Chapter 01 🦋

627 75 12
                                    

Yoonjin (Yoongi×Seokjin)
Happy end

_________________________________________

මට බයයි ඔයාව මට නැති වෙයි කියලා
එත් ඔයා මගේ නෙවේ
එක මං දන්නවා උනත් මට තාම බයයි ඔයා මගේ ජීවිතෙන් යයි කියලා
ඒ උනාට ඇත්තටම ඔයා මගේ නෙවේ...
ඔයා එයාගේ කියලා දැනගෙනත් මං ඔයාට ආදරේ කරන්නේ ඇයි කියලා මං මගෙන්ම අහනව හ්යුන්ග්...
ඔයා මින්හා ගේ වෙලත් මං තාමත් ඔයා ගැන හිතන්නේ ඇයි කියලා මං මගෙන්ම අහනවා...

මං සමහර වෙලාවට මගෙන් අහනව army ලා හිතන් ඉන්න හිතක් පපුවක් නැති කිසි දෙයක් ගානකට ගන්නේ නැති Suga උනා නම් සමහර විට මං මේ වෙද්දී ඔයාව අමතක කරලා හුගක් දුර ගිහින්

ඒ උනාට හිතා ගන්න බැරි විදියට මං ඔයා එක්ක මේ පාරේ හුගක් දුර ඇවිදන් ගිහින් ජින් හ්යුන්ග්.. ඔයාගේ හිත මින්හා ගේ මං දන්නවා..

මට බයයි මාව දාලා යන්න එපා හ්යුන්ග් ඔයා කිව්වා නේ ද අපි දෙන්නා බැන්දමත් එකට එක කාමරේ රූම්මෙට්ස් ලා වෙලා ඉන්නවා කියලා ඉතින් ඇයි  අපිට බැරි එහෙම වෙන්න එත්‚ එත් මං දන්නවා මේ හැමදේකම අන්තිමේදී ඔයාට ඒකපාර්ශවිකව ආදරේ කරපු මටම රිදෙයි...

මට බයයි Please hold me tight...

𝗠𝗶𝗻𝗲 | 𝗬𝗼𝗼𝗻𝗷𝗶𝗻 √Where stories live. Discover now