ආයෙත් තමන්ගෙ ගමන යන්න හිතාගෙන උදේම පිටත් වෙන්න ලෑස්ති උන මේ යාළුවෝ ටික අගුළු දාලා තිබුන කාමරයේ දොර ඇරිලා තියෙනවා දැකලා ඒ කාමරයට ගියා. එතනදි මායාකාරයාව දකින මෙයාලා පුදුමයට පත් උනා .... 😮
තමන් මායා බන්ධනයකට අහුවෙලා මේ මන්දිරයේ හිරකාරයෙක් විදිහට ජීවත්වෙන අහිංසක මනුස්සයෙක් කියලා මේ මායාකාරයා යාළුවන්ට බොරු කිවුවා .... ☹️
දවස් දෙකකට වතාවක් රෑට මායාකාරයා ආයෙත් මන්දිරයට එනවා කියලා තමයි මෙයා යාළුවන්ට කිවුවෙ. අද රෑට මායාකාරයා ආයෙත් එන නිසා, මායාකාරයා එන්න කලින් තමන්වත් බේරගෙන මෙහෙන් යන්න කියලා මේ මායාකාරයා යාළුවන්ට කිවුවා .... 🙄
මායා පෙට්ටගම ගැනත් මායා අයන් එක ගැනත් යාළුවන්ට කිවුව මායාකාරයා ඒක තමන්ගෙ පපුවෙන් තියලා මේ බන්ධනය කඩන්න කියලා යාළුවන්ගෙන් ඉල්ලුවා .... 🧙
හැමතැනකම තියෙන අමුතුබව නිසාම මේක විශ්වාස කරපු මේ යාළුවෝ පෙට්ටගමෙන් මායා අයන් එක අරගෙන මායාකාරයාගෙ පපුව උඩින් තියලා බන්ධනය කඩලා දැම්මා .... 😮
YOU ARE READING
🧙♀️ .... නපුරු මායාකාරයා .... 🧙♀️
Humorමේ ලෝකෙ හැම මනුස්සයෙක්ම එකවගේ උනොත් .... 🥴🥴