අග්නි මිහිඳුම් ~•°

3.9K 182 41
                                    

💥 Trigger Warning: sexual harassment / violence ( Read at your own risk) 💥

( ලිංගික අපචාර හා ප්‍රචණ්ඩත්වය සහිත  සිදුවීම් ඇතුලත් විය හැක ✋😑 අකමැති අය කියවන්න එපා )

    සුදු අයියා මුලින්ම මට මුණගැහුනේ ක්ලාස් ඇරිලා එන්න වාහනයක් නැතුව ටවුන් එකේ මහ වැස්සෙ කරකියාගන්න දෙයක් නැතුව අතරමං වෙලා ඉදපු දවසක. අප්පච්චිට කෝල් එකක් දෙන්නවත් මට ෆෝන් එකක් තිබ්බෙ නෑ. මට කියන්න තරම් ලඟ යාලුවො හිටියෙත් නෑ ක්ලාස් එකේ. හිටිය හැම යාලුවම ලොකු අක්කගෙ ෆෝන් එක අප්පච්චි නැති වෙලාවක ඉල්ලන් පාවිච්චි කරපු ෆේස්බුක් අකවුන්ට්  එකෙන් මුණගැහුන යාලුවො. කමියුනිකේශන් එකකට යන්න බැරිතරම් වැස්ස තදයි. ක්ලාස් ඇරෙන්නෙ 4.30ට. බස් එක වෙනදට එන්නෙ 5.15ට. ඉතින් මං හැමදාම බස් ස්ටෑන්ඩ් එකට පයින් ඇවිත් බස් එක එනකම් හිටගෙන ඉන්නවා. ඒත් අද 5ට විස්සක් තියලා මොරසූරන වැස්සක් කඩන් පාත් වුනා. මම තෙමි තෙමීම බස් ස්ටෑන්ඩ් එකට ආවා. බස් එකත් අද නෑ කියල එතන ඉන්න මාමා කෙනෙක් කිව්වෙ 5.30ට විතර. බස් එක එනකම් බලන් ඉදපු නැන්දලා මාමලා ටික ත්‍රීවීලර් හයර් කරන් එතනින් ටික ටික අඩු වෙද්දි ත්‍රීවීලර් එකක් හයර් කරගන්නවත් මං අතේ සල්ලි තිබුන්නෑ. ගෙදර ගිහින් අම්මට කියල ගෙවන්න පුලුවන් වුනත් බැරිවෙලා හරි අම්මල ගෙදර් නැති වුනොත්... නැත්නම් ගෙදර සල්ලි නැති වුනොත් වගේ අදහස් මගෙ ඔලුවට ආව හින්දා මං ඉවසන් හිටියා. මං එන්න පරක්කුයි කියල තේරෙද්දි අයියා ගෙදර ඇවිත්නම් අප්පච්චි එයාගෙ බයික් එක එවයිනෙ මාව එක්ක යන්න. එහෙම හිතන් ඉන්න වෙලා දැන් පැයකටත් වැඩී. වෙලාව හතටත් කිට්ටුයි කියල මට කිව්වෙ බස් ස්ටෑන්ඩ් එකේ හයි කරල තියෙන රවුම් ලොකු ඔරලෝසුව.

     එන්න එන්න කරුවල වැඩි වෙද්දි මගෙ බයත් වැඩි වෙන්න ගත්තා. ඇයි තාම අයියා නැත්තෙ? මගෙ පපුව ගැහෙන්න ගත්තා. අම්මල අප්පච්චිලා මාව ඕනවටත් වඩා පරිස්සම් කරේ මං ගෙදර බාලයා හින්දම විතරක් නෙවෙයි. අක්කම කියන දෙයක් තමයි මං අක්කටත් වඩා ලස්සනයි කියන එක. අනික ආර්මි එකේ ඉදල රිටයර් වුන අපේ අප්පච්චිට සමාජෙ ගැන දැනුමක් තිබ්බා. ඒ වගේම එයා ගෙදර අයට හිසිම දෙයක් හංගන්නෙ නැතුව සමාජෙ තියෙන නරක කුරිරු පැති ගැන එයා දන්න හැමදේම කිව්වා. මං පොඩිම එකා හින්දා මට සමහර දේවල් කියන්න මැලි වුනාට අම්මා අයියා අක්කා කියන අය සහ එයා අතර එහෙම රහස් තිබ්බෙ නෑ.

One Shots | BL | Wo Geschichten leben. Entdecke jetzt