💜 Chapter 03 💜

787 186 41
                                    

පුංචි පැටියාගේ බන්ඩිය පුරවපු සකුරාගේ ඇස් අගිස්සේ කදුලු බිංදුවක් ඇදුනේ කාලෙකින් පැටියා රස කර කර කෑම ටික කාපු විදිය මතක් වෙලා..අම්මලා එහෙමයි දරුවෙක්ගේ පුංචි සතුටක් ඇති ඒ ඇස් බෝල කදුලින් තෙත් වෙන්න..

සීතයට කනාටු වෙලා ගිය ගස්වල පුංචි දළු දාලා මල් පුදින වසන්ත කාලය එළබෙන්න තිබුනේ තවත් සති දෙක තුනක් වගේ..හිරිගඩු පිපෙන සිතලේ සකුරා ගතේයි සිතේයි දෙකෙම විඩාව නිවාගන්න කියලා රස්නේ කෝපි කෝප්පයක් හදාගෙන ගේ මිදුල පෙන උස විදුරු සහිත ජනෙලය අසළ වු පඩිය මතින් ඉදගත්තේ කෝපි උගුරු දෙක තුනක් තොල ගමින්..

ගෙවෙන හැම මොහොතකම මුසල හැගිමකින් පිරෙන සකුරාගේ හිතට අද මොකක්දෝ මහ නුහුරු හැගිමක් දැනෙන්න අරගෙන..

"මං කොහොමද නම්ජුන්ශි ඉන්න තැනක් දැනගන්නේ..මේක එයාට දෙන්නම ඕනා.."

සකුරා කිව්වේ චුටි පැටියා මහ මෙරක් වගේ අතේ ගුලි  කරන් නිදින නම්ජුන්ගේ ගොල්ඩ් පාට මුද්ද දිහා බලාගෙන..

සකුරා චුටියාව නම්ජුන්ගෙන් අරගනිද්දි නම්ජුන් දැනුවත්ව සකුරා නොදැනුවත්ව පොඩි පැටියා සකුරාගේ අතට ආවේ වාහෙනේ එන තෙක් සෙල්ලම් කර කර ආ නම්ජුන්ගේ ගොඩ් පාට මුද්දත් ඒ චුට්ටන් අතේ රදවගෙනයි..
සකුරා කිහිප සැරයක් චුටියාගේන් මුද්ද ගන්න හැදුවත් සකුරා අසාර්ථක වුනේ පොඩි කෙල්ල ඔක්කොටම කලින් කදුලු ඉස්සර කර ගනිද්දි..

"සකුරා..!! දරුවෝ මේ දොර අරින්න.."

වෛවාරණ කැටයම් නැති තනි රත්තරන් පාට මුද්ද දිහා බලන් බර කල්පනාවක උන් සකුරා පියවි ලෝකෙට ආවේ අජුම්මා දොරට තට්ටු කරනවා ඇහිලා..

"ඇයි අජුම්මා..හදිස්සියක්ද..??"

බී-බී උන්න කෝපි එකත් පැත්තකින් තිබ්බ සකුරා ඇහුව්වේ දොර අරිනවත් එක්ක ගෙට ගොඩවුන අජුම්මා හති හලමින් පොඩි පැටියා නිදන ඇද උඩින් ඉදගනිද්දි..

"හදිස්සියක් වගේ තමයි ළමයෝ..ඉක්මනින් ඇඳුමක් දාගෙන එන්නකෝ මම කරණාව කියන්නම්.."

අජුම්මාගේ හැසිරිමෙන් කලබල වුන සකුරාත් අතට අහුවුන ඇඳුමක් ඇගෙ දවටගෙන වොෂ් රූම් එකෙන් එලියට එද්දි..මෙන්න ටිකකට කලින් මහ මුහුද ගොඩ ගලන සැම්පලේට ගෙට ගොඩ වුන අජුම්මා ඇදේ නිදන පොඩ්ඩිවත් තුරුලු කරන් ඉන්නවා..

SAKURA🌸 ||KNJ|| (Completed✔️)Where stories live. Discover now