තොරතුරු සියල්ලම අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදි. සියලුම හිමිකම් හා අයිතීන් අදාල කතුවරු සතු වේ.
Requested by - Aro_3456_
ඩෝල් අයිලන්ඩ් - මෙක්සිකෝ
මේ දූපත ඩෝල් අයිලන්ඩ් කියලා තමයි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. Xochimilco අසල මෙක්සිකෝ නගරයට දකුණෙන් පිහිටලා තියෙන ඇළ මාර්ගය අසල තියෙන දූපතක් කියලා තමයි සඳහන් වෙන්නේ. මේ දූපතේ මැරුණු , දිරාපත් උනු ගස් වල වගේම අතු වලත් ක්‍රීපි ලුක් එකක් තියෙන බෝනික්කන් එල්ලලා තියෙනවා කියලා සඳහන් වෙනවා.
මේ දූපතේ බෝනික්කන් සම්බන්ධයෙන් ගත්තම එක කතාවක් තියෙනවා. දොන් ජූලියන් කියලා මනුස්සයෙක් විසිවන සියවසේ මැද භාගයේ තමන්ගේ පවුල අතෑරලා මේ දූපතේ පදිංචියට ගිහින් තියෙනවා.. ඒ ගැන හරියටම හේතුවක් දක්වලා නෑ.. එක එක ලිපි වල එක එක දේවල් සඳහන් වෙනවා.. හරියට ජූලියන්ගේ මානසික තත්වය හොඳ නෑ වගේ දේවල්..
ඉතින් දවසක් මේ ජූලියන් දූපතේ වෙරළ තීරයේ ඇවිදිද්දි ඔහුට මිය ගිය දැරියකගේ සිරුරක් ලැබිලා තියෙනවා.. ඔහු ඒ බව අනිත් අයට දැන්වුවත් ඒ අය හිතලා තියෙන්නේ ජූලියන් මවාගත්ත යමක් බව.. ඒත් මේ දැරියගේ මරණෙන් ටික කාලෙකට පස්සේ බෝනික්කෙක් හම්බවෙලා තියෙනවා මේ ඇළ මාර්ගයෙන්. ඒ බෝනික්කගේ පෙනුම හරියටම මිය ගිය දැරිය වගේ කියලත් සඳහන් වෙනවා. ඉතින් මේක නරක සලකුණක් කියලා තේරුම් ගත්ත ජූලියන් මේ බෝනික්කා ගහක එල්ලලා තියෙනවා දැරියගේ ආත්මය සන්සුන් කරවන්න.
ඒත් ජුලියන්ට දිගින් දිගටම මේ බෝනික්කන් හම්බවෙලා තියෙනවා ඇළ මාර්ගය දිගේ.. ඒවා කොහෙන් ආවද කියලා සටහනක් මූලාශ්‍ර වල සඳහන් වෙන්නේ නෑ.. සමහර බෝනික්කන් හරිම විකෘති පෙනුමක් තමයි තිබිලා තියෙන්නේ.. නමුත් ජුලියන් ඒවා පිරිසිදු කිරීමකින් තොරවම ගස් වල එල්ලලා තියෙනවා..කාලයක් යද්දි මුලු දූපතේම ඔහු එහෙම බෝනික්කන් එල්ලුවා කියලා සඳහන් වෙනවා..
ඒ වගේම කාලයක් යද්දි ජූලියන් ඒ දූපතේම මිය ගිහින් සිටියදී හමුවෙලා තියෙනවා පිරිසකට.. එක් මූලාශ්‍රයක සඳහන් වෙනවා මරණයට හේතුව හෘදයාබාධයක් කියලා සටහන් වෙනවා.. කොහොම නමුත් ඔහුගේ පවුලේ අය සඳහන් කරලා තියෙනවා ඔහුගේමරණය ඔහුට කාලෙකට කලින් හම්බුනා කියන දැරියගේ මළ සිරුරට සමාන බවත් ජූලියන්ගේ මල සිරුර ඒ ස්ථානයේදිම හමු උන බවත්.
වර්තමානයේ සංචාරයකන් බොහෝ දෙනා බෝනික්කන් දූපතට නරඹන බවත් සමහරක් තවමත් එහි ආත්මයන් හෝ අද්භූත බවක් තියෙන බව සඳහන් කරලා තියෙනවා.
Ps. සමාවෙන්න කල් ගියාට... 🙂#Nim
YOU ARE READING
SULUBUL ART GALLERY
Non-FictionHah hah don't add this to your list or library.. This will be a some kind of journal , book reviews etc. Aash.... This is what i always wanted to do....!!!! #Nim