2

20 5 2
                                    

මම දැන් ඉන්නෙ කාව්‍යායි චමත්කායි එක්ක චමත්කා කියන්නෙ කාව්‍යගෙ හොදම යාලුවා.ඉතින් සමහර වෙලාවට මම අර මම කලින් කිව්ව උස පිරිමි ලමයා දිහා බලන් ඉන්නවා.එයා හරිම ලස්සල පර්සනැලිටි එකක් තියෙන කෙනෙක්. නපුරුත් නැ අහිංසකත් නැ. ආඩම්බරකම ඇත්තෙත් නැ නැත්තෙත් නැ. මට තව විස්තර කරන්න තෙරෙන්නෙ නැ. කොහොම හරි මම සීරියස් විදියට එයාව crush එකක් කරගන්නවා. එයාගෙ හිනාව තමයි මම ආසම දේ. ඒත් එයා මාස්ක් එක ගලවන්නෙ හරිම කලාතුරකින්.ආඩම්බරකමද නැත්නම් එයා කැතයි කියලා හිතනවද දන්නෙ නැ.

දවසක් අපි මිස් කෙනෙක් පන්තියේ හිටිය නැති නිසා කියව කියව ඉන්න කොට කාව්‍යා ඇවිල්ලා මටයි චමත්කටයි කිව්වා, එයා දිහා මියුර බලන් ඉන්නවා කියලා. මට හිනත් ගියා. එයා ඒක කිව්ව විදිය හරිම කියුට්. කෝමෙන් හරි මම අපේ පන්තියේ පිරිමි ලමයින්ගෙන් දැනන් ඉදියේ අයේශ්ගෙ නම විතරයි ⁣මොකද එයා පන්ති නායකයා. එතනින් එහාට මම මගේ crush එකේ නමවත් දැනන් ඉදියේ නැ. ඉතින් මම කාව්‍යාගෙන් ඇහුවෙ කව්ද මියුර කියන්නෙ කියලා.මට බලන්න ඕන වුනා කව්ද කාව්‍යා දිහා බලන් ඉන්න පිරිමි ලමයා කියලා. එයා ඊට පස්සෙ එයා ඉන්න තැන මට විස්තර කරන්න පටන් ගත්තා.

"එයා ඉන්නෙ දෙවෙනි පේලියෙ මේ පැත්තෙ ඉදන් දෙවැනියට."
මමත් ඒ කාව්‍යා කිව්ව විදිහට මගේ ඇස් දෙවෙනි පේලියෙ දෙවැනිය දිහාවට හැරෙව්වා. එතන ඉදියේ මම හීනෙනිකින්වත් හිතපු නැති කෙනෙක්. එක පාරට මගේ ඇස් දෙකේ කදුලු පිරිලා නහය රතු වෙනව මට දැනුනා. ඉක්මනින් ඇස් පිය ගහලා ආයි හොදටම මුල ඉදන් එක දෙක ගනන් කරලා මම බැලුවෙ ඒ ඉදියේ මගෙ crush එක වෙච්ච ඒ පිරිමි ලමයමද බලන්න.

වෙනසක් නැ ඒ එයාම තමයි. එතකොට එයාගෙ නම මියුරද... එයා වගේමයි හරිම ලස්සනයි නමත්.

ඒත් එක්කම කාව්‍යා මගේ ලගින් ඉදගෙන ලැජ්ජාවෙන් හිනා වේගෙන  අහනවා එයා ලස්සනද කියලා. මම මොනා කියන්නද එයා ලස්සනයි තමයි.

මම ඔලුව වැනුවෙ මගේ කටේ ගොතයක් ඇවිල්ලා ඇතියි කියලා මටම සැකයක් ඇවිත් තිබුන නිසා.ඉතින් මියුර සැරින් සැරේ කාව්‍යා දිහා බලනවා මම දැක්කා. කාව්‍යත් ඉගි බිගි පානවා. මේ දෙන්නා මැද්දෙ මම නිකන් ගල් පිලිමයක් වගේ. මියුරගෙ හිනාව මගෙ ඇස් දෙකේ වැදිලා කාව්‍යාගෙ ඇස් දෙක ඇතුලෙ ගිලෙනවා.ඒ හිනාව මට අයිති නැ වගේ. ඒ දෙන්නා මැද්⁣දෙ හිටෝපු කලු ගල් බාදකයක් වගෙ මට මාවම දැනුනෙ.

ඉතින් ටික ටික දවස් ගෙවෙද්දි මියුරගෙයි කාව්‍යාගෙයි ආදර කතාව ලොකු වෙන්න ගත්තා. මගේ පුංචි හදවතත් ටික ටික කැඩෙන්න ගත්තා.මගේ හදවතේ පතුරු කැඩි කැඩි මගේ ඇස් වලින් නැවතෙන්නෙ නැතුවම බිමට වැටුනා.ඒ එක්කම ඒ දෙන්නාගෙ ලස්සන ආදර කතාවට උදව් කරන්න තරන් මගේ හිත අහිංසක වුනා.

කාව්‍යා හැමදාම මට ඇවිත් මියුර එයාට රහසින් කියන දේවල් ඇවිල්ලා රතු කරගත්ත මූනින් විස්තර කරනවා.

"අනේ හලෝ එයා අද ආ කාව්‍යා කියාගෙන ගියා.අනේ එයාගෙ කටහඩේ ලස්සන...."

"ඒයි බන් අද මම පුටුවක් උස්සන් යද්දි මියුර බර නම් දෙන්න අනේ කිව්වනෙ... අනෙ එයා සුවිට්...."

"ඒයි මම එයාට බං කිව්වම එයා මට කියනවා බං කියන්නෙපා බං ඉතින්.අනෙ එයා හුරතල් බං"

"ඒ මම අද දැක්කෙ කවී... එයා කාර් එකකින් ඉස්කෝලෙ එන්නෙ. ඇවිල්ලා මට ඇහැක් ගහලා ගියා.මාව රතුත් වුනා."

ඉතින් ඔය වගේ දේවල් හැමදාම වගේ කාව්‍යා මාත් එක්ක කතා කරනවා මියුර ගැන....කවද හරි මේක කියවන ඔයා ඒ වේදනාව විදල තියෙනවනම් විතරයි ඔයාට තේරෙන්නෙ ඒ වේදනාව. නැත්නම් ඔයාට ඒක තේරෙන්නෙ නැ,මට තේරුන් කරන්න තේරෙන්නෙත් නැ.

එයා ඉස්සරහා හිනා වෙලා කාව්‍යගෙ හිතෙ මියුර ගැන තියෙන කැමැත්ත වැඩි වෙන විදිහට කතා කරලා එයා එක්ක සතුට බෙදා ගත්ත මම මගේ කදුලු දරා ගන්න තරන් ශක්තිමත් වුන එක ගැන  දෙවියන්ට ස්තුති කරනවා.

Alien Author ♥️

Useless LoveWhere stories live. Discover now