06...
මාස ගනන් ගෙවීගෙන යද්දි හැමදාම වගේ අපේ ගෙදර ඉතින් මොකෙක්ගෙ හරි නාඩගමක් තියෙනවමයි....
ඔහ් දන්නවද...අපේ වීහුවා බබාව ගෙනාවනේ...ඩිලිවරි එකේදි ඔප්පගෙ කොන්ඩ ගස් ටික ගැලෙව්වෙ නැති ටික විතරයි😂
මොනව වුනත් වීහු කෑ ගහපු විදියට මට ඒ වෙලාවේ මුත්‍රා බරකුත් හැදුනා....
බබාගෙ නම ජීහූ....එයාට දැන් මාස හතරක්....හලි ශෝක් කොලුවා.....තනිකර අපේ කොටා පොඩි කාලෙ වගේ.....
අපේ හොබී ඔප්පත් බැන්දනෙ අනේ...එයාටනම් ඉවසම ගන්න බැරි තැන තමා මැරි කරලා තියෙන්නේ..😌
මොනා වුනත් හිරූ ඔන්නිත් ඔප්පටම හරියනවා....මැචින් කපල්😌
අපි අසභ්‍ය දර්ශන බලන්නෙ ඒ දෙන්නගෙන් තමා..ඒ දෙන්නට තැන නොතැන නෑනෙ..ඒකෙන් වාසි අපිට තමා හැබෑ💩
මම පහලට යද්දි කට්ටියම ලිවින් රූම් එකට වෙලා ඉන්නවා....අද ඉඳන් මාසයක් අපිට නිවාඩු....
අහන්න එපා ඇයි කියලා නිවාඩු කිව්වෙ නිවාඩු නිසා😑
"ගුම්මෝනිම් ගායිස්ස්😴"
මාත් ඈනුමක් ඇර ඇරම ගිහින් යුන්ගි ඔප්ප ගාවින් වාඩි වුනා.....
"ආහ් ගුඩ් මෝනින් ගුඩ්මෝනින් දැන්ද නැගිට්ටෙ.."
යුන්ගි ඔප්පට හේත්තුවෙලා හිටපු සෙත්මිනි ඔන්නි මගෙන් එහෙම අහද්දි මම ඔලුව උඩටයි පහලටයි වනලා ආයෙමත් ඈනුමක් ඇරියා....
" ඒක නෙමේ කොහෙ හරි යමුද අපි "
එකපාරටම ඔලුවට ලෝඩ්වේගෙන ආපු අදහස නිසා මම එහෙම ඇහුවම හැමෝගෙම මූනු වල හිනාවක් ඇඳුනා....
"ඒකනම් මරු වැඩේ හැබැයි "
පොතක් කියව කියව හිටපු ජූන් ඔප්පත් පොත පැත්තකින් තියලා එහෙම කියද්දී , පොත කියව කියව හිටපු ජූන් ඔප්පගේ ඔලුව අතගගා හිටපු සඳූ ඔන්නිත් ඔලුව උඩටයි පහලටයි කරේ ඔව් කියලා හඟවන්න....
"හැබැයි ඔන්නි මේ සැරේනම් මේ වත්තෙ ඇවිදින්න යන්න බෑ..මතකනෙ ගිය සැරේ අන්තිමට කන්න වුනේ කැරට්😑"
ආකු එහෙම කියද්දී අපි හැමෝටම එදා සිද්දිය මතක් වෙලා බකස් ගාලා හිනාගියාම ජන්කුකා මූනත් රතු කරත් බිම බලන් හිටියා....