😎14🖤

273 33 6
                                    

කෑම කාමරේට මම මුලින්ම ගියා නම්ටන් අම්මලා එක්ක කියවනවා තාත්තලා එයාලගෙ කතා මගෙ ආදරේ වෙන කෙනෙක් එක්ක... මම මෙතන තනියම.

කෑම මේසෙ ඉදගෙන ඉන්න එක එක විදි හොයනවා මගෙ හිත කලබලයි මම එහාට මෙහාට කැරකෙනවා...

'දඩාස්....'

"අනේ මගෙ කොන්ද" මම කොන්දත් අල්ලන් නැගිටිද්දී පුටුවේ අණ්ඩ කැඩිලා. මම යහතින් එකම මදැයි...

"අනේ අනේ මේ පොඩි එකා මගෙ මේ සැරේ පුටු ටිකත් කඩන්නද යන්නෙ ආ...." නිව් ගෙ අම්මා ඇවිත් මගෙ කොන්ද අත ගාන ගමන් කියනවා. කාමරෙන් නිව් එළියට ඇවිත් පුටුව අරන් ගබඩා කාමරේට ගියා.

ටික වේලාවකින් කෑම ටික කාමරේට එද්දී පුටුවත් හදාගෙන නිව් ආවා. මට කතා කරන්න ඕනේ ඒත් මම මොකක්ද අහන්නෙ ඇයි මාව සෙල්ලමකට ගත්තේ කියලා අහන්නද?

"ටේ මගෙ පුතා හොදට කන්න ඕනේ දූ නම්ටාන් තව බෙදා ගන්න..." නිව් ගෙ අම්මා අපිට කියනවා. ඒ ටිකම අපේ අම්මා නිව් ටයි යීවා ටයි කියනවා. දෙයියනේ මේ පවුලේ සහජීවනේ මට එපා වෙනවා. කල්පනාවෙන්ම ඉන්න ගමන් දන්නෙ සුප් එකට මට දීලා තිබ්බ හැන්ද වැටුනා කියලා

"ගනන් ගන්න එපා මෙයා ඔහොම තමයි..." අපේ තාත්තා කියද්දී ලොකු හැන්දකින් මගෙ හැන්ද අරන් එළියෙන් තිබ්බ නිව් අලුත් එකක් මට දුන්නා. එත් වචනයක්වත් කතා කරේ නෑ.

"මොකද අනේ ඔය දෙන්නා මේ ගොළුවෝ වගෙ..." යී වා ඇහුවාම අපි දෙන්නම දෙන්නා දිහා බැලුවා.
"මෙයාලා ඔහොම තමයි... නිකන් හතුරෝ වගෙ..." අපේ තාත්තා කියනවා.
"නෑ මේ දෙන්නා එකතුයිනේ..." අපේ කට්ටිය මූණෙන් මූණ බලාගද්දී නිව් යී වාට මාලු කෑල්ලක් සුද්ද කරලා කැව්වා... දැන් මට ඉවසන්නම බැරි වුනා.... මම කෑම මේසෙන් නැගිට්ටා.

"මොකක්ද ටේ ප්‍රශ්නේ..."
"කන්න බෑ තාත්තා උදේ ඉදන් බඩ හරි නෑ..."
"ඉතින් ඇයි නැගිට්ටේ..."
"වොශ් රූම් එකට යන්න..." මම එහෙම කියද්දී රවන බැල්මක් තාත්තා දැන්මත් මුකුත්ම නොකියා හිටියෙ නිව්ගෙ තාත්තා නිසයි. මම ෆෝන් එක අරන් යන්න හදද්දී මගෙ ෆෝන් එක බිම වැටිලා කවර් එක ගැලවුනා...

"ඉතින් මගුලක්..." මම තවත් හයියෙන් එකට පයින් ගහලා වොශ් රූම් එකට ආවා...

You make my heart smile 🖤😎 (Complete)Where stories live. Discover now