Cecil Hotel
Requested by JeonJikook11
මූලාශ්‍ර මගින් උපුටා ගන්නා ලද තොරතුරු අනුව ලියන ලද්දකි.. තොරතුරු වල අයිතිය මුල් අයිතිකාරුවන් සතුවේ..
මේක ලොස් ඇන්ජලීස් වල තියෙන නිවාස සංකීර්ණයක් ( අපාර්ට්මෙන්ට්ස් ) මේක 1924දි හොටෙල් එකක් බවට පත් කලා කියලා කියනවා. 2012 දි මේක ස්ටේ ඔන් මේන් කියලා නම් කරලා තියෙනවා.. මෙහි කාමර 700ක් හා තට්ටු 14කින් යුක්තයි. මේකේ සියදිවි හානි වීමි සහ මරණ බොහොමයක් වෙලා තිබෙන බව සඳහන්.. මේ හොටෙල් එක 2021 දී නිවාස සංකීර්ණයක් බවට පත් කරලා තියෙනවා.
පළමු ලේඛනගත සියදිවි නසා ගැනීම සිදු වූයේ 1927 ජනවාරි 22 වන දින සන්ධ්‍යාවේදී, 52 හැවිරිදි පර්සි ඔර්මන්ඩ් කුක් තම බිරිඳ සහ දරුවා සමඟ සමාදාන වීමට අපොහොසත් වීමෙන් පසු ඔහුගේ හෝටල් කාමරය තුළ සිටියදී හිසට වෙඩි තබාගෙන සියදිවි නසාගැනීමයි..මීළඟ වාර්තාගත මරණය 1931 දී සිදු වූයේ ආගන්තුකයෙකු වූ ඩබ්ලිව්කේ නෝටන් වස කරල් ගැනීමෙන් පසු ඔහුගේ කාමරය තුළ මිය යාමයි. 1940 ගනන් සහ 1950 ගනන් පුරා, Cecil හි සියදිවි නසාගැනීම් වැඩි විය. ඒ විතරක් නෙමේ මේ හෝටලේ ගොඩාක් මිනීමැරුම් හා අපරාද වලට, ඒ වගේම ප්‍රසිද්ද serial killers ල නවාතැන් ගෙන අපරාද කරපු තැනක් විදියට ප්‍රසිද්ධයිලු
මෙහි පදිංචිව සිටි කැනේඩියානු ශිෂ්‍යාවක් වන එලිසා ලැම්ගේ නිරීක්ෂණ වගයක් ගැනත් සඳහන් වෙනවා.. කොහොම උනත් එයා අතුරුදහන් වෙලා තියෙනවා.. එයාගේ නිරීක්ෂණ වල හෝටලයේ සෝපානය තුළ නොසන්සුන් ලෙස හැසිරීම වීඩියෝ කරලා තියෙනවා කියලත් සඳහන්...වීඩියෝවේ දැක්වෙන්නේ ලැම් නැවත නැවතත් විදුලි සෝපානයේ බොත්තම් එබීම, සෝපානය තුළට සහ ඉන් පිටතට ඇවිදීම සහ යමෙකුගෙන් සැඟවීමට උත්සාහ කරන ආකාරයයි.
ලැම් අතුරුදහන් වීමට ටික කලකට පෙර එය පටිගත කර තිබේ. පසුව, අමුතු රසැති ජලය සහ අඩු පීඩනය ප්‍රදේශවාසීන්ගේ පැමිණිලි මත ඇගේ නිරුවත් සිරුර හෝටල් වහලයේ ජල සැපයුම් පොකුණක තිබී සොයා ගෙන තිබේ... නමුත් ඇය ජලාශයට ඇතුළු වූ ආකාරය තවමත් අභිරහසක්...
ලැම් නැවතී සිටි තට්ටුව ආරක්ෂිත දර්ශන නොමැති තට්ටුවක් වූ අතර, ලැම්ගේ සහෝදරිය ලැම් එයාගේ බෙහෙත් බොන්නේ නෑ කියලා රහස් පරීක්ෂකයින්ට හෙළි කරන තෙක් ඇගේ මරණය මිනීමැරුමක්ද යන්න අවිනිශ්චිත විය. හෝටලයේ ඉතිරිව තිබූ ඇයගේ දේපළ අතර බෙහෙත් වගයකුත් තිබිලා තියෙනවා..ලැම් උග්‍ර bipolar disorder එකකින් පෙළෙන බව හඳුනාගෙන තිබුණි .. මේ අනුව, සෝපානය මත ඇයගේ අවිධිමත් හැසිරීම මායාව නිසා ඇති වූවක් බවට පොලිසිය තීරණය කළ අතර, ඇය අනතුරකට ලක්ව ඇතැයි විශ්වාස කරමින් ඇයම ටැංකියට ගොඩ වී ඇති බව උපකල්පනය කර තිබේ..
එතකොට ලැම්ගේ මරණය සූසයිඩ් එකක් කියලා කිව්වත් සමහර මූලාශ්‍ර වල තියෙන දේවල් මටත් පැහැදිලි නෑ..
මේ ගැන ෆිල්ම් එකක් තියෙනවා..
Crime Scene: The Vanishing at the Cecil Hotelමේචර් කන්ටෙන්ට්ස් තියෙනවද කියලා නම් මට මතක නෑ හැබැයි.. මේකේ එලීසා ලැම්ගේ අභිරහස් මරණය ගැන තමා තියෙන්නේ
Ps. හොරර් , ක්‍රයිම් , ත්‍රිලර් මූවී රෙකමන්ඩේශන් ඕනේ නම් මං ලඟ ලිස්ට් එකක්ම තියේ 🤭
YOU ARE READING
SULUBUL ART GALLERY
Non-FictionHah hah don't add this to your list or library.. This will be a some kind of journal , book reviews etc. Aash.... This is what i always wanted to do....!!!! #Nim