- 02 -

357 42 2
                                        

මෙය සුන්දරයි. මා මෙය මිලදී ගන්නවා. එහි මිල? "

" කාසි 2යි කුමාරි " උදැසනම වෙලද විදියට ආ ආශාලා ගේ සිත ගියේ එහි තිබු ජෝඩු මාලයක්‌ වෙතයි.වෙලෙන්ද පිළිතුරු දුන් විට ඇ හිස වනා ගෙවීම කලා ය.

"මේඝා, " මග දුරක් ඇවිද අශාලා ඇමතුවේ තමාට පිටු පසින් එන මේඝා ටයි.

"කියන්න." සාමාන්‍ය ලෙස ආචාර බාෂාව ඈ භාවිත නොකළේ අශාලා විසින් පැනවූ නිතිය නිසා.

" ඔබ ඊට කැමතිද?"

" හ්ම් "ඇගේ අත තිබු මාල ජෝඩුව දෙස බලා මේඝා කෙටි පිළිතුරක් දුන් විට අශාලා කට උල් කර ගත්ත ය.

"අනේ කිමද මේ? මට හැගෙන්නේ එය සුන්දර නොමැති ලෙසයි. එම නිසා නොවේද ඔබ නුරුස්සමින් පිළිතුරු දුන්නේ? "

"නැත. එය සුන්දරයි.. අමනාප වීමට දෙයක් නොවේ කුමරි," තමාගේ අතින් වරදක් සිදු වූ ලෙසක යටහත් පහත්ව ඈ පිළිතුරු දුන්න.

අශාලා යමක් කීමට පෙර විදියේ සිටි ගැහැනුන්ගේ කසු කුසුවකින් ඔවුන්ගේ අවදානය එවෙතට ගත්ත.

"ඒ ඇයයි.. සුරුපි අශාලා, නමුත් අර හැතිරි මේඝා කුමද්ද ඇය සමග කරන්නේ?"

"මා දන්නේ නැ.. අහෝ බලන්න ඒකිව අශාලාගේ ආරක්ෂක පදවියට වැටිලාද?"

"තුක් විතරක්! එසේ නම් නොවේවා!"

"නවත්වා ගනු ඔය වාචාල කම් දේඩවීම!!" එකවරම කෝපයෙන් කෑගැසුවේ අශාලා ය.
ඇගේ හඩ නිසා කාන්තාවන් බිය වුණි.

"තොපි මොනාද ඔය කසු කුසු ගන්නේ? ආ? පවසනු? හැතිරි කව්ද?! නුබලා මෙලෙසද ඇයට කතා කරන්නේ?"

" ස-සමාවෙන්න අපට කුමාරි, නමුත්.. අප පැවසුවේ සත්‍යයි.. බලන්නකෝ. ඔබ තුමිට නොපෙනේද? ඇගේ හැටි! කිසිම ලලිත්‍යක්‌ නැහැ, සැමවිටම කාල වස්ත්‍ර දරනවා ඈ," ගැහැනියක් මේඝා දෙස අප්පිරියාවෙන් බලමින් කී විට ඇගේ කම්මුල හරහා සැර පහරක් වැදුනේ ඇය බිම වැටෙද්දී..

ඒ දර්ශනයේන් මේඝා උවත් ගැස්සි ගියේ ය.

"ති.., නැවත ඔය මුසල කටින් මේඝා ගැන අමන වදන් දේඩෙව්වොත් මා තිගේ දිව කපා දමනවා..! නුබ පමණක් නොව, තොපි සියලු දේනම.. නැවත මේඝාට විරුද්දව කතා දේඩෙව්වොත් මා බලා ගන්නම්.! ඇයි නුබලා ඇයට බනින්නේ? ඒ ඇගේ විදිහ.. මා නම් එහි කිසිදු වරදක් දකින් නැ. ඇය කඩුවක් දරන නිසාද නුබලා ඇයට බනින්නේ?නැත්තනම් කාල වස්ත්‍ර පළදින නිසාද? නමුත් නුබලා මොහොතකට සිතුවාද? නුබලට එය කිරීමට හැකි වග? සිතුවාද!!? නැනේ? එසේනම් නිහඩ වනු..!"අශාලාගේ දෑස රතු වි ගොස් තිබුණි. වේගයෙන් ඈ හුස්ම ගත්ත ය.

"කුමරි, නවතන්න එය.. මා හොදින්!"කුමරියට නොඔබින ලෙසින් අශාලා කතා කරද්දී මේඝා කතා කලා ය.

"නවත්තනු මේඝා! නුබට නැතිද වගක් මොවුන් ඔබ‍ට නොහොබිනා වදන් අමුණද්දී?"
පුදුමයෙන් මේඝාගේ ඇස් ලොකු උනේ ය. ඇයට පිළිතුරු දිගන්න වදන් පැමිණියේ නැත.

"කම් නොවේ. නමුත් අද පටං මෙය නැවත නොවිය යුතුයි!"කී අශාලා ඉවතට ඇවිද ගියා ය.

මේඝා ද ඇය පසු පස ගියා ය.

ඇහැල මල් ( Completed )✔️Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ