උඹෙ කසාදෙට හරියටම සතියක් තියලා මහ රෑක ස්නේහගෙන් ආපු ඒ කෝල් එක මට තාමත් ඇහෙනව වගේ..
"අයියෙ ඔයා කොහෙද?"
කෙල්ල කතා කරේ අඬ අඬ.. අනේ උඹට මුකුත් කරදරයක් ද?
"ඇයි නංගි මං ගෙදර."
"අනේ පුළුවන් ඉක්මනට නවලෝකෙට එන්නකො"
පපුව එහෙමම නැවතුනා. දෙයියනේ උඹ හොඳින්ද රත්තරනේ. ඇඳන් හිටපු ඇදුම පිටින් සෙරෙප්පු දෙකක්වත් නැතුව මං එක හුස්මට හොස්පිට්ල් එකට දිව්වා..
මං යද්දි උඹ හිටියෙ වෙනදා වගේම ලස්සනට හිනාවීගෙන. චූටි වේදනාවක්වත් නැති විදිහට මූණ හදාගෙන. හදිස්සියෙ උඹට මොනව උනාද?
ස්නේහා උඹව අතෑරලා මං ලඟට දුවන් ඇවිත් මගෙ කකුල් පාමුල ඇදවැටුනා..
"මට සමාවෙන්න මගෙ රත්තරන් අයියෙ.. මට සමාවෙන්න..."
"මොකක්ද උනේ.."
"එයා ස්විසයිඩ් කරගෙන අයියෙ... මෙහෙට ගේනකොටත් නැතිවෙලා.."
මං ආයිමත් උඹ දිහා බැලුවා.. නෑ ඔය ඉන්නෙ ලස්සනට හිනාවීගෙන. මේකිට පිස්සුද??
"එයා හුස්ම ටික යන්න කලිනුත් කියෙව්වෙම ඔයාගෙ නම.."
මං රිදෙන පපුව රිදෙන්න මිරිකගෙන බිත්තියට වාරු උනා.. උඹ සැනසිල්ලේ නිදි.. මට උඹට කතා කරන්න ඕනෙ උනා.. රිදෙනවද අමාරුද කියලා අහන්න ඕනෙ උනා.. ඒත් උඹ නිදිනෙ ඇහැරවන්න ලෝබයි.
සමහරවිට රිදෙන්න නැතුව ඇති හිතන්නත් කලින් හුස්ම ටික යන්න ඇති..
"එයා ඔයාට ආදරෙන් හිටියෙ අයියෙ. මමයි එයාව ඔයාගෙන් ඈත් කලේ.. එහෙනම් මේ දේවල් මෙහෙම නොවෙන්න තිබුනා.."
ඔලුව ඇතුලෙන් අකුණු දාහක් එකපාර පුපුරනවා වගේ මට දැනුනෙ.. ස්නේහා තව මොන මොනවදෝ කියව කියව ඇඬුවත් මට ඒ කිසි දෙයක් ඇහුනෙ නෑ...
එතකොට උඹ මට ආදරේ කරලද? ඒකවත් නොතේරෙන තරමෙ මෝඩයෙක්ද මම. මං එහෙමම බිමට පෙරලෙද්දි ස්නේහා මාව වාරු කරන් කෑගහනවා මට ඈතින් වගේ ඇහුනා..
ආයිත් මං සති ගානකට පස්සෙ ඇස් අරිද්දි උඹ ගිහින්. කලින් වගේ පේනමානෙකට නෙවෙයි. හොදින්ද කෑවද කියලවත් අහගන්න බැරි තරම් දුරකටම ගිහින්.
මට මෙච්චරකල් රිද්දුවා මදිද රත්තරනේ මේ තරම් රිද්දලා උඹ ඈත ඉදන් බලාගෙන මට හිනාවෙනවද? මේ දඬුවම් ඕනෙවට වඩා සැර වැඩි නැද්ද??
ලබන ආත්මෙවත් උඹට ගැලපෙන විදිහකට ඉපදෙන්න පිං ගොඩක් කරගෙන මාත් ඉක්මනට එන්නම් මැණික.. මං එනකල් ඉන්න තැනක පරිස්සමින් ඉදපන්...
- නිමි -
පොරොන්දු වෙන්නම් සංසාරේ දුකක්නම් නොදී
පරිස්සම් කරන් නුඹව මා එක්කන් යමී
මේ හිරිහැර ලෝකෙන් පිටවි
අපි අපිටම පමනක් අයිතී
නැවතුමකදි කොහේ හෝ හමුවී
විදගමු මේ ආදරේ
අපි පතනා ජීවිත සමහර තැන්වල
මුණගැහුනත් මේ ලෝකේ
හැම හමුවීමම කෙලවර වෙන්නෙ
හිමිවිමෙන් නොව අවසානේ
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවීද බොහෝ දුරක්
හංගා මතක හුස්මෙ තියන්
තනිවීම ප්රේමයක්
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවීද බොහෝ දුරක්
හංගා මතක හුස්මෙ තියන්
තනිවීම ප්රේමයක්
ඇහිපිල්ලම් යට හංගා දෑසේ
විදගමු අපි මේ සංසාරේ
පමා වූ ඒ ආදරේ රිදුම්
සිනහව පාරනා සුසුම්
දරාන ජීවිතේ ගිමන්
මේ භවේ
ඉමු අපි පේන මානයයෙන්
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවීද බොහෝ දුරක්
හංගා මතක හුස්මෙ තියන්
තනිවීම ප්රේමයක්
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවීද බොහෝ දුරක්
හංගා මතක හුස්මෙ තියන්
තනිවීම ප්රේමයක්
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවීද බොහෝ දුරක්
හංගා මතක හුස්මෙ තියන්
තනිවීම ප්රේමයක්...
Comment එකක් දාන් යන්න බුබූලා 🥺❤️
YOU ARE READING
ප්රේම සජ්ඣායනය ✅
Short Storyනැවත හමු නොවන සංසාර ගීයේ හිතක තනි මකනවා අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ කවුදෝ අපි සොයනවා...