3

20 6 1
                                    


ස්පෝට් මීට් එකත් ළඟ ලගම, අපේ නිවාසය උදාර නිවාසය. අපි ඉස්කෝලෙ ලොකු පන්ති නිසා අපිව තමයි පත් කලේ නිවාස වැඩ ගැන බලන්න. මියුරත් උදාර නිවාසෙමයි.ඒත් කාව්‍යා උදාර එකේ නෙමෙයි.ස්පෝට් මීට් එකේ වැඩ එක්ක හැමෝම කාර්යබහුල වුනා. ඒ වගේම මට මියුරත් එක්ක එකට වැඩ කරන්නත් පුලුවන් වුනා.ඒ දවස් වල ඒක මගේ වාසනාව කියල හිතුවට මට දැන් තෙරෙනවා ඒක දෛවය මට කරපු පුංචි විහිලුවක් විතරයි කියලා.
වැඩ කරන අතරතුර මගෙ වැඩේ නවත්තලා මම ඔයා දිහා කොච්චර නම් බලන් ඉදලා ඇද්ද.. මගේම කදුලු වැටිලා බොද වෙලා යන නිවාස ලාංඡන කීයක් මම විසික් කරලා ඇත්ද...
මං කතා කරන කොට අහක බලාගෙන ඕනවට එපාවට උත්තර දෙකොට මම කොච්චර හිතින් කෑගහලා ඇත්ද...

හැම වැඩක්ම ලස්සනට කෙරිලා අන්තිමට ඉතුරු වුනේ නිවාසය හදන එක.ඒක බාර ගන්න කව්රුත් නැ. මොකද ඒක ලොකු අභියෝගයක් කාලයත් මදි නිසා. මියුර ම⁣ගේ දිහාවට හැරිලා ඇහුවා" ඔයාට පුලුවන්ද ඒ වැඩේ වගකීම ගන්න.."
වෙන කොල්ලෙක් ඇහුවනම් මම බැ කියන්නෙ අහපු කෙනාටත් බැනලා.මට ඉබේටම හා කියවුනා. එයා මගෙන් ඒක අහන්න ඇත්තෙ මේ වගේ වැඩකට හා කියන්න තරන් මෝඩ කෙල්ලෙක් විදියට මාව දැක්ක නිසා වෙන්නැති.
"මම දන්නවනෙ කවී මේක කරනවා කියලා.ඒකයි  මම වෙන කාටවත් මේක දුන්නෙත් නැත්තෙ"
අහිංසක විදිහට එයා මාත් එක්ක හිනා වෙලා එහෙම කිව්වා.
හහ් මොකක්ද ඒ කිව්ව කතාවෙ තේරුම.ඔයා බටර් ගාන්නත් දන්නවද..කොහොම වුනත් ඔයා මං ගැන බොරුවට හරි එහෙම දෙයක් කියපු එක කොච්චර හොදද.. අනෙ ඇයි මියුර ඔයා මට මෙහෙම කරන්නෙ. මට ඔයා ගැන මතක අමතක කරන්න දෙන්නෙ නැත්තෙ ඇයි ඔයා. තරහක් තියෙනවනම් වෙන විදිහකට පලිගන්න.මගේ හිත තොරතෝංචියක් නැතුව කියවන දේවල් වලින් ටිකක් විතරයි ඔය.

නිවාස වැඩේ කලබලෙන් වුනත් ලස්සනට කෙරුනා. මමයි මගේ යාලුවොයි එකතු වෙලා නිවාසෙත් පුලු පුලුවන් විදියට ලස්සනට ඉවර කලා. ඒත් මියුර,ඒ ගැන එයාට කතා කරන්නවත් සිහියක් නැ. මම මෙච්චර එයා නිසා මහන්සි වුනත් එයාට ගානක්වත් නැහැ.
නිවාසාන්තර තරගය ඉවර වුනාම අපිට ඉස්කෝලෙන් පාටියක් දුන්නා.ලමයින්ට සින්දු කියලා නටලා කරලා මහන්සි වෙලා ඉන්න කොට බීම පැකට් දුන්නා.බීම පැකට් දෙන කොට මමයි කාව්‍යයි ඉදියෙ මිස් කෙනෙක්ගෙ වැඩකට ගිහින්. ඉස්කෝලෙ හතර වටේම ඒ මිස්ව හොයලා පනිවිඩේ කියලා අපි ඉන්න තැනට එනකොට ලමයි බීම බොනවා.අපි දෙන්නට නැහැ. මොනා කරන්නද ඉතින් අපි දෙන්න ඉදගෙන ලැබුනු බිස්කට් දෙක කකා ඉන්නකොට මියුර අපේ පැත්තට එනව මම දැක්කා.හුම් සුපුරුදු රගපෑම

"ඒ කාව්‍යා අන්න මියුර එනවා.උබව බලන්න වෙන්නැති."

මම කිව්වම කාව්‍යත් මියුර එන දිහා බැලුවා.මියුර ඇවිල්ලා මගේ අතට කිරි පැකට් දෙකක් දුන්නා.මම එයාගෙන් ආදරේ හිගාකන හිගන ගෑනු ලමෙක් වගේ එක පුංචි වචනයක් බලාපොරොත්තු වුනත් එයා කාව්‍යා දිහාවට ඇගිල්ල දිග් කරලා එයාටත් දෙන්න කියන එක විතරයි ඇගෙව්වෙ.මම එයා බලන් ඉද්දිම  කාව්‍යාට බීම එකක් දුන්නා.දෙකම ගහලා දාලා නැගිටලා යන්න ඕන වුනත් මට ඕන වුනෙ නැ ඔයාගෙ හිත රිද්දන්න.සමහර විට මම නැගිටලා ගියානම් ඔයාට සතුටු හිතෙන්නත් තිබ්බා.

කාව්‍යා ඉස්සරහ රගපාන රගපෑම ඉවරත් නැ. මියුර මාව රිද්දන එක නවත්තන්නෙත් නැ. මගේ හිතට පාලනයකුත් නැ.මියුරගෙයි කාව්‍යගෙයි කතා ඉවරයකුත් නැ. ඉස්කෝලෙ ඉන්න ලොකු පන්ති පවා ඒ දෙන්නගෙ කතාවට උදව් දෙනවා. මියුර කාව්‍යා දිහා බැලුවත් ආ ගාලා කෑගහනවා ලමයි,ඒ තරන් ඒ දෙන්නා famous. ඔය හැමදේම පන්තිය මුල්ලට වෙලා බලන් ඉන්න මාව ඔයා කොහොම දැනගන්නද මියුර....

Elian Author 👽♥️

You've reached the end of published parts.

⏰ Last updated: Jul 04, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Useless LoveWhere stories live. Discover now