මනොබාල් 7

134 31 8
                                    

"ඔබ මේ මධ්‍යම රාත්‍රියේ හදිස්සියේ ම කොහේ යන්නද?" සම්පුර්ණ සන්නාහයෙන් සැරසී කඩුව ද කිණිස්ස ද අතට ගෙන කාටත් හොර රහසේම කවුරලුවෙන් පිටතට පනින්න සුදානම් වන විටම පිටුපසින් රෝස් ගේ හඬ ඇසුනා.

"ඔබ සිටින්න.. මානික්‍ය ලබා දීමට තිබෙනවා.." එය පැවසූ විගස රෝස් ගේ මුහුණ වැහි වලාකුලක් සේ අඳුරුව ගියා. කෝඩ්‍රන් මාණික්‍ය අයිති රෝස් ටයි. ඇගේම මානික්‍ය වෙනත් අයෙකුට භාරයට දෙන්න යන බව පැවසීමට ලීසා හට වරදකාරී හැඟීමක් ඇති වුනද ඇගෙන් එය සැඟවීමට ඇය අකමැති වුණා.

"ඔබ පැවසුවා.."

ඇයට ඉතිරිය සම්පුර්ණ කිරීමට ඉඩ නොදී ලීසා මුව විවර කළා. "මා ඔබ‍ට පැවසුවා රාජ්‍ය ඔබ‍ට ලබා දෙන බවට. නමුත් මාණික්‍ය මේ මොහොතේ අප සතුව තිබුනොත් මම නම් සිතන්නේ නෑ ඔබටවත් මටවත් ජීවිතය වත් බේරා ගත හැකි වේ යැයි කියා."

කුමක් හෝ ගැටලුවක් වී ඇති බව එකෙනෙහිම ඇය වටහා ගත්තා. මෙයයි ලීසා මෙතරම් දිගු වැකියක් පවසන පළමු අවස්ථාව. ඉතිං ඇගේ වදන් වලට හොද හේතුවක් ඇති බව රෝස් විශ්වාස කළා.

තවදුරටත් රෝස් ගේ විරුද්ධත්වයක් පෙනෙන්නට නොතිබූ නිසා ලීසා සැරසුනේ පිටත්වන්න. ඇය පෙර මාලිගාවෙන් පිට වීමට සිතා සිටියේ සාමාන්‍ය ලෙස පිටුපස දොරටුවෙන් වුවද කොරිඩෝවේ දී ජෙනී ව හමුවීමෙන් පසු කවුළුවෙන් පිට වීම වඩා ආරක්‍ෂිත බව ඇය තීරණය කළා. "ඔවුන් මා සෙව්වොත්, මා වෙනුවෙන් නිදහසට කරුණක් පවසන්න." කවුළුවෙන් පිටතට පැනීමට පෙර එක් වතාවක් රෝස් දෙස හැරී බැලූ ඇය අනතුරු ඇගෙව්වා.

රෝස් එයට හිස සලා ප්‍රතිචාර දක්වන විටම ලීසා කවුළුවෙන් පිටතට පැන්නා.

.

.

.

.

.

යුහාන් රාජ්‍යය..

යුහාන් අගනුවර වැසියන් ඉතාමත් ප්‍රීතියෙන් කල් ගත කරන බවක් පෙනෙන්නට තිබුනා. යුහාන් යනු ධන ධාන්‍යයෙන් පිරි ඉතිරි ඇති රාජ්‍යයක් නිසා කිසිදු වැසියෙක් ට දුක් පිඩා විඳින්න සිදු වුනේ නෑ..

වීදි වල ජනතාව ඇතැමෙක් නිවසට අවශ්‍ය කරන බඩු මුට්ටු, ඇඳුම් පැළඳුම්, කෑම බීම මිලදි ගැනීමට කඩ සාප්පු පරික්ෂා කරමින් සිටියා. සමහරෙක් විවිද ඔට්ටු අල්ලමින් ක්‍රීඩා කරමින් සිටියා වගේම, තවත් සමහරෙක් සුරාහල් වෙත ගොස් විනෝදයෙන් කල් ගත කරමින් සිටියා.

මනොබාල් [GL](Slow Updates)Where stories live. Discover now