💜 Chapter 01 💜

1.2K 207 53
                                    

"මගේ මැණික දොයිය ගන්න..අද ඔම්මට භාර ගත්ත ඕඩර් එකක් තියෙනවා ඉවර කරන්න.."

සකුරාගේ පියයුරක් නින්දෙන් උරන පුංචි කෙලි පැටිට්කිගේ කටින් සකුරා හරි පරිස්සමට පියයුර ඉවත් කරේ පැයක විතර කාලයක් වෑයම් කරලා ඇහැ පියෙව්ව පොඩ්ඩි අවදි නොවෙන්නයි..

ඇද මැද්දට වෙන්න කොට්ට දෙක තුනකට මැදි කරපු චුටි පැටියාගෙන් කෙල්ල මෑත් වුනා..කඩා හැලෙන්න දාපු දිග කොණ්ඩේ අතේ අබරවලා සකුරා තද වෙන්න ගුලියක් ගහ ගත්තෙ දවස් දෙක තුනකින් අස් කරන්න බැරි වුන කුලියට ඉන්න කඩ කමාර කෑල්ල අස් පස් කරලා දන්න හිතාගෙන..

බිත්ති හතරකින් වටවුන කුඩා කාමර කෑල්ල තුළ වු සිමිත ඉඩ කඩේ සකුරා පුංචි පැටියාට නිදාගන්න පොඩි ඇදකුත් උයා පිහාගන්න තනි ගෑස් ලිපකුත් ,කෙල්ලගේ කේක් වැඩ කරගන්න ලෑලි මේසයකුත් ඉදගන්න පුටු දෙකකුත් තියාගෙන හිටියෙ තවත් අත්‍යවශ්‍ය ම සුළු-සුළු දේවල් කිහිපයක් එක්ක..

ගෙවුන සතිය පුරා එකදිගට වෙඩින් කේක් ඕඩරේකට හිරවුන සකුරාට පුංචි කෙල්ල එක්ක ගේ බිම අස් පස් කරගන්න වේලාවක් ලැබුනේ නැති තරම්..කොනක ඉදන් දුවිලි පිහලා ගේ අතුගා ගෙන ඇවිත් ඩස් පෑඩ් එකට එකතු කරගත්ත කුණු ටික බින් එකට දාපු කෙල්ල ලහි ලහියේ ගෑස් ලිප පත්තු කරේ පොඩි පැටියා නැගිටින්න කලින් දරුවාගේ කෑම එක හදාගන්න..

පොඩි පෑන් එකකට වතුර ටිකක් පුරවලා ලිප උඩින් තිබ්බ සකුරාට හිල්ලුනේ එළවළු අසුරපු කූඩෙ තුළ එක අල ගෙඩියක් විතරක් ඉතිරි වෙලා තියෙනවා දැකලා..

ලබන මාසෙට අවුරුද්දක් සාපිරෙන පොඩි පැටියාට කුස පිරෙන්න තරම් පෝෂණිය ආහාර වේලක් පිළිවෙළ කරගන්න එළවලුවක් ගේ හරියක නැති වෙද්දි අම්මා කෙනෙක් වුන සකුරාගේ ඇස්වලට ඉබේම කදුලු ඉනුවා..

"ඔම්මාට සමාවෙන්න මගේ මැණික "

තම්බ ගත්ත අල ගෙඩිය අතින් පොඩි කරන කෙල්ල මිමිනුවේ කිසිම සැප පහසුවක් නැති ඇද ඇතිරිල්ල උඩ සනිපෙට නිදන් ඉන්න කෙලි පොඩ්ඩ දිහා බොදවුන ඇස්වලින් බලාගෙන..

Flashback

"මට පොරොන්දු වෙන්න ඔප්පා... කවදාවත් මාව දාලා යන්නෑ කියලා.."

SAKURA🌸 ||KNJ|| (Completed✔️)Where stories live. Discover now