යුහාන් රාජ්‍යයෙන් තමාගේ රාජ්‍ය ආරක්ෂා කරගැනීමට කැමරන් හි මහරැජින ජෙනී වට මේසයට වී නයිට් වරු සමග සිතියමක් පරික්ෂා කරමින් සිටියා.
"උත්තමාවිය, කොඩ්රන් රාජ්‍යයෙන් පණිවිඩයක්..." පිටත සිටි සේවිකාවක් එසේ පැවසූ විට ජෙනී ගේ එක් පසෙකින් සිටි ඇයට විශ්වාසවන්තම නයිට් වරියක හා ළගම මිතුරියක්ද වූ ජිසූ කිම් මෙනෙවිය හට ජෙනී පිටත සිටි සේවිකාව වෙත පිළිතුර දෙනා ලෙස හිසින් සන් කලා.
එය තේරුම් ගත් ජිසූ පිටත සිටි සේවිකාව ඇමතුවා. "පැමිණෙන්න.."
දොර සෙමෙන් ඇරගෙන ශාලාව තුලට පැමිණි සේවිකාව හිස පහත් කොට ගෙනම තම අතෙහි තිබූ හසුන් පත ජෙනී වෙතට දිගු කල විට ඒ අසල සිටි නයිට් වරයෙක් නැගිට එය අතට ගත්තා.
"කොඩ්රන් වෙත යුහාන් වලින් පහර දීමක් අත ළග. කුමරියගෙ ආරක්ෂාවට මෙහි පිටත් කරලා." නයිට් වරයා එහි තිබූ දේ සරලව ජෙනී හට පැහැදිලි කර තමා ගේ ස්ථානයෙන් නැවත වාඩි විය.
"අර ජෙන්සායි නම් උමුතුවෙන්. රාජ්‍යයන් දෙකක් මදි වුනාද..." කේන්තියෙන් මේසයට අත මීට මොලවා ගසමින් ජෙනී රෞද්‍ර ලෙස පැවසුවේ සියලු දෙනා තරමක් තැති ගැන්මට පත් කරමින්.
"සන්සුන් වන්න. ඔබ ඔවුන්ව බය කරනවා." ජිසූ සෙමෙන් ජෙනීගේ උරහිසකට අත තබමින් පැවසුවේ ඇයව සන්සුන් කිරීමට.
හොද හුස්මක් ගෙන සන්සුන් වූ ජෙනී තම නයිට් වරු දෙසට හැරුනා. "ඔබලාගෙන් කිහිප දෙනෙක් පිටවන්න. මෙහි මා තර කර තිබෙන ආරක්ෂාවත් සමග ඔවුන්ට පැමිණීම අපහසු වෙයි."
ජෙනීගේ නියෝගය පිළිගත් නයිට් වරු හිස සලා එය අනුමත කලා.
..
.
.
"පියාණෙනි. මා හට ඔබව ගොඩක් මතක් වෙයි.." තම පියාව වැළඳ ගත් රොසානන් පැවසුවේ ඔහුගෙන් ඈත් වෙන ගමන්..
"මටත් එසේමයි මගේ රෝස කුසුම." එසේ පැවසූ රජු ආදරණිය ලෙස තම දියණියගේ හිස මත මෘදු හාදුවක් තබා ඇයව අසු පිටට නැංවුවා.
පසුව අළු පැහැති උර තෙක් වැඩුණු කෙස් කලබක් තිබූ රෝස්ගේ පෞද්ගලික සේවිකාව වන ලලීසා දෙස හැරුණු රජු,"මගේ දියණියගේ වගකීම ඔබට බාරයි." යැයි බැරෑරුම් ලෙස පැවසුවා.
YOU ARE READING
මනොබාල් [GL](Slow Updates)
Ficção Históricaඔවුන් අතර ඇත්තේ වෙනස් බැඳීමක්.. සෑම කතාවකටම වීරයෙක් හා සතුරෙක් සිටිනවා... නමුත් ඒ දෙදෙනාම එක් අයෙක් වුවොත්? කුමක් සිදු වෙයිද?... [Jenisa ship story & Historical fiction]