තමන්ගේ ඉස්සරහින් ඉදගත්ත යුන්ගි දිහා ඔලුව උස්සල බලලා බිම බලාගෙන ලොකු හුස්මක් ඉහලට ගත්ත හනා කථා නොකරම බිම බලාගෙන හිටියා....
"ඔයා ජැපෑන් වලට ගිය දවසෙන් පටන් ගන්න "
අත්දෙක බැදගෙන බෙල්ල ඇලකරගෙන හනා දිහා බලාගෙන යුන්ගි කියනකොට ඇස් උස්සලා යුන්ගි දිහා බලපු හනා ඔලුව වනලා කථා කරන්න පටන් ගත්තා....
"අපි මෙහෙන් ගියේ අප්පගේ farm house එකට... මෙහේ වගේම හැමදේම සාමාන්‍ය විදියට සිද්ධ වුනා....එහෙට ගිය මුල් දවස්වල සිද්ධවුන විශේෂම දේ හොබීයි මමයි හොද යාලුවෝ වුන එක.. හොබී ගේ අප්පා හිටියේ නෑ එයා හිටියේ එයාගේ ඔම්මා එක්ක..."
"එයාගේ අප්පා මැරිලා!!! එහෙමද?"
හනාගේ කථාවට බාධා කරලා යුන්ගි අහනකොට ඇස් ලොකු කරගෙන යුන්ගි දිහා බලපු හනා ඔලුව වනලා ආපහු කථාව පටන් ගත්තා.
"අහ් ඇත්තටම හොබී එයාගේ අප්පා ගැන කථා කරන්න කැමතී නෑ ඒක නිසාම මං ඒ ගැන එයාගෙන් අහලා නෑ යුන්ගි ෂී..."
"හරි ඊටපස්සේ..."
"ආහ් ඊටපස්සේ හොබී මායි හිටියේ එකටමයි, අප්පට අයිති එක ගොවිපලක් බලාගත්තේ හොබී ගේ ඔම්මා...ස්කූල් ඉවර වෙලා මං හැමදාම හිටියේ හොබී ගේ ගෙදර එහෙම නැත්නම් හොබී හිටියේ මාත් එක්ක අපේ ගෙදර ඇත්තම කිව්වොත් හොබී මට යාලුවෙක් නෙවේ ඊටත් එහා......."
"යාහ් හනා හෙයොන්ග් අහපු දේට උත්තර දෙනවා විකාර කියවන් නැතුව "
බිම බලාගෙන යන්තමට හිනා වෙවී කිය කිය හිටපු හනා ගැස්සිලා යන්න ජන්කුක් කෑ ගහන කොට, මොකුත් නොකියා නිදිමත ඇස් වලින් ජන්කුක් දිහා බලපු යුන්ගි ආපහු හනා දිහා බැලුවා....
"කුකී තමූන්ට නිදිමත නම් උඩට ගිහින් නිදාගන්නවා, බොරුවට කෑ ගහන් නැතුව..."
ජන්කුක් දිහා තද බැල්මකින් බලපු නම්ජූන් කියද්දී , ඇගිලි තුඩු වලින් ඇහිබැම පිරිමදින ගමන් ජන්කුක් හනාගේ අත උඩින් අත තියනකොට ජන්කුක් දිහා බලලා හනා ආපහු කථාව පටන් ගත්තා.....
" කොලේජ් එකේ FINAL exam results ආපු දවසේ තමයි හැමදේම පටන් ගත්තෙ, එදා රෑ හොබීගේ ඔම්මා මටයි හොබීටයි රයිස් කේක් හදනවා කිව්වත් හොබීයි මමයි එහේ යනකොට හොබීගේ ඔම්මා එයාගේ ගෙදර උඩ අට්ටාලෙන් පැනලා ජීවිතේ නැති කරගෙන තිබුන.... පොලිසිය කිව්වේ හොබී exam pass වුන නිසා එයා එයාගේ හෙම්බත් වුන ජීවිතේ නවත්තන්න තීරනය කරන්න ඇති කියලා....
එතනින් අවුරුද්දකට පස්සේ මගේ අප්පා නැතිවුණා ඔෆිස් එකේදි හාට් ඇටෑක් එකකින්....ඊට පස්සේ මගේ සීයා ආවා අපිත් එක්ක නවතින්න....ඒ වෙනකොට සීයා හිටියේ ඇමේසන් වල ගවේශනයක,
ඒත් එයා ඒක අතරමග නවත්තලා ඔම්මයි මමයි තනියම නිසා අපිත් එක්ක නවතින්න ආවා....
ඒ ඒත් එක්ක ලූකසුත් ආවා...ලූකස් කියන්නේ සීයාගේ ගවේශණ කන්ඩායමේ හිටපු කෙනෙක්, සීයට ගොඩක් ම හිතවත්ව හිටපු කෙනා කිව්වොත් හරි...
ලූකස් සීයත් එක්ක ම අපේ ගෙදර නැවතුනා...සීයගේ වගේම ඔම්මගේ හිතත් ඉක්මනින් ම දිනාගන්න ලූකස්ට පුලුවන් වුනා...ඒත් මං නම් ලූකස්ට පොඩ්ඩක් වත් කැමති වුනේ නෑ..."
YOU ARE READING
☘Oᑌᖇ ՏTOᖇY☘ [[ J͟J͟K͟ S͟t͟o͟r͟y͟]] 🄲🄾🄼🄿🄻🄴🅃🄴🄳
Fanfictionකැම්පස් එකේ ගේට් එකෙන් ජන්කුක් ගේ වේරොන් එක ඇතුලට යද්දීම මුලු කැම්පස් එකේම ගෑනු ළමයි ටික දුවගෙන ඇවිත් ජන්කුක් ට good morning කියන්නේ ජන්කුක් ගේ ඇස් බැල්මත් කෙල්ලන් ව පිස්සු වට්ටන නිසා..... බ්ලැක් කලර් ටින්ටඩ් ෂේඩ්ස් දෙකත් එක්ක, අන්ඩර් කට්ස් පේන්න...