මේ ලෝකෙ තියෙන දරාගන්න අමාරුම හැඟීම්වලින් එකක් තමයි, තමන්ට ලෝකෙට කියන්න ඔින කියන දේවල් දහසක්ම හිතේ හිරවෙලා තිබුණත්, කිසිම ප්රශ්නයක් නෑ වගේ - ඒ හැමදේම තමන්ගේ හිතේ හැමදාමත් හිරකරගෙන, සද්ද නැතුව ඉන්න තීරණය කරන එක.
මොකද ඒ දේවල් කියන්න ගියත් ඒ හැමදේටම හේතු පැහැදිලි කරන්න ගිහින් මිනිස්සුන්ට හැමදාමත් වගේ හති වැටෙන නිසායි.
.
.
.
.
.
.
.
"අපිට හෙට තියෙන ඔයාගේ ගොල්ෆ් ස්කෙඩියුල් එක අයින් කරන්න වෙනවා ටේහ්යොග්... හෙට අපිට හදිස්සියේම වේගාස් කොන්සර්ට් එකේ කරපු වෙනස්කම් දෙක තුනක් ගැන කතා කරන්න මැනේජ්මන්ට් එකෙන් මීටින් එකක් දාගෙන....."
තමන්ගේ තාත්තාත් එක්ක ගොල්ෆ් ප්ලේ කරන අදහසින් අද උදේන්ම ගිහින් අරගත්තු අළුතින්ම ගොල්ෆ් පිති දෙක දිහා බලාගෙන හිනාවෙවී හිටපු ටේහ්යොන් ළඟට මැනේජර් ලී දුවගෙන ආවේ එහෙම කියාගෙනමයි. ඉතින් මැනේජර් ලී කියපු ඒ කතාවත් එක්ක මෙච්චරවෙලා ටේහ්යොන්ගේ හිතේ පිරිලා තිබුණු සතුට, එයාගේ තාත්තා එක ගත කරන්න වෙන් කරගෙන හිටපු කාලෙ ආයෙමත් තුන්වෙනි පාරටත් කැපකරන්න සිද්ධවෙන එක ගැන තේරුණ නිසා නැතිවෙලා ගියේ ඇහිපිය ගහන පමාවෙනි.
ගිය මාසෙ ඉදන් තුන්පාරක්ම එයාගේ තාත්තා එක්ක ගොල්ෆ් ප්ලේ කරන්න යන්න තිබුණු හැම ප්ලෑන් එකක්ම මේ විදිහට නතර කරලා දාන්න ටේහ්යොන්ට සිද්ධ වුණේ හරිම අවාසනාවන්ත විදිහටයි.
"මං අප්පාට කතා කරලා කියන්නම් හ්යොන්....."
ලොකු හුස්මක් අතාරින ගමන්, මෙච්චරවෙලා අතේ තිබුණූ ගොල්ෆ් පිත්ත පැත්තනට විසික් කරපු ටේහ්යොන් ඒත් එක්කම එයාගේ තාත්තාට කෝල් එකක් ගන්න අමතක කලේ නැහැ.
"අප්පා..... ඔයාට කොහොමද.... මං මේ කතා කලේ... අහ්ම්--- අපිට හෙට-----"
ටේහ්යොන් එයාගේ වචන ගැටගහන්න උත්සහ කලේ පුදුම අපහසුවකින්.
"ඒකට කමක් නෑ ටේහ්යොගා.... අපි වෙන දවසක යමු... අප්පාට බලාගෙන ඉන්න පුළුවන්... මං නිසා පුතාගෙ වැඩ ටික පහුකරන්න හොඳ නෑනෙ...." ඒත් ටේහ්යොන්ගේ තාත්තාගේ ඒ බලාපොරොත්තු නොවුණ කතාවත් එක්ක කොල්ලාගේ හිතට එකතුවුණේ ලොකු කණස්සල්ලක් විතරයි.
![](https://img.wattpad.com/cover/313751542-288-k441763.jpg)
YOU ARE READING
Bangtan ‖ OT7 [9]
Fanfictionමේ ලෝකෙ හැම දේකටම, උපරිම සීමාවක් තියෙනවා. A series of bangtan members' untold stories Content ahead including Anger, Pain with ideologically sensitive topics. 🌟 Highest Tag Ranking: #321 in Srilanka out of 1.2K stories (221117) Bangtan © 2022 June...