කොහොමින් කොහොම හරි අපි හනිමූන් එකත් ඉවර වෙලා හැමෝටම ඉන්න ගත්තු ලොකූඌඌ ගෙදරට ගියා...
මෙහෙමයි...තනියම ඉන්න හිතුනෙ නෑ අපිට..ඒක නිසා ඉතින් හැමෝම කතාවෙලා ලොකුම ලොකු ගෙදරක් ගත්තා....
කොහොමත් අනික් ඔප්පලා ඔන්නිලත් මැරි කරේ නැති වුනාට ලිවින් ටු ගෙදර් නේ😌
අපි යද්දිත් කට්ටිය රූම්ස් බෙදාගෙන...ගනම් ගන්නෑ හුම්බ්😌
හැබෑ ඉතින් ආකුගේ පිහිටෙන් අපිට රූම්ස් දෙකක් ඉතුරු වෙලා තිබ්බා...උඩම ෆ්ලෝර් එකෙන් 😑
කොහෙද ඔය ආකුට ඕනේ උඩටම යන්නනේ..ඔය ගිහින් තියෙන්නේ අපිවත් කුදලගෙනම 🙂කමල්ලෑ..සැපයි..දැන් ඉතින් නැගපන්කො...
මම මගෙ මූලකන් බස්සගෙ ඇඟට මගේ බෑග් එකත් දීලා ඉස්සරවෙලා ගියේ රූම්ස් දෙකෙන් හොඳ එක තෝරගන්න....
කොටකපල් එකනම් ඉතින් සමගිව සාමදානව එනවා...පිස්සුද ඩලා..කවුද කියන්නේ...වීහුත් එයාගේ බෑග් ටික අර කොටාගෙ කරේ ගහලා 😂
අපි තමා හොඳටම කරේ...😂
මම ඉතින් ගිහින් ලොකුම බෙඩ් රූම් එක තෝරගත්තා...අවුලක් ගියේ නෑ 😌
අපි බෑග් ටිකත් තියලා පහලට එද්දී හැමෝම පික්නික් එකක් යන්න ලෑස්ති වෙනවා...
ආකුයි කුකීයි දෙන්නත් ලෑස්ති වෙලා..බරටම කෑම ලෑස්ති කරනවා...
-"මේ...උඹලා දෙන්නා සෙට් වෙලා ඉන්න අතරේ වෙඩින් එකත් ඉක්මනට ගත්තනම් ගොඩ නේ 🙄"
එහෙම අහපු එකේ වැරැද්දක් නෑනෙ නේද.. ඇයි අප්පා..
-"අපූ බෑ සමා..අපි තාම චූටියි නේ"
-"තොපේ චූටි කම කිය්න්නෑ මන් ඉතින්..."
-"ඔයාලත් ලෑස්ති වෙනවද පික්නික් එකක් යන්න හැදුවේ"
-"හා හා යමු"
වීහුනම් ඉතිම් ඕනි දේකට පැනගෙන එන්නෙ පැනගෙන 😂
අපිත් ලෑස්ති වෙලා එලියට බැස්සා...වාආඅ...
ආවට මොකෝ මේ ගෙදරට...දැන්නෙ දැක්කේ වටපිටාවේ ලස්සන...වෝහ්හ් 😍
අක්කරගානක් වටේටම තනබිම....ගෙදර දකුනු පැත්තට වෙන්න ලොකූ වැවක්...ශාහ්හ්හ්හ්හ්හ්හ්...ලස්සනාආඅයීඊඊඊඊඊඊ....