ලීසා අවදි වන විට අඩ නිරුවතින් හුන් ජෙනී ඇගේ බාහුව මත නිදාගෙනයි සිටියේ. ඇයව අවදි නොවන ලෙස ලීසා තමාගේ නිදහස් අතින් ජෙනී ගේ හිස ඔසවා අත නිදහස් කර ගත්තා. ඇය ඇඳෙන් බැස ලෝගුව පොරවා ගෙන පිටව යාමටයි සැරසුනේ. කූඩාරමේ දොර අසළට පැමිණ නැවතත් ඇය හැරුණේ ජෙනී ගේ හිස මතින් හාදුවක් තැවරීමටයි.
තවම හිරු උදා වී නැත. හාත්පසම අඳුරේ ගිලී තිබුණි. ලීසා තම සන්නාහ හා ආයුධ ගැනීම සඳහා ඇගේ කූඩාරම වෙත ගොස් දුර ගමන සඳහා ගමන් මලු ද සුදානම් කරන්නට වුණා. අශ්වයන් ගාල් කර ඇති තැනට ගොස් තම අශ්වයා ගෙන ඇය පිටවෙන දෙස බලා සිටියේ අන් කවරෙකුත් නොව ජිසූ යි.
ලීසා අශ්වයාගේ ගෙලේ බැඳ තිබූ තොන් ලණුව අතින් ගෙන මද දුරක් පයින් ගමන් කර ඔවුන් කඳවුරු බැඳගත් ස්ථානය ට නොඇසෙන දුරකට ගිය පමණින්ම අසු පිට නැගී කැමරන් රාජ්‍යයට අයත් මාණික්‍ය සඟවා තිබේ යැයි පැවසූ ගුහාව සොයා පිටත් වුණා.
ලා හිරු කිරණ තම මුහුණ මත පතිත වනවාත් සමගම ජෙනී ගේ දෑස් විවර වුණා. සයනය මත කෙලින් වූ ජෙනී අනෙක් පස බැලුවේ ලීසා ව දැකීමේ අරමුණිනි. නමුත් ඇය නොසිටි නිසා කුඩාරම පුරා නෙත් යවා බැලුවේ ලීසා කොහෙද කියා යි.
"ඇය ගියා." ජෙනී ගැස්සුනේ පසෙකින් ආ ජිසූ ගේ කට හඬිනි. අඳුරු මුල්ලකට වී වාඩි වී සිටි නිසාම ඇයට ජිසූ ව බැලූ පළමු වරම දැකගන්න නොහැකි වුණත් කටහඩ නිසාම අයව අඳුරගත්තා.
ජිසූ හිඳ සිටි තැනින් නැගිට අවුත් ජෙනී ඉදිරියේ හිටගත්තා. "කොහෙද ඔබේ වස්ත්‍ර?" එය තමයි ඇගේ පළමු පැනය වුනේ.
ජෙනී පහතට නැමී තම ශරීරය දෙස බැලුවා. ඇගේ අඩ නිරුවත් රුව ඇය ඉක්මනින්ම පොරවනයෙන් වසා ගත්තේ ඇගේ මුළු මුහුණම චෙරි ගෙඩියක් මෙන් රත් පැහැයට හැරෙද්දීමයි. ඇගේ මෙම හැසිරීමත් සමගම ජිසූ ට වැටහී අවසන් පෙර දින රාත්‍රියේ කුමක්ද සිදු වුනේ කියා. ඇය කේන්තිය පාලනය කිරීමට හොද හුස්මක් ඉහලට ඇද්දා.
"ඇය ද්‍රෝහියෙක්." ඇය මේ කතා කරන්නේ තම රැජිණට නිසා මැඩ ගත් කේන්තියෙන් හැකි තරම් සන්සුන්ව ඇය පැවසුවා.
ජෙනී එලෙසම තමා පොරවා ගෙන සිටි පොරවනය අහකට කර නැගිට්ටා. ජිසූ කිසිවක් නොකියා අනෙක් පස හැරී සිටියේ ජෙනී ට තම වස්ත්‍ර ඇඟලා ගැනීමට ඉඩ දෙමිනි. නමුත් මේ ප්‍රකාශය හමුවේ ජෙනී මෙතරම් සන්සුන්ව හැසිරීම ඇයට පුදුමයක් වුණා.
YOU ARE READING
මනොබාල් [GL](Slow Updates)
Historical Fictionඔවුන් අතර ඇත්තේ වෙනස් බැඳීමක්.. සෑම කතාවකටම වීරයෙක් හා සතුරෙක් සිටිනවා... නමුත් ඒ දෙදෙනාම එක් අයෙක් වුවොත්? කුමක් සිදු වෙයිද?... [Jenisa ship story & Historical fiction]