මනොබාල් 6

145 38 8
                                    

කුටියේ ජනේලයෙන් අඩසඳ එලියට ඉතාමත් සුන්දරව දිස් වුණා.

"එය විය නොහැකියි.. අනික ඇය සටන් කලේ යුහාන් ක්‍රමයටත් නෙමෙයි." ජෙනී දෑතින් තම හිස බදා ගෙන මුළු කුටිය වටේම කලබලයෙන් එහා මෙහා යන දෙස ජිසූ පුටුවකින් වාඩි වී බලා සිටියේ එපා වෙලයි.

"කුමක්ද විය නොහැක්කේ? මේ තියෙන තත්වේ හැටියට විය නොහැකි දේවල් නැහැ ජෙනී!"

ජෙනී මේසයේ තබා තිබූ මනොබාල් ගේ චිත්‍රය අතට ගෙන එය ජිසූ ගේ මුහුණ ළඟට කොට, "ඇත්තටම ඔවුන් ගේ කිසිදු සමානකමක් නැහැ. පේනවද?"

ජිසූ එම පින්තුරය ඇගෙන් උදුරාගනිමින් නැගිට, "ඔව් පේනවා.. ඔවුන් ගේ කිසිදු සමානකමක් නැහැ.." ජෙනී එය අසු පමනින් සැනසුම් සුසුම් හෙළුවා. "ඔබට එයනේ අහන්න ඕනේ උනේ.."

"ජිසූ...!?"

සර් ලාන්ස් තම රාජකාරි සඳහා නැවත පිටව ගිය පසු ඔවුන් දෙදෙනා කුටියට වී වාද කරගනිමින් සිටියේ. ජෙනී ට අවැසි වුනේ නැහැ තම සැකය නිවැරදියි කියා දැනගැනීමට. ඇය මේ වෙනකොට ඒ තරමටම ලීසා ට කැමැත්තෙන් පසු වුනේ.

"මම දන්නවා.. ඈ මදක් නිහඬ, ගුප්ත චරිතයක් තමයි.. නමුත්.." ජෙනී නිදහසට කාරණා ඉදිරිපත් කරන්නට වුණා.

"නමුත්?" ජිසූ විමසුවා. "මේ බලන්න ජෙනී. මම දන්නවා ඔබ ඇයට කැමති වග. ඒත් මේ ආදරෙන් අන්ධ වෙලා වැඩ කරන්න ඕනේ කාලයක් නෙමෙයි. ජෙන්සායි රාජ්‍යයන් එකින් එක අල්ලගන්නවා. කෝඩ්‍රන් රාජ්‍ය දැනට ආරක්ෂා වෙලා තියෙන්නේ එහි අයිතිය ඔහුට තවමත් පෙන්වන්න බැරි වුණ නිසා.. නමුත් මාණික්‍ය ලැබුනොත් මේ සියල්ල වෙනස් වෙයි. ඔහුගේ ඊළඟ ඉලක්කය අපි වෙයි." ඇගේ උර මතින් දෑත් තැබූ ජිසූ සන්සුන්ව පැහැදිලි කළා.

මද වෙලාවක් ජෙනී සමඟ රැඳී සිටි ජිසූ ඈ ට තනිවම කල්පනා කිරීමට ඉඩ ලබා දෙමින් කුටියෙන් පිටව ගියා.

ඇඳ මත දිගා වූ ජෙනී කල්පනා සාගරයේ ගිලෙන්නට වුනා.. සිහින් සිරුරක් ඉතිං ඕනම කෙනෙක් ට තියෙනවා නෙ. කොණ්ඩය පවා එහෙමයි. එවැනි කුඩා සමානකම් සලකා බලා ලීසා හා මනොබාල් එකම පුද්ගලයා යැයි කිව නොහැකියි නෙ.. ඇය ලීසා හැකිතාක් දුර‍ට නිර්දෝෂ කිරීමට උත්සහ කළා.

මනොබාල් [GL](Slow Updates)Where stories live. Discover now