5කට කලින් ඇවිත් තිබ්බ එව්වා. තේහ්‍යුන් හැම එකම open කරලා බලන්නේ නැතුව විශේෂ දෙයක් තියෙනවාද බලන්න. ජූහි කියලා save කරලා තිබ්බ number එකෙනුත් msgs කීපයක් තිබ්බා.

                                        17th July 2018
~ඉක්මනට ගෙදර එන්න කියන්න දෙයක් තියෙනවා
~සරන්හේ

                                       18th July 2018
~Tae ඇයි තාම ගෙදර ආවේ නැත්තේ.
~oppa කලබලෙන් වගේ ගෙදරින් ගියා. මට බයයි
~ Tae මේ හැමෝම කියනවා ඔයා ගිහින් කියලා ආයේ එන්නේ නැති වෙන්නම. ඒ බොරු නේද?
~ මම ඔයාට කියන්න දෙයක්  තියෙනවා කිව්වා නේද
~අපි දෙන්නාගේ තනියට තව කෙනෙක් එන්න යන්නේ.
~Jebal tae දැනවත් ගෙදර එන්න.

ජූහිගේ chat එක පිස්සුවෙන් වගේ කියෙව්ව තේහ්‍යුන් ඊලගට open කරේ ජිමින්ගේ chat එක.

                                       17th July 2018
~ උබ අප්පා කෙනෙක් වෙන්න යන්නේ. මං කිව්වා කියලා ජූහිට කියන්න එපා ඒකි මාව මරයි. Suprise කරන්න හිටියේ එයා.
~ඒ වගේ සුබ ආරංචියක් උබේ soulmate කිව්වාම හොදයිනේ ඔන්න මං කිව්වා.

                                    18th July 2018
~ call එක answer කරපන් යකෝ.
~ කොහෙද උබ ඉන්නේ

                                  19 th July 2018
~ මට මේක තාම හීනයක් වගේ බන්. උබ යන්නම ගියාද? උබේ හොදම යාලුවාටත් නොකියාම. හැමදේම එකට කරපු අපි දෙන්නට ඇයි මේකට විතරක් උබ තනියෙන් ගියේ. නෑ උබ ආයේ එනවා. මට එක විශ්වාසයි.

"මේ මොන විකාරයක්ද? මට මේ කිසි දෙයක් තේරෙන්නේ නෑ."

තේහ්‍යුන් තමන්ගේ අතේ තිබ්බ phone එකත් පොලොවේ ගහලා ඇදට වැටුනේ මේ විකාර හැමදේම අමතක කරලා නිදාගන්න.

Everyone thought that he is gone forever.
Except one...
His best friend believed in him
                                     

HE IS BACK🌱 (Completed)Where stories live. Discover now