.
.
.
.
.
.
.
එයාලගෙ ජීවිතේ තවත් වැදගත්ම එකදවසක් උදාවෙලා තිබුනෙ. හැමෝම ලහි ලහියෙ සූදානම් වෙම්න් හිටියෙ මේ දවස වෙනුවෙන්. කොච්චර ලෑස්තිවෙලා හිටියාඋනත් හැමදෙ නාගෙම හිතේ බලාපොරොත්තුවක් වගේම ලොකු බයක් තිගැස්මක් රැදිලා තිබුනා.
මොකද මේ රෑ එයාලට මහ හුගක් වටින නිසා. 64 වෙනි ඇකඩමි සම්මාන උලෙල. එහෙමත් නැත්නම් ලෝකෙ සංගීතකලාව ඇතුලෙ ඉන්න හැමදෙනෙක්ගෙම හීනයක් වුනු ග්‍රැමී සම්මාන උලෙල.
උදේ ඉදන් තිබුනු පෙර පුහුනුවෙන් පස්සෙ හැමෝම සූදානම් වෙන්න පටන්ගත්තා.හැමෝටම හිටියෙ ගොඩක් කලබලෙන් . ඒකට හේතු ඕන තරම් තිබුනා. පහුගිය සතියක් පුරාම ජන්කුක් නිරෝදායනයට ලක්වෙලා, හෝබි නිරෝදානය අවසන් කරලා ඇමරිකාවට ආවෙ කලින් දවසෙ, ඒ හැමදේටම වඩා ජින්හ්යුන්ගෙ තාමත් හොදටම හොදවෙලා නැති අත එක්ක එයාට පෆෝමන්ස් එක කරන්න පුලුවන් වෙයිද කියන දේ.. මේ හැමදේම එක්ක හැමෝම බයෙන් හිටියෙ තමන්ගෙ අතින් පොඩි හරි අඩුවක් වේවිද කියලා .
හැමෝටම එහෙම පීඩනයක් තිබුනා වුනත් ජන්කුක්ගෙ හිතට වෙනමම පීඩාවක් ගෙනත් තිබුනෙ රෑට තියෙන පෆෝමන්ස් එකේ ස්ක්‍රිප්ට් එක.ඒත් ජන්කුක්ට ඒකට ඉඩ දෙන්නම සිද්දවෙනවා.
~
කාලය ගෙවිලා ගිහින් අවසානෙ හැමෝම පිටත්වුනේ සම්මාන උලෙල පවත්වන MGM Grand Garden Arena වෙත. හත්දෙනාම පුදුමාකාර විදිහට සූදානම් වෙලා තිබුනා. එකකට එක්කෙනෙක් පරදින්නෙ නැතිව ප්‍රින්ස්ලා හතක් වගේ රතු පලස දිගේ ඉදිරියට ඇවිදගෙන ආපු හත්දෙනා මාධ්‍යවේදීන් ඉදිරියේ පින්තුරවලට පෙනී හිටියා.
ඊටත් පස්සෙ එයාලගෙ ඉන්ටර්වීව් එක තිබුනෙ. එතනදි අහන ප්‍රශ්න වලින් එකක් විදිහට එයාලගෙන් ඇහුවෙ dream collaboration එක කරන්න කැමති කාත් එක්කද කියලා .හැමෝම තම තමන්ගෙ හිතේ තියෙන කැමැත්ත ප්‍රකාශ කරද්දි ටේහ්‍යුන්ගෙ කටින් පිටවුන වචනෙත් එක්ක ජන්කුක්ගෙ හිත නම් පුදුම විදිහට ගැහෙමින් තිබුනෙ. දවස තිස්සෙම ටේහ්‍යුන් ගැන ඇස් රවදවගෙන බලන් ඉන්න ජන්කුක්ට ටේ ගෙ එක වචනෙකට උනත් හිත රිදෙන්න මහ කාලයක් යන්නෙ නෑ.
ඒ හැමදේකටමත් පස්සෙ තිබුනෙ පෆෝමන්ස් එක. හැමදේම පිටපතේ විදිහට සූදානම් වෙලා තිබුනා. ඒ පෆෝමන්ස් එක පටන් අරන් පලවෙනි විනාඩියේදිම ජන්කුක්ගෙ හිත ආයෙමත් රිදෙන්න ගත්තෙ ස්ක්‍රිප්ට් එකට උනත් ටේහ්‍යුන්ග් ඔලීවියාට කිට්ටුවුන තරම ඕනවට වැඩී කියලා ආයෙ ආයෙම හිතුන නිසා. ඒක රගපෑමක් කියලා දැන දැන උනත් ජන්කුක්ට ඒකෙන් මහ ගොඩක් රිදුනා , මුලු හිත පුරාම ඉරිසියාවක් ගලන් යද්දී එතනින් එහාට තිබුනු හැම මොහොතකම ජන්කුක් ටේහ්‍යුන්ගෙ ලගින් දශමයක් වත් ඈත්වෙන්න කැමතිවුනේ නෑ. ස්ටාෆ් එකේ අය කොච්චර එයාලව අයින්කරන්න හිතුවත් ඒක ලේසිවුනේ නෑ. ඒ නිසාම හැම අතටම වදින කැමරා අතරෙ ඒ මොහොතවල් ලස්සන චායාරූපගත වෙලා තිබුනා.

YOU ARE READING
𝐌𝐈𝐋𝐋𝐈𝐎𝐍 𝐑𝐄𝐀𝐒𝐎𝐍𝐒 | 𝐕𝐊𝐎𝐎𝐊
Romanceall I can say is.... I love you ♡ HAPPY TAEKOOK DAY ♡ #taekookday ‼️💚💜️