වෙලාව පාන්දර දෙක පහුවෙලා විනාඩි කීපයක් බව ඔරලෝසු මුහුනතේ සටහන් වෙලා තිබුනා, පාර අයිනේ තිබුන ගැට්ටක වැදුන කා එක එහෙමම තියෙද්දි සුක්කානම උඩ ඔලුව තියාගත්ත ජන්කුක් ට නින්ද ගිහින් තිබුණා.... නොනවත්වා රින්ග් වෙන phone එකේ සද්දෙට නින්දෙන් ඇහැරුන ජන්කුක් ඔලුව උස්සල වටපිට බලලා කෝල් එක ආන්ස්වර් කලා....
"කුකී!!ඔයාලා තාම පාටි එකේද? මොකද මෙච්චර වෙලා දැන් වෙලාව කීයද? කෝ හනා!! "
"ඔහ් මාම් අ අපි දැන් එන්න හදන්නේ!!"
කලබලෙන් කෝල් එක කට් කරපු ජන්කුක් වේගෙන් රිවර්ස් කරලා හරවගත්ත කා එක එහෙමම අරගෙන ගියේ රේචල් ගේ ගෙදරට, ජන්කුක් යනකොටත් පාටි එක ඉවර වෙලා ආපු අය පිට වෙලා ගිහිනුත් ඉවරයි...
එහෙමම රේචල්ට කෝල් කරපූ ජන්කුක් හනා ගැන ඇහුවත් හනා ගිය වෙලාවක් ගැන රේචල් දැන ගෙන හිටියේ නෑ, ස්ටීයරින් වීල් එකට අතින් පාරක් ගහපු ජන්කුක් අත් දෙකෙන්ම කොන්ඩේ අදින ගමන් ටිකක් කල්පනා කරලා හනාගේ phone එකට කෝල් කරත් phone එක තිබුනේ off කරලා....
"මාම් හනා ආවද?"
"කුකී!! මොනවද ඔයා අහන්නේ හනා තාම ආවේ නෑ, ඔයා හනා එක්ක නෙවේද ඉන්නේ!!!"
"ආහ් නෝ මාම් හනා ටේ එක්ක එනවා කිව්වා, මං ජිමින් ව දාන්න ආවා ඒකයි!!!"
"ම් හනා තාම ආවේ නෑ, මං ආවම ඔයාට කියන්නම්!!!"
කල්පනා කර කරම නම්ජූන් ගේ ගෙදරට කා එක අරන් ගිය ජන්කුක් ඩෝ බෙල් එක රින්ග් කරද්දි, සේවකයෙක් ඇවිත් ඇරපු දොරෙන් ඇතුලට ගිය ජන්කුක් දැක්කේ තද නින්දක ඉන්න තේහයුන් ව, නම්ජූන් ගෙදර නෑවිත් ලැබ් එකේ නැවතුනා කියලා සේවකයෙක් කියපු නිසා සැනසුම් හුස්මක් ඉහල පහල දාපු ජන්කුක් නම්ජූන් ගේ ලැබ් එකට ඩ්රයිව් කලේ හනාගේ හිතුවක්කාර වැඩේට හොදටම බනින්න හිතාගෙන.....
ඒත් ඈත තියාම ජන්කුක් ට දකින්න ලැබුනේ තද අදුරේ ගිලිලා තිබුන ලැබ් එක, එහෙමම පාර අයිනට වෙන්න කා එක පාක් කරලා වොච්මන්ට කථා කරපු ජන්කුක් ගේ ඔලුව අවුල් වුනේ නම්ජූන් ලැබ් එකේ නෑ කියලා වොච්මන් කියද්දී....
YOU ARE READING
☘Oᑌᖇ ՏTOᖇY☘ [[ J͟J͟K͟ S͟t͟o͟r͟y͟]] 🄲🄾🄼🄿🄻🄴🅃🄴🄳
أدب الهواةකැම්පස් එකේ ගේට් එකෙන් ජන්කුක් ගේ වේරොන් එක ඇතුලට යද්දීම මුලු කැම්පස් එකේම ගෑනු ළමයි ටික දුවගෙන ඇවිත් ජන්කුක් ට good morning කියන්නේ ජන්කුක් ගේ ඇස් බැල්මත් කෙල්ලන් ව පිස්සු වට්ටන නිසා..... බ්ලැක් කලර් ටින්ටඩ් ෂේඩ්ස් දෙකත් එක්ක, අන්ඩර් කට්ස් පේන්න...