සතියක් විතර කාලය සාමකාමීව ගලාගෙන ගියෙ කට්ටියගේ බය තවත් වැඩි කරලා!මොකද press conference එකෙන් පස්සේ යුන්ජිව හොයාගන්නවත් බැරි උනා.ජිමින්ට කෝල් කරලා තිබුණත් ජිමින්ව හම්බවෙන්න නං යුන්ජි ඇවිත් තිබුණෙ නෑ! ඒ නිසාම ජිහී ජන්කුක් එක්ක එකතු වෙලා හීජින්ව ආපහු US යැව්වෙ හීජින් ගෙ ජීවිතෙත් අනතුරෙ වැටෙයි කියලා බයටම! ජන්කූක් උනත් ජිහී ළඟින්ම හිටියෙ කෙල්ලව හොඳට බලාගන්න.ජිමින් උනත් ජිහීගෙ ආරක්ෂාවට bodyguards ලා දැම්මෙ කෙල්ලටත් නොදැනිම!
මේ අතරෙ ජිමින් හිටියෙ තමන්ගෙ හදවතත් එක්ක ලොකු සටනක.කොල්ලට හිතාගන්න බැරි උනා යුන්ජි ගෙ හැසිරීම!යූනගෙ කරදරකාරී හැසිරීම මතක් වෙද්දි කොල්ලට මතක් වෙන්නෙ ජිහීව.කොච්චර reject කරත් වයිෆ් කෙනෙක් අතින් වෙන්න ඕන යුතුකම් කෙල්ල හරියටම ඉෂ්ට කළා! ඒත් අන්තිමට ජිමින්ගෙ හදවත හැමදාම නැවතුනෙ යුන්ජි ළඟ.කොල්ලා මහ මෙරක් තරම් යුන්ජිට ආදරය දුන්නා.මොකද ජිමින්ගෙ ඔම්මගෙ මරණින් පස්සෙ හිත හදපු කෙල්ල යුන්ජි නිසා!කොල්ලට ජිහී ගැන තිබුණෙ අනුකම්පාවක්!ඒත් කොල්ලට එක පාරක් හරි තේරුණානම් ඒ අනුකම්පාව විතරක් නෙවෙයි කියලා සමහර විට ඉස්සරහට වෙන්න තියන දේවල් වළක්වගන්න පුළුවන්කමක් තිබුණා!ජිහී ගැන හිතෙන වාරයක් පාසා ජිමින් කලේ යූනට තවත් ළං වෙන එක! ජිමින් දැනගෙන හිටියනම් තමන් කළේ මාරයගෙ කටට පනිනවා වගේ වැඩක් කියලා සමහර විට මීට වඩා තත්වය වෙනස් වෙන්න තිබුණා!!!!
වෙනදා වගේම අදත් ජිමින් තමන්ගෙ company එකට ගියෙ කලින්ම apartment එකට ගිහින් ජිහීට පොරොන්දු උනු විදිහට සෝල් university එකෙන් හදන hospital එකෙ ආයෝජන කටයුතු ගැන තවත් විස්තර කතා කරගන්න.ඒත් ඔෆිස් එකට ගිහින් බැලුවම තමයි කොල්ලට තරු පෙණුනෙ!මීටින් හයක් එක දිගට ම වැටිලා තිබුණා!ඒ වගේම ජිමින් අනිවාර්යයෙන්ම චෙක් කරන්න ඕන ෆයිල්ස් තොගයක්ම මේසෙ උඩ දිලිසි දිලිසි තිබුණා!කොල්ලා ගිය වෙලාවෙ ඉදලා එක දිගට වැඩ කලත් රෑ අට වෙනකන්වත් කොල්ලට ඔෆිස් එකෙන් හෙලවෙන්නවත් බැරි උනා.කොල්ලගෙ සෙකට්‍රි සූබින් සෝෆා එකෙ නිදි කිරද්දි සූබින් ගෙ මුළු පරම්පරාවම ආදරෙන් මතක් කරන ගමන් ජිමින් රෑ දහය හමාර වෙනකන්ම ෆයිල් ටික complete කරා!
YOU ARE READING
💕❄️🅢🅝🅞🅦 🅑🅐🅛🅛❄️💕 [ 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 ]
Fanfiction𝖣𝗂𝖽 𝗒𝗈𝗎 𝗄𝗇𝗈𝗐 𝗍𝗁𝖺𝗍 𝗐𝗁𝗂𝗍𝖾 𝗋𝗈𝗌𝖾𝗌 𝗆𝖾𝖺𝗇 𝗉𝗎𝗋𝖾 𝗅𝗈𝗏𝖾! 𝖣𝗈 𝗒𝗈𝗎 𝗁𝖺𝗏𝖾 𝗍𝗁𝖺𝗍 𝗄𝗂𝗇𝖽 𝗈𝖿 𝗅𝗈𝗏𝖾? 𝖧𝗈𝗐 𝖼𝖺𝗇 𝖨 𝗍𝖾𝗅𝗅 𝗒𝗈𝗎 𝗂𝗍'𝗌 𝗒𝗈𝗎, 𝗆𝗒 𝖺𝗇𝗀𝖾𝗅! 𝖫𝗈𝗏𝖾 𝗒𝗈𝗎 𝗌𝗈 𝗆𝗎𝖼𝗁 𝗆𝗒 𝗅𝗂𝗍...