☘☘අභිරහස තව දුරටත් ☘☘07

1.3K 316 52
                                    

උදේම ඇහැරුන ජන්කුක්, බෙඩ් ටේබල් එක උඩ තිබුන මිල්ක් ෂේක් එකත් අරගෙන බැල්කනි එකට ගියේ පුරුද්දට වෝනත්,බැල්කනි එකෙන් පහල ගාඩ්න් එකේ දැකපු නුපුරුදු දසුන ජන්කුක් ගේ හදගැස්ම වේගවත් කලා....

ලා රෝස පාට ගවුමක් ඇදලා, ලෙහලා දාලා තිබුන   දිග කොන්ඩෙ ට පුංචි රෝස පාට කටුවක් ගහලා,  නිල් පාට දැලකුත් අරගෙන ගාඩ්න් එකේ එහා මෙහා ඇවිදින ගමන් හිටියේ හනා....

ඉර එලිය වැටිලා දිලිසෙන පිනි බින්දු අතරින් ඇවිදින හනා ජන්කුක් ට පෙනුනේ ඩිස්නි ප්‍රින්සස් කෙනෙක් වගේ!!

ඒත් එක සැරේටම හනා කරපු දේ නිසා  ගැස්සුන ජන්කුක් ගේ අතේ තිබුන මිල්ක් ෂේක් එක  ඉහිරිලා ගියා....

එක සැරේටම ඉගිලිලා ආපු ටිකක් ලොකු කුරුමිණියා ව දැලට අල්ල ගත්ත හනා ඒ සතාව අතට අරගෙන පැත්තක තිබුන බෝතලේට දානකොට ජන්කුක් උරහිස් අකුල ගත්තා!! ඒත් එක්කම කලින් දවසේ සිද්ධ වුන දේවල් එකින් එක මතකෙට එද්දී මේ වෙනකන් හනා ගැන තිබුන හැම හැගීමක් ම දිය වෙලා යද්දී ජන්කුක් ගේ කටින් සද්දෙට හුස්මක් පිට වුනා....

ඒ සද්දේට ඔලුව උස්සල බැල්කනි එක දිහා බලපු හනාගේ ඇස් ලොකු වෙලා මූන රතු වෙනවා හොදටම දැක්කා වුනත් ජන්කුක් ඒක ගනන් නොගෙනම අතේ තිබුන මග් එක කට ලගට ලංකරද්දී හනා ඉක්මනින් අහක බලාගත්තා....

                                    ><

නිදියලා ඇහැරුන ගමන් අවුල් වුන කොන්ඩෙත් එක්ක , වී ලයින් එක පේන තරම් පහලින් ඇදලා හිටපු කලු පාට ස්වෙට් පෑන්ට් එකේ සාක්කුවකට අතක් දාගෙන අනිත් අතේ තිබුන මග් එක රවුමට කරකවන ගමන් ෂර්ට් එකක් නැතුව බැල්කනි එකේ හිටගෙන තමන් දිහා බලාගෙන ජන්කුක් ව දැක්කම හනා මොහොතකට ගල් ගැහුනත් ජන්කුක් ගානක් නැතුවම මග්  එක කටේ තියාගෙන බීලා උඩු තොල වටේට රවුමට දිව අරගෙන යනකොට හොද සිහියට ආපු හනා ඉක්මනින් අහක බලාගත්තා.....

තාමත් ජන්කුක් ඉන්නේ තමන් දිහා බලාගෙන කියලා තේරුන නිසා,  අල්ලගෙන හිටපු කුරුමිනියෝ ටික බෝතලේට දාගත්ත හනා ඉක්මනින් නැගිටලා එතනින් එහාට යන්න ගියා....

☘Oᑌᖇ ՏTOᖇY☘  [[ J͟J͟K͟  S͟t͟o͟r͟y͟]]  🄲🄾🄼🄿🄻🄴🅃🄴🄳Where stories live. Discover now