1

32 8 2
                                    

අලුත් වසර ආරම්භ වෙන ලස්සන දවසක අලුත් පොත් ටිකත් තුරුලු කරන් මම ගියේ මට වාඩි වෙන්න පන්තියේ හොද තැනක් හොයාගන්න.මම ගෙදරින් පිටත් වෙන කොටත් පරක්කු වෙලා තිබ්බ නිසා මුල් බංකු දෙකේම බෑග් තියලා තව කෙනෙක්ට ඉන්න ඉඩ නැති වෙන්නම, "බෑග් අයිතිකාරයො අතුගාන්න යන්නැති" කියලා මටම කියාගත්ත මම තුන් වෙනි පේලියට යන්න බැලුවත් ඒකෙත් කොන් දෙකේම ලමයි ඉන්නවා. මම කැමති මෙහා කොනෙ නැත්නම් බිත්තිය කොනෙ ඉන්න. ඉතින් තුන් වෙනි පේලියත් බැරි නිසා මම අන්තිම පේලියට ගියා. අන්තිම පේලියේ මෙහා කොනෙන් ඉදගත්ත මම ටිකක් වෙලා වට පිට බල බල ඉදියා.අතුගාන්න යන්නත් කම්මැලි. ලමයි ගොඩක් එලියෙ හිටියෙ. එයාලා කොහේ ගිහින්ද කියලා මම දන්නෙත් නැ. දැනගත්තත් මට වැඩකුත් නැ මොකද මට කිසිම යාලුවෙක් පන්තියේ ඉදියේ නැ.අස් කරලා ඉවරයි කියන බෙල් එක ගැහුවට පස්සෙයි මම මේසේට තියන් ඉදිය ඔලුව උස්සලා වට පිට බැලුවෙ ගෑනු ලමයි ටික මම ඉන්න පිටිපස්සෙ පේලියෙ ඇරෙන්න ඊට ඉස්සරහ පේලිවල ඉදගෙන කිචි බිචි ගානවා.ගෑනු ලමයි ඉතින් ආව වෙලෙ ඉදන් කියෝනව. මට කතා කරන්න කව්රුත් ඉදියෙත් නැ. මම ඒ නිසා ආයි පන්තියේ දොර දිහා බලන් ඉදියා.

මම බලන කොටම වගේ පන්තියේ පිරිමි ලමයි ටික කෑගහගෙන පන්තියට ආවා.අැවිල්ලා කීප දෙනෙක් ඉදගෙන වතුර බොන්නත්, තවත් කීප දෙනෙක් හිටගෙනම කියව කියව වතුර බොන්නත් පටන් ගත්තා."ගෑනු ලමයින්ට වඩා උන් හරිම විනෝදකාමියි. මටත් පිරිමි ලමයෙක් වෙන්න තිබ්බනම්" ඔය වගේ දේවල් හිත හිත මම පිරිමි ලමයි දිහා ටිකක්වෙලා බලන් ඉදියා.ආයි දොර ලගින් පිරිමි ලමයි දෙන්නෙක් ආවා මම දැක්කා. මට කරන්න වැඩක් නැති නිසා මම ඒ දෙන්න දිහා හොදට බැලුවෙ. (සප්තයි)

එක්කෙනෙක් ටිකක් මිටියි තලෙලුයි කෙට්ටුයි. කලු පාට මාස් එකක් දාගෙන හිටියෙ. අනිත් කෙනා උසට ගැලපෙන මහත තියෙන කෙනෙක්.මට වඩා නම් අඩියක් විතර උස ඇති. තලෙුයි. ඒ වගේම නිල් පාට මාස්ක් එ⁣ක අතරින් මට එයාගෙ කුරුලෑ පෙවුනා හරිම ලස්සනට. එයා එයාත් එක්ක ආපු යාලුවා එක්ක හිනා වෙවි කතා කර කර හිටියෙ. එයාගෙ හිනාව මාස්ක් එක අතරිනුත් මම දැක්කා. එක පාර මොකක් වුනාද කියලා හිතාගන්න බැරිවුනත් ඒ වෙච්ච දේට කැමති වුන මම දිගටම ඒ විදියට එයා දිහා බලන් ඉදියා. එයාගෙ ඇස් පවා ලස්සනයි. ඒ ඇස් එක පාරින්ම මාව අහුකරගත්තා. තනියම පිටිපස්සෙ පේලියට වෙලා එයා දිහා නිකටට අතකුත් තියන්බලන් ඉන්න ගෑනු ලමයා කව්ද කියලා වගෙ ලුක් එකකින් එයා බැලුවෙ. ටක් ගාලා අහක බලාගත්ත මම ආයි පොත් මේසෙ උඩින් ඔලුව තියාගන්න හදපු ගමන් කෙනෙක් මගේ දිහාවට බෙරිහන් දීගෙන එනව මම දැක්කා.

ඒ කාව්‍යා....

මම අදුරනවා වුනත් එච්චර මූනට මුන ගැහිලා නැ. අදුරගත්තෙ msg වලින් කතා කරලා. ඉතින් දැන් එයා මගේ යාලුවෙක්. ආපු වෙලාවෙ ඉදන් මට කාව්‍යව මතක් වුනෙ නැති එක ගැන මම පුදුම හිතුන.

ආ මැණිකේ.....

කාව්‍යා කෑ ගහගෙන ආපු විදියට මම වටපිටත් බැලුවෙ පිරිමි ලමයිනුත් මං හිතපු දේ හිතුවොත් මල විලි ලැජ්ජාව නිසා. මොකද මම gl කියවල ඔලුව නරක් කරන් ඉන්නෙ....

Alien Author ♥️

Useless LoveWhere stories live. Discover now