💜 Chapter 04 💜

757 189 33
                                    

බිත්ති ඔරලෝසුවේ තත්පර කටුව කැරකෙන හඩ ඇරෙන්න මේ මැදියම් රෑයෙ සකුරාගේ කන වැකෙන වෙනත් හඬක් නැසුනේ සකුරාගේ සම්පුර්ණ අවධානය තම අරමුණට යොමු වෙච්ච නිසා..

හලා ගත් පාන් පිටි ග්‍රෑම් 250 පසෙකට කරපු සකුරා හොදින් පදම් කරගත් බටර් සහා සිනි මිශ්‍රණයට කඩා ගත් බිත්තර තුන, වරින් වර එක්කර අතින් බැටර් එකේ පදම එන තෙක් හොදින් මිශ්‍ර කර අවසානයේ වැනිලා ස්වල්පයක් සහා ෆෙෂ් මිල්ක් අඩු කෝප්ප භාගක් එකතු කරපු කෙල්ල අවසානයේ හලාගත් පාන් පිටි ටිකක එකතු කරා..

කප් කේක් කවර්ස් බස්සපු බේකින් ට්‍රේ එකට සම්පුර්ණ කේක් මිශ්‍රණයෙන් ටික ටික දා ගත්ත කෙල්ලට කප් කේක් 35ක් වගේ අවසානයේ හදාගන්න පුලුවන් උනා..

හැකියාව තියෙනවනම් ඇයි මටත් බැරි කියලා හිතුව සකුරා පාන්දර හය වෙද්දි හදාගත්ත කප් කේක් ටික අයිසින් වලින් ලස්සනට ෆිල් කරගෙන ඉවරයක් කරගත්තා..

අතින්ම හදාගත්ත කප් කේක් බොක්ස්වලට අඩුක් කරගත්ත කෙල්ලට හිතට ඇතිවුන හැගිම නිසාම හිතුවටත් වඩා වේලාසනින් කේක් ටික හදලා ඉවර කරගන්න පුලුවන් උනා..

පුංචි පැටියාගේ බන්ඩිය පිරෙන කන් කිරි දුන්න සකුරා පැටියාවත් ලේස්ති කරගෙන පිරිසිදුවට හදාගත්ත කප් කේක් ටිකත් ලොකු බෑග් එකකට අසුරගත්තා..

පොඩි පැටියාවත් වඩාගෙන පොලට ගිහින් කේක් ටික විකුණ ගන්නවා කියන්නේ එච්චර ලේසි දෙයක් නොවුනාත් සකුරාට හිතුන්නෑ අජුම්මාගේන් උදව් ඉල්ලන්න..

"කතා කරොත් අද බඩු විකුණන්න නොයා හරි එයි මාත් එක්ක මේ ගමන යන්න .."

සකුරා හොදටම දන්නවා අජුම්මා ජිවත් වෙන්නෙත් පොලේ බඩු විකුණලා ලැබෙන සුළු මුදලෙන් කියලා..

"හල්මොනිට හැමදාම කරදර කරන්න බෑ නේ මැණික..මගේ පැටියා ඔම්මාට උදව් කරනවා නේද.."

පුංචි පැංචිටත් තමන්ගේ ඔම්මා කිව්ව දේ තේරිලා වගේ ඔලුව වනද්දි සකුරා පොඩි පැටියාගේ මුණ පුරා හාදු ගොන්නක් තිබ්බා..

කේක් ටික අසුරපු බෑග් එක පිටේ එල්ල ගත්ත සකුරා..පොඩි පැටියාව බඩට තියලා බැදගන්නවා ඇරෙන්න වෙන විසඳුමක් තිබුනේ නැත්තේ සමාජික කාඩ් නැතුව පොලට අලුතින් බඩු විකුණන්න යන අයට අවශ්‍ය කරන හැම දේයක්ම ගෙදරින් අරන් යන්න සිද්ධ වුන නිසායි..

SAKURA🌸 ||KNJ|| (Completed✔️)Where stories live. Discover now