-02-

486 142 36
                                    

ඇගට දැනුන සීතලත් එක්ක මං ඇස් ඇරියා....එක පාරට නිකන් වට දහයක් කරකවලා උස බිල්ඩිමකින් පහලට අතෑරියා වගේ හැගීමක් එක්ක මං වටේට ඇස් කරකවනකොට මාව දාලා ගිහින් හිටිය පියවි සිහිය ආයේ මාව හොයන් ආවා....මං ඒ වෙනකොටත් හිටියේ බැල්කනියේ....හොදටම වහිනවා....වැහි පොද ඇගට වැටෙන සීතලට මට ඇහැරිලා තියෙන්නෙ....හ්ම්ම්ම්ම්....ඉබේම සුසුම් පිට වෙනවා....මට මං ගැනම දුකයි....රෑ කීයටද මන්දා බැල්කනියට ආව පාර මට එහෙමම බිම නින්ද ගිහින්....මේක මට දැන් මාස ගානක ඉදලා පුරුදු වෙලා....හැමදාම රෑට තරු දිහා බලන් ක්දුලු පෙර පෙර ඉදලා උදේට සීතලට ගල් වෙලා බැල්කනියෙන් නැගිටින එක මට පුරුද්ද්කට ගිහින්....අදත් ඒ වගේ දවසක්....මං හිතන්නේ දැන් පාන්දර වෙලා ඇති....සීතලයි....හිමින් නෙමේ මහ හය්යෙන් වහිනවා...දැනටමත් මාව බාගෙට තෙමිලා....වැස්ස අතරිනුත් අහස දිහා බැලුව මාව ආයෙමත් මගේම සිතුවිලි අතරේ අතරමන් උනා....

" චාන්ගා...මං එදා ඔයා කිව්ව දේ ගැන ගොඩක් හිතුවා...."

" ම්ම්ම්ම්...ඔයා තීරනයක් ගත්තද බෝබෝ "

" ඔව් චාන්ගා මන්....මං එයාට කැමතියි....මං එයාට අවස්ථාවක් දීලා බලන්න හිතුවා...."

" සතුටින් ඉන්න බෝබෝ " එදා මං බෝබෝට එයා පස්සෙන් එන කොල්ලට අවස්ථාවක් දෙන්න කිව්වත් මං හිතුවේ නෑ එයා ඇත්තටම එහෙම කරයි කියලා....මට හය්යක් තිබුනෙත් නෑ මං බෝබෝට ආදරෙයි කියන්න....ඉතිම් අන්තිමට මං එදා ඒ උකුසු ඇස් දැක්ක මොහොතේ නතර වෙනකොට බෝබෝ එයාගේ ආදරවන්තයා එක්ක ඉස්සරහට ඇවිදන් ගියා.....එදා බෝබෝ අන්තිමට මාව හම්බ වෙන්න ආව දවසේ කියලා ගිය වචන තාමත් මගේ කන් ඇතුලේ දෝන්කාර දෙනවා වගේ...සැරින් සැරේ ඒවා මට ඇහෙන්න ගන්නවා....

" චාන්ගා දන්නවද මට ඔයා ගැන අමුතුම හැගීමක් හිතේ තියෙන්නේ...ඒක නම් කවදාවත් නැති වෙන එකක් නෑ..."

                    බෝබෝත් මට ආදරේ කරලද....නැත්නම් ඒක යාලුකමද....එහෙමත් නැත්නම් යාලුකමත් නොවෙන ආදරෙත් නොවෙන හැගීමක්ද....මං ආදරෙයි කිව්ව නම් බෝ බෝ මං ලග ඉදීවිද....මට හිතා ගන්න බෑ...

                   බෝබෝගේ කටහඩ මගේ ඔලුව ඇතුලේ දෝංකාර දෙනකොට මං අත්වලින් කන් දෙක වහගෙන බිම වකුටු උනා...මට මේක දරා ගන්න බෑ....මට...මට බෝබෝව ඕන...මට එයාව බදා ගන්න ඕන...මට එයාට තුරුල්වෙන්න ඕන....මට එයාව කිස් කරන්න ඕන....මට ඒ පපුවට ඔලුව තියන් නිදා ගන්න ඕන....

               බෝබෝ ඉන්න තැනකින් ආපහු එන්න....ඔයාගේ චාන්ගට ඔයාව ඕන මැනික...මට මේක දරා ගන්න බෑ....අනේ රත්තරන් ආපහු එන්න...මට පිස්සු හැදෙයි බෝබෝ...මාව මැරෙයි මැනික...අනේ ආපහු වරෙන්....මං ලගට වරෙන් බෝබෝ....

                  දරා ගන්න බැරිම තැන මං කෑ ගහලා ඇඩුවා...එයාට ඇහෙන්නේ නෑ කියලා දැන දැනම මං එයාට කතා කර කර කෑ ගගහා ඇඩුවා....හැමදාමත් වගේ සීතල ටයිල් පොලවේ ගුලි වෙලා මං කෑ ගගහා අඩනකොට අයිස් වගේ වැහි බිංදු මාව දියකරලා දැම්මා....

  "බෝ...බෝ....I..lo..ve..you..."

************************************

ඉවරායි.....ඔව් ඔව් ඉවරයි....සෑඩ් එන්ඩින් තමා...🙂🙂 බැනලා හරි කමෙන්ට් එකක් දාන් යන්නලා....ඉවරයි කිව්වට ඉවරමත් නෑ...තව සූටි කෑල්ලක් තියෙනවා හෙට දෙන්නම් ගයිස්

DREAMY EYES (Short Story) Completed Where stories live. Discover now