" රිශූ.. ලබන සතියෙ අපි රට යනවා. ලෑස්ති වෙයං.. " සනත් දැනුම් දුන්නේය.
රාගව් පොතෙන් හිස ඉහළට නොඑසවුවේය. රිශාන් දුරකථනය කවිච්චිය මතට විසි කොට දමා නාසයෙන් දුම් පිඹිමින් නැගිට්ටේය. රිශූ සුසුමක් ලෑවේය.
" අප්පච්චි! අපිට අර බ ල්ලට බයේ රට අතෑරලා යන්න බෑ..! Are you on your right goddamn mind right now? Do you even hear yourself?! "
" මං තීරණයක් අරන් ඉවරයි රිශාන්! මගෙ මාරයා අවුස්සන්න හදන්නෙපා. "
" අප්පච්චි- "
" .... " සනත් පිටව ගියේ රිශාන්ට ගොදුරක් ලෙස අහිංසක රිශූ පමණක් ඉතිරි කරමිනි. කෝපයෙන් රත් පැහැයට හැරී සිටි රිශාන් ඔහුගේ කමිසයෙන් ඇද ඔහු තල්ලු කර දැමුවේය.
" උබ නං මහ පො # # යෙක් රිශූ! උබ හින්දා අපේ පවුලම නැති වෙන්න යන්නෙ! "
" රිශාන්! " වැඩිමල් සොහොයුරා දත් විලිස්සුවේය.
" උබලා දෙන්නම අප්පච්චි එක්ක රට අතෑරලා පලයං! මං එන්නෑ. සිංහයෙක් කියලා හිතන් හිටියට අප්පච්චිත් ගං කබරයෙක්නෙ බලන් යද්දි.. උන් දෙන්නට කෙලවන්න අපි හතර දෙනා මදි වුනා.. එච්චරයි "
රැය පහන් විය. රාගව්ගේ කුටිය සුසුමන්ගෙන් උණුහුම් විය. මවාගත් සිද්ධි දාමයක මකුළු දැලෙක රැදි කුරුමිණියෙකු සේ ඇලී වෙහෙසෙන අප්පච්චි ද, පරාජය බාරගැනීමට වඩා සිය බාල සොහොයුරා වෙහෙසීම පහසුවෙන් දකින සොහොයුරා ද.. සියල්ල මැද තැලී පොඩිවෙන බාලම සොහොයුරා ද හිතේ විටින් විට හොල්මන් කළේය. නිවසෙහි සෑම කාමරයක ම තත්වය වෙනස් එකක් නොවන බව ඔහු දැන සිටියේය.
උදෑසන ආහාර වේල අප්පච්චි විසින් පිළියෙල කර තිබුණි. නිහැඩියාවේ ගිලෙන කෑම මේසයේ හඩ අවදි කළේ රිශාන් ය.
" අපි මූව අරූගෙ ඇගේ එල්ලමු අප්පච්චි.. "
රිශූ පිගානට ගෑරොප්පුවෙන් ඇන්නේය. වැඩිමල් සොහොයුරාගේ නපුරු වචන තව ඉවසන්නට ඔහුට නූමනා විය. සෝස්වල ගිලුනු උණු ස්පැගෙටි රිශාන්ගේ මුහුණේ උලන්නට ඔහුට සිත් විය.