සයුරු ඉමේ ~•°

1.7K 155 10
                                    

(18+ ¥ 18ට අඩුනම් කියවීමෙන් වලකින්න😅 කොටින්ම 18ට අඩු උන් අන්ෆ්‍රෙන්ඩ් වෙන්න😁 )

මුහුදුකරේ පිහගෙන හමන ලුණු සුවද හුළං රැලි ගෙපැල මැදින් හැමුවෙ මං කරවල බැදුම ලිපෙන් බානකොට. සම්බෝලෙත් ගලේ අඹරලා සුදු ඉහිරුනු බත් මුට්ටියත් එලියෙ කුස්සිය වෙනුවට අයියා හදපු පොල්ලතු වහලෙයක් හා පොල් පරාල කණු දෙකක් විතරක් තියෙන මඩුවේ තියෙන අයියා හදපු ලෑලි මේසෙ උඩ දරණුවක් තියල තිබ්බා. අයියා දැන් එනවා ඇති. ලී මඩුවටම තිබ්බෙ එක කාමරේකුත් මේ මඩුවත් විතරක් උනාට අයියා නැතුවම මේක මහා හිරගෙයක් වාගෙ දැනුණෙ. අයියා මුහුදු ගිය දාට දවස් ගණන් මුහුදෙමයි... කුණාටු ආපු දවස්වල මං මේ ගේ අස්සෙ සීතලේ ගුලිවෙලා අයියා එනකම් කොච්චර හූල්ලන්න ඇද්ද... අයියා නැති වෙයි කියන බය එයා මේ මහමුහුදත් එක්ක ඔට්ටු වෙන ධීවරයෙක් කියල දැනගත්ත දා ඉදන්ම මගෙ පපුවට කාවැදුන දෙයක්.

" අයියා වෙන ජොබ් එකක් හොයාගමුකො "

" පරම්පරා ගාණක් උරුම වෙච්ච රස්සාව දාල මොන රස්සාද බං. තේ උගුරක් හදල ගෙනෙංකො වස්තුවෙ... කස්ට අවුවයි බං.." අවුවට පිච්චිලාම කලුගැහුන අයියගෙ මූණෙ පිරිමිහම ඉතිරුවා. ඝනකම රැවුල එක්ක පපුව වැහෙන්න වැවුන කෙස්... වැඩකරලම හැඩිදැඩි උන රළු ඇඟට මං ආශා කරා විතරක් නෙවෙයි ආදරෙත් කරා. මම එහෙම එයා දවස් ගනන් කරන වැඩ එක විනාඩි පහලවක් කරානම් මං මැරෙනවා සත්තයි... දුප්පත්කමින් මිරිකුනත් මේ වගේ පිරිමියෙක්ගෙ පහසක් ලැබෙන එකම මට ලොකු වාසනාවක් වගේ දැනුනෙ... ලිංගික පහසක් විතරක්ම නෙවේ... අයියගෙ පපුවෙ ඔලුව තියාගත්තම ලෝකෙම පෙරලුනත් බය හිතෙන්නැති තරම් රැකවරනයක් මට දැනෙන්නෙ.

" මාලු අල්ලන එක පව්කාර වැඩක් අයියෙ... අහිංසක සත්තු මරලා අපි ජීවත් වෙලා හරියනවද?"

" බයිලා කියන්නැතුව ඉදපං බං. මේක නැත්තම් මේ වැල්ලෙ අපිට තියෙන රස්සාව කියාං එහෙනම්"

" මට ඔයා පව්කාරයෙක් වෙනව බලන්න ඕන්නෑ අයියෙ..."

" අල්ලන එක පව්. කන එක පව් නැද්ද? නිකං ඉදහං බං... ඔය අත පුච්චගංකො... කෝ දියං මෙහාට..." අයියා බෙලෙක් කෝප්පෙ උදුරලා ගත්තෙ මං කියවන්න ගිහින් අත පුච්චගත්ත එකට කේන්තියෙන්. " රිදෙනවද?"

One Shots | BL | Donde viven las historias. Descúbrelo ahora