Hikiko San

132 22 9
                                    

උපුටාගැනීමකි

හිකිකො-සන්ගේ පුරාවෘතය

හිකිකෝ යනු ඇගේ දෙමව්පියන් විසින් ශාරීරිකව හිංසනයට ලක් කළ දැරියකි.ඒ පහරදීම් කොතරම් දරුණුවීද යත් එමගින්  ඇයගේ ශාරීරය  විරූපී වීමකට ලක්විය.මේ නිසා නිරතුරුවම වාගේ ඇය ඇගේ පංතියේ ළමයින් අතින්  විහිළුවට ලක්විය. ඇගේ ගුරුවරුද ළමයින්ගේ හිරිහැර කිරීම් වැළැක්වීමට කිසිවක් නොකල අතර පන්තිකාමරයේදී හිකිකෝ සමඟ ඉතා තදින් කටයුතු කළහ.

පුරාවෘතයට අනුව මෙතැන් සිට,මෙම කතාවට අනුවාද දෙකක් තිබේ.කෙටි අනුවාදයට අනුව පැවසෙන්නේ හිකිකෝ සියදිවි නසා ගත් බවයි.දිගු අනුවාදය අනුව පැවසෙන්නේ එක් දිනක් ඇය පාසල අවසානයේ පංතියෙන් නිවස බලා යාමේදී ඇයට පූස් පැටියෙකු සම්බවී එම පැටවා රැකබලා ගැනීමට පටන් ගත් බවයි.ඇය සෑම දිනකම පූස් පැටවා ආදරයෙන් රැකබලා ගෙන ඇත්තේ එම පැටවාට ආහාර ගෙනැවිත්දී කුඩා කාඩ්බෝඩ් පෙට්ටියක තබා ගනිමිනි.දිනක් පාසලේදී හිකිකෝට කරදර කරන අයගෙන් තුන්දෙනෙක් ඇය සතුටින් සිටින්නේ ඇයි දැයි සොයා බැලීමට සිත්වී පාසල අවසානයේ ඇය පසුපස හොරෙන්ම ගියහ.ඇය තමන්ට හමුවූ පූස් පැටවාට ගෙනා කෑම කවමින් හුරතල් කරනා අන්දම ඔවුන් සැඟවී බලා සිටියහ.ඊළඟ දවසේ හිකිකෝ සුපුරුදු පරිදි පූස් පැටවා බැලීමට ගිය විට පූස් පැටවා අතුරුදහන්ව තිබිණි.ඒ වෙනුවට,“ඔබට පූස් පැටවා පණපිටින් දැකීමට අවශ්‍ය නම් ගුරුවරුන්ගේ වාහන නැවතුම්පොළට එන්න” යනුවෙන් තමන්ට හිරිහැර කරන්නන්ගේ සටහනක් ඇය එතැන තිබී සොයා ගත්තාය.

ඇය වාහන නැවැත්වීමේ ස්ථානයට ගිය විට,එම ළමයින් පූස් පැටවාගේ ගෙල වටා කඹයකින් බැඳ ගුරුවරයකුගේ මෝටර් රථයකට තබා බැඳ ඇති බව ඇයට පෙනී ගියාය.ඒ සමඟම අදාල වාහනය අයිති ගුරුවරයා පාසල් ගොඩනැගිල්ලෙන් පිටව ගොස් පූස් පැටවා තම රථයට තබා බැඳ තිබෙනවා නොදැන මෝටර් රථයට ගොඩ වී මෝටර් රථය පණ ගැන්වූයේය. හිකිකෝ පූස් පැටවා ආරක්ෂා කිරීම සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක විය.ඇය කඹයේ එල්ලුන අතර පසුව පූස් පැටවා තම සිරුරෙන් ආවරණය ගෙන ආරක්ෂා කිරීමට කටයුතු කළාය.අවාසනාවකට මෙන් ගුරුවරයා සිදුවන්නේ කුමක්දැයි වටහා ගැනීමට පෙර තම පූස් පැටවා රැක ගැනීම පිණිස තම සිරුරෙන් ආවරණය කරගෙන සිටි හිකෝගේ ශරීරයත් බිමදිගේ ඇදගෙන තම මෝටර් රථය කිලෝමීටර් කිහිපයක් ධාවනය කොට තිබුනේය.ගුරුවරයා අවසානයේ මෝටර් රථය නැවැත්වූ විට,පූස් පැටියාගේ ජීවිතය බේරී තිබුනේ හිකිකෝ ඇගේ සිරුරෙන් ඔහුව ආරක්ෂා කර ගෙන තිබූ බැවිනි. නමුත් කනගාටුවට කරුණක් නම්, හිකිකෝගේ සිරුර කිලෝමීටර් කිහිපයක් පමණ බිම දිගේ ඇදගෙන යාම නිසා ඒවන විටත් ඇය මිය ගොස් තිබුනාය.

මෙම පූස් පැටවාගේ සිදුවීමෙන්,දින දෙකකට පසුව,හිකිකෝට හිරිහැර කෙරූ තිදෙනා මියගොස් සිටියහ.මෙම අනුවාද දෙකටම අනුව, හිකිකෝ පළිගැනීමේ චේතනාව සහිත ආත්මයක් ලෙස ජපන් පාසල් හරහා ඇවිද යන්නේ අහිංසක ලමයින්ට හිරිහැර කරන්නාවූ අයව මරා දැමීමට හෝ ඔවුනට දඬුවම් කිරීමටය. සමහරක් වේලාවට ඇය කිසිම හේතුවක් නොමැතිව ඔවුන් මරා දමයි.නිදසුනක් වශයෙන්,හිකිකෝ දුටු බව පොලිසියට පැවසූ සමහර දරුවන් පසුදා මියගොස් සිටියහ.

හිකිකෝව විස්තර කර ඇත්තේ සුදු පැහැති ගවුමක් ඇඳ සිටින,දිගු, කළු හිසකෙස් ඇති ගැහැණු ළමයෙකු ලෙසය.දැන් ඔබට මෙම විස්තරය හුරුපුරුදුයි නේද?හිකිකෝ ජීවත්ව සිටියදී ඇයගේ නම “සඩාකෝ” යැයි කටකතාවල පැවසේ.

** Bonus **- හිකිකෝගේ මෙම පුරාවෘතය ඇසුරෙන් “THE RING” චිත්‍රපටය 2002 වර්ෂයේදී නිර්මාණය කෙරිණි.

උපුටාගැනීම අවසන්.. සියලුම අයිතීන් මුල් අයිතිකරු සතු වේ..

ද රින්ග් කියන එක මරු😌❤️ බලන්න 🤭
හෑව් අ ස්වීට් ඩ්‍රීම් ගර්ල්ස්😌❤️

ද රින්ග් කියන එක මරු😌❤️ බලන්න 🤭 හෑව් අ ස්වීට් ඩ්‍රීම් ගර්ල්ස්😌❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
SULUBUL ART GALLERY Where stories live. Discover now