"භූමි... මේ.. මේ ස්නේහා. මගෙ ගර්ල්ෆ්රෙන්ඩ්."
ආයෙත් දවසක් හැන්දෑවක ඇහිච්ච ඔය වචන ටිකෙන් පස්සෙ මාව අන්තෙටම කඩාගෙන වැටුනා. මං ඇඬුවා.. පහුවදාට නැගිටගන්න බැරුව සහලොවලා උණ හැදෙනකල්ම මං ඇඬුවා..
එයා ස්නේහා අතින්ම හදපු සුප් එකක් අරන් ඇවිත් මට පොව පොව සාත්තු කරා.. පපුව ලාවා කන්දක් ගානට ගිනිගද්දි ඔලුවට ඕඩික්ලෝන් පෙගෙව්ව රෙදිකෑලි තිය තිය මහා මිත්ර සෙනෙහසකින් සාත්තු කලා..
මට රිදෙනවා අහස්.. මට හොඳටම රිදෙනවා.
උණට හේතුව උඹම හිතින් හිතාගෙන අහක යන වැස්සකට දෙස් දෙවොල් තිය තිය වරු ගානක් යනකල් කෑගහලා කෑගහලා හවස් වෙද්දි ස්නේහව හම්බෙන්නත් තියනවා කියාගෙන යන්න ගියා..
ස්නේහා.. එයා තනිකරම බෝනික්කියක්. හැම අතින්ම අහස්ට ගැලපෙන අහිංසක ලස්සන කෙල්ලක්.
ඒ දෙන්නා අතරෙ තිබුනෙ ගැලපීම්ම විතරයි. ඒත් එකම එක නොගැලපීමක් තිබුනා.
අහස් කොල්ලෙක්.
ස්නේහා කෙල්ලෙක්..
එච්චරයි...
...අපි පතනා ජීවිත සමහර තැන්වල
මුණගැහුනත් මේ ලෝකේ
හැම හමුවීමම කෙලවර වෙන්නෙ
හිමිවිමෙන් නොව අවසානේ
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවීද බොහෝ දුරක්
හංගා මතක හුස්මෙ තියන්
තනිවීම ප්රේමයක්...මං හරි පරිස්සමින් මගෙ හිත බලාගත්තා.. මට මං ගැනම දැනෙන මහා අනුකම්පාවකින් මාව වෙව්ලුම්කද්දි හිත හයිය කොල්ලෙක් වගේ මං දිගටම හිනාවෙලා හිටියා..
පපුව පිරෙන්න ඇදලා අතාරින සිගරට් දුමෙනුත් උඹවම ඇදෙද්දි පිස්සෙක් වගේ හම්බෙන හැම එකාටම සතුටු මූණවල් දික් කරා.. මං සතුටින්... අහස් උඹ නැතුව මට සතුටින් ඉන්න පුළුවන්..
නෑ.. මං මාවම රවට්ටගත්තා...
YOU ARE READING
ප්රේම සජ්ඣායනය ✅
Short Storyනැවත හමු නොවන සංසාර ගීයේ හිතක තනි මකනවා අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ කවුදෝ අපි සොයනවා...