"භූමි.. අනේ උඹ මේක අහලා කලබල වෙන්න එපා.."
ඔය සිද්ධියෙන් මාස තුන හතරකට පස්සෙ දවසක අහස් මහ කලඹලේකින් මගෙ මූණ ඉස්සරහට මතු උනා..
"ඇ..ඇයි මචං?"
"න්..නුවී.. නුවී අක්කිට තව කොල්ලෙක් ඉන්නවා..."
මං හිනාඋනා.. පාර මැද්දෙම බිම ඉදගෙන මං පිස්සෙක් වගේ හිනා උනා. උඹ හරි තදින් මාව බදාගෙන පපුව අතගාන්න ගත්තා..
"අනේ රිලැක්ස් මචං ජස්ට් බ්‍රීත්.."
උඹේ ඇස්වල කඳුළු.. මට රිදෙද්දි උඹටත් රිදෙනවාද?
"මං හොඳින් මං හොඳින්.."
ඇස් අග්ගිස්සෙන් ගලන කඳුළු මැද්දෙන් හිනාවෙවී මං දිගටම මිමිණුවා..
ඔව් මං හොඳින්.. උඹ මෙච්චර තදින් මාව බදාගෙන ඉද්දි.. උඹෙ සුවඳ කල්ප ගානකට පස්සෙ පපුවටම වදිද්දි.. තවත් මොනවද මට ඕනෙ.. හැමදේම හොදින්නෙ මාත් හොදින්...
මගෙ හුස්ම එන්න එන්නම බර වුණා.. කොයිම මොහොතක හරි ඒ අත් මගෙන් ඈත්වෙයි කියන බයටම පපුව අසීමාන්තිකව ගැහෙන්න ගත්තා..
"නෑ.. උඹ අමුතුයි. යං අපි බීච් යන්ද? උඹට කොහෙද යන්න ඕනෙ.."
ඇයි මැනික මෙච්චර කලබලයක්.. මං ඔය දුක වින්දෙ අද නෙවෙයි. එදා මට උඹව ඕනෙම වෙලාවෙ උඹ හිටියෙ වෙන තුරුලකනෙ.
මට ස්නේහව මතක් උනා.. එයාව මතක් වෙන ගානෙම ඇස්වලින් එක සීරුවට කඳුළු පාරවල් ගලන් ගියා.
"මචං මට බොන්න ඕනෙ.."
එයා අකමැතිම මං කැමතිම අපේ තියන නරකම නොගැලපීම..
"හ්ම්.. යං.."
කවදාවත් නැතුව එයා හා කිව්වා. මේ වෙලාවෙ මාත්තෙක්ක ඉන්නම ඕනෙ කියලා එයාට හිතන්න ඇති. මට සමාවෙයන් අහස්. මේ ජීවිතේ මං වැඩිපුරම බොරු කරේ උඹට..
"පරිස්සමට නැඟිටින්නකො මහත්තයො.."
උඹෙ කටින් එහෙමම පිට උනා.. මගෙ හුස්ම ටික පපුව අස්සෙ හිර වෙලා පුපුරන්න වගේ දැනෙන හැඟීමකින් මාව තෙරපිලා තිබුනෙ.
එහෙමම පාර මැද වැටීගෙන මං ඇඬුවා.. කෑගගහා ඇඬුවා... උඹත් මාත්තෙක්කම ඇඬුවා..
වෙනද වගේ දැන් ඇති මචන් නොකියා ඉහින් කනින් වමනෙ දාන් වැටෙනකල් එදා උඹ මට බොන්න දුන්නා..
පස්සෙ වෙරි හින්දගෙන හරි පරිස්සමට එක්කන් ඇවිත් අම්මට මාව බාරදීලා යන්න ගියා.. ආයෙමත් මගෙ ජීවිතෙන් ඈතට..
ස්නේහා ලඟට...
YOU ARE READING
ප්‍රේම සජ්ඣායනය ✅
Short Storyනැවත හමු නොවන සංසාර ගීයේ හිතක තනි මකනවා අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ කවුදෝ අපි සොයනවා...