-03-

509 134 54
                                    

වෙනදට දැනෙන සීතල වෙනුවට උනුසුමක් දැනෙනකොට බාගෙට නින්දේ හිටියමන් දඩ බඩ ගාලා නැගිට්ටා....මට හොදට මතකයි මං ඊයේ රෑත් හිටියේ බැල්කනියේ කියලා....අච්චර වැහැලත් මං ඇතුලට ආවේ නෑ....ඒ උනාට කොහොමද මං දැන් ඇදේ ඉන්නේ....ආයිශ්....එතකොට මෙච්චර වෙලා මං දැකලා තියෙන්නේ හීනයක්ද...නෑනේ..එහෙම වෙන්න බෑනේ....බෝබෝ ඇත්තටම ඒ කොල්ලා එක්ක යාලු උනානේ....මගේ ඔලුව හොදටම විකාර උනා....එකකට එකක් ගැලපෙන්නෙ නැති විකාර සිතුවිලි ගොන්නක් හිත ඇතුලේ පොරකනකොට මං කොට්ටේ අරන් ඒකෙන් මුලු ඔලුවම තද කර ගත්තා....උදේ පාන්දර මට දෙකොන මාරු වෙනවනේ අප්පා....එක්කෝ මට මතක නැතුවට මං කාමරේට එන්න ඇති....ඔහෙ ඕනේ එකක්....තනියම කියව කියව නැගිට්ට මං එහෙමම ගිහින් ශවර් එක යටින් හිට ගත්තා.....කල්පනාවේ තරමට සීතලම සීතල වතුර ඔලුවේ ඉදන් පහලට තෙමාගෙන ගියත් මට ගානක් උනේ නෑ....අනේ මන්දා මට දැන් නම් ඇත්තටම පිස්සුද කොහෙද....

                      ශවර් එක යටට වෙලා මං රෑ කාමරේට ගියේ කොයි වෙලාවෙද කල්පනා කර කර හිටිය මට බොද උනු රූප පෙලක් මැවිලා පේනකොට මාව එහෙමම බිම ඉන්ද උනා....

" චාන්ගා....අනේ චාන්ගා...ඇයි මේ....මට කියන්න ඇයි මෙහෙම උනේ...."

" බෝ...බෝ...I...love...yo....." නෑ නෑ ඒක වෙන්න බෑ....බෝ කොහෙද මෙහෙ එන්නේ....මං දැක්ක හීනයක්ද කොහෙද....

                    මගේ ඔලුව තවත් විකාර වේගෙන එනකොට මං බාගෙට නාගෙන ආයෙමත් කාමරේට එන්න ආවා....හිතලා හිතලම මට ඊයේ රෑ බෝබෝ මාව බලන්න ආවා කියලා රූප රාමු මැවි මැවී පේනකොට මගේ ඇතුලාන්තේ මටම හිනා උනා....මං දැන් දවල් හීනත් දකිනවා ඇත්ත වගේ....බෝ බෝ මාව බලන්න එන්නෙ කොහොමද එයා ඉන්නේ එයාගේ ආදරවන්තයා එක්ක ගොඩක් දුරනේ....අන්තිමට ඒක හීනයක් කියලා මගේ හිතට තේරුම් කරවලා දුන්න මං මොකුත් නොවුනා වගේ මගේ සුපුරුදු රාජකාරි ටික කරන්න ගියා....

  *RING*

*RING*

                  හ්ම්ම්ම්...අදත් වෙනදා වෙලාවටම මගේ ෆෝන් එක ring වෙනවා...වෙන කවුරුත් නෙමේ එයාගෙන්ම තමා....මේ කොල්ලට ඇයි බැරි මට කෝල් නොකර ඉන්න....මං හිතන්නේ එයාගේ bf එක්ක කතා කරනවට වඩා මං එක්ක කතා කරනවා ඇති....

DREAMY EYES (Short Story) Completed Where stories live. Discover now