උදැසන හිරු එලිය පොලවට පතිත වි මද වෙලාවක් ගත උව පමණි.. මාර්ගය මිනිසුන්ගෙන් පිරි ගියේ ඇගිල්ලක් වත් ගැසීමට නොහැකි ලෙස..නමුත් එක වරම සියලු දෙන පසෙකට උහ..
මාර්ගය මැදින් ගියේ කාල වස්ත්ර දාරියේක්.. නොවේ දාරීනියක්... ඉහලට කර කොන්ඩේ බැද දකුණු ඇහිබැම වසමින් දැමු කෙස් ඇයගේ රව්ද්ර දෑසට බාදාවක් නොවුනි.. දිගු පාද තබමින් ඉදිරියට ඇදෙන ඇගේ සුරතේ රැදී තිබුනේ අසිපතක්.. ව්යාග්රයෙක් කොට තිබු එයට ඇගේ හස්තයෙදී ලැබුනේ ගාම්භීරබවක්..ඉන වට පැළදි පටියේද තිබුනේ කුඩා කිනිස්සකි.
" දුටුවාද? අදත් යනවා.. වනචර ගැනී.. බලහං ඒකිගේ හැටි.. කිසිම ලලිත්යක් නැහැ..." වටෙන් පිටේන් ඇසෙන්නේ ස්ත්රීන්ගේ කසුකුසුවයි..
ඔවුන් දෙසට කෝපය පිරි දෑස එල්ල කල ඕ එතනින් වේගයෙන් පිටව ගියා ය. නමුත් මද දුරක් ගොස් නැවතුනේ ඇසුණු කසුකුසු වක් නිසා.
"අහන්න ලැබුනද..?"
"කුමද්ද?"
"අර ප්රසිද්ද ව්යාපාරිකයා ඇමතිගේ දියණියව විවාහ කර ගෙන..!"
" කුමක්? නමුත් ඈ ඔහුට වඩා වසර දහයක් වත් ලාබාල ඇති.!"
"එසේය. එසේය. දුටුවාද ඈ නම් අගනා සුන්දරීයක්..!! අර හැතිරි මේඝා වගේ නොවේ..!!"
"එය නම් සැබෑ..!!"
අනෙක් මිනිසුන් තමාට නින්දිත ලෙස වදන් අමුනාන්නේ කීම කියා ඈ දනී.. සැමවිටම අසුබ වර්ණයක් ලෙස සලකන කාල වස්ත්ර හැද ගැහැණියකට නොඔබින ලෙස අසිපිතක් අත දරන සිරුරේ කැළැල් වලින් පිරි නිසා බව ඈ දත්ත ය. තවත් එතන නොරදේමින් ඈ පාද තැබුවා...
----------------------
"පිටව යන්න.."
"එහෙමය්.. "
තම ප්රධානියාට ආචාර කර මේඝා සෙමින් බරාදය දිගේ ඇවිද ගියා ය.. සැනින් ඇගේ කන වකුනෙ පාසලබ නදක්.. එය මිහිරි උවේය.. මේඝාට ත් නොදනී ඈ ඒ නාදය පසු පස ගියා ය..
මදක් ඉදිරියට ගිය ඇගේ පාද ගමන් කලේ කුටියකටයි.. ලා දම් පැහැ සේද සළු තිර දසත වනුනෙ රාත්රියේ සුලගටයි.. ඒ මේ අත වැනෙන සීනු හඩ අදනම් මේඝාගේ කනට සුන්දරයි.. නමුත් ඊටත් වඩා ඇගේ හදවත නතර වුයේ ඉදිරියෙන් ඇති රුවටයි..
ඒ ලදක් විය.. නමුත් නිරුවතින්.. ඈ තාලෙට පාද තබන්නේ ය.. ජලයෙන් පෙගී ගිය නිතබට දීග වරලසෙන් ජල බිදු වැටුනි.. තවමත් ඇගේ වතේ ජලයයි.. හිසේන් බේරී ඒවා පහලට ගල ගියේ මේඝාගේ දෑස සමගයි.. එකවරම ඒ රුවේ අයතිකරු හැරී බැලුව.. ඒ දෑස අතර මේඝා ට අතරමන් වීමට මොහොතක්වත් ගත නොවුනි. සමනල් තටු මෙන් විශාල ඇහිපිල්ලම්, සිහින් අක්බමරු,රෝස පැහැ තොල්... මේඝාට ඉරිසියා සිතුනේ ආගන්තුක තරුණියගේ තොල් මතින් රූටන ජල බිදු දැකයි.. කුටියේ දුලබ පහන් එළියෙන් මේඝාට එය පෙනුනේ ලොව ඇති සුන්දරම දර්ශනය ලෙසින්..
"ති කුමද්ද මෙහි කරන්නේ?? "
"උතුමනෙනි, මන්.. මේ... "
"ඈ මගේ උපකාරයට පැමිණියේ ස්වාමිනි.."
මෙවර නම් ඈ සළුවක් පටලගෙන..
"එසේද සොදුරිය.. කම් නොවේ.. මා ඔබ එන තෙක් රැදී සිටිනවා.. " යැයි පවසා ඔහු පිටව ගියේ මේඝා ආචාර කරන විටත් රැවීමට අමතක නොකරමින්..
"ඔබ තුමිය..."
"මා හට වරලස වෙලිමට උපකාර කරන්න.. "
"ඒ.. එහෙමය්.. "සළුවක් අතට ගත්තත් මේඝා එය කිරීමට නොදත්ත ය.අපහසුවෙන් එය කිරීමට පටං ගත්ත ය..
" අව්ව්..!"
"සමාවෙන්න උත්තමවියනි,... මන්... "
"කම් නැ.. මට පෙන්නේ ඔබ ඊට දස්කම් නොපෙන්වන බවක්.. ම්ම්ම්..?ඉදින් ඔබලු ඒ සියල්ලන්ම කතා කරන වීර මේඝා..? නොවේද? "
"වීර තිබේදයි නොදනී නමුත් එසෙය් මා මේඝා උත්තමවියනි.!" මේඝා පිළිතුරු දුන්න ය.
"උත්තමවී අනවශ්යයි මේඝා...! මා අශාලා.. "
"නමුත්.. "
"නමුත් අනවශ්යයි..!!"
මේඝාගේ තොල් අතර සිනාවක් ඇදුනි.

BẠN ĐANG ĐỌC
ඇහැල මල් ( Completed )✔️
Phi Hư Cấuසමාජයට වනචර වූ ගැහැනියක්.. තමන් එකග නොවූ විවාහයක්... හදවතේ ගැඹුරෙන් හටගත් ආලයක්... ඇහැල ගහක් යට නැවතුන ජිවිතයක්..