☘☘හොබී කරදරේක??☘☘13

1.1K 263 46
                                    

"මං හොබීට කැමතියි!!!!"

ජන්කුක් ගේ ඔලුව ඇතුලේ දෝංකාර දුන්නේ හනාගේ වචන... හනා හොබීට කැමතියි!!! හනා හොබීට කැමතියි!!! ජන්කුක් ට හනාගේ ලෝකේ ඉඩක් නෑ!!! ඇත්ත වරද ජන්කුක් ගේ!! ජන්කුක් හනාව තේරුම් ගත්තේ නෑ,  හනා ගේ විදිය තේරුම් ගත්තේ නෑ....

හනා පුංචි කාලේ ඉදන් වෙනස්!! සම වයසේ ගෑනු ළමයි කුරුමිනියෙක් මකුළුවෙක් දැක්කම බයවෙද්දී හනා කලේ පරිස්සමට ඒ සතාව එතනින් අයින් කරලා දාපු එක, අනිත් ගෑනු ළමයි ක්ලාස් රූම් එක ඇතුලේ බෝනික්කෝ එක්ක සෙල්ලම් කරද්දි, හනාට ඕන වුනේ ගාඩ්න් එක පුරා ඇවිදලා නමක් නොදන්න මල් සත්තු ගැන අධ්‍යයනය කරන්න....

ඒ මොන දේ කලත් හනාට ජන්කුක් විශේෂ වුනා.... ජන්කුක් ට හනාව කරදරයක් වුන තරමටම හනාට ජන්කුක් ව ඕන වුනා.... හැම වෙලාවකම ජන්කුක් ව තමන් ලග තියාගන්න හනා ඕනම කෙනෙක් එක්ක දෙපාරක් නොහිතම පැටලුනා.... හනා තමන්ට විනෝදයි කියලා හිතෙන හැමදේම ජන්කුක් එක්ක බෙදා ගත්තා...ඒත් ජන්කුක් ට හනාගේ යාලු කම වදයක් වුනා... ජන්කුක් ට ඕන වුනේ හනාගෙන් ඈතට දුවන්න.....

හිටි හැටියේ හනා දෙමව්පියෝ එක්ක ජැපෑන් යනවා කිව්වම ජන්කුක් තරම් සතුටු වුන තවත් කෙනෙක් හීටියේ නෑ.... ජන්කුක් සතුටු වුන තරමටම හනා දුක් වුනා.... ජන්කුක් නැතුව යන්න බෑ කියලා හනා බිම පෙරලිලා මොර දීපු හැටි ජන්කුක් ට අදටත් මැවිලා පෙනුනා.....

ඒත් හනා යන්න ගියාට පස්සේ දවසින් දවස හනා නැති අඩුව දැනෙන කොට,  හැම වෙලාවකම හනාව මතක් වෙනකොට ජන්කුක් කලේ මිසිස් ජොන් ට බල කරලා කොලේජ් හොස්ටල් එකේ නැවතුන එක,  ඒත් ඉලංදාරියෙක් වෙලා හිසේ කෙස් ගානට ගෑනු ළමයි ආශ්‍රය කලත් ජන්කුක් ගේ හිතේ ඇදිලා හීටියේ ඉස්සරහ දත් ටිකට ප්ලේට් එකක් දාපු කොන්ඩ කරල් දෙකක් ගොතපු චබී කෙල්ලෙක්!!!

අවුරුදු ගානක් ගිහිල්ලා ත් තමන්ගේ හිත අස්සේ ඉන්න එකට ජන්කුක් ට ඕන වුනා හනාට වෛර කරන්න!!! ඒත් අන්තිමට ඇස් ඉස්සරහ ට ආපු හනාගේ වෙනස් ගතිගුණ,  ලස්සන රූපේ, හැමදේටම ත් වඩා පුංචි කාලේ හැමදේටම පස්සෙන් දුවගෙන ආපු හනා තමන්ව ගනන් නොගෙන හොබී ලග හැසිරෙන සැහැල්ලු ව ජන්කුක් ගේ හිත අස්සේ හැංගිලා තිබුන ආදරේ උඩට ඇදලා ගත්තා.....

☘Oᑌᖇ ՏTOᖇY☘  [[ J͟J͟K͟  S͟t͟o͟r͟y͟]]  🄲🄾🄼🄿🄻🄴🅃🄴🄳Where stories live. Discover now