Arrogant You part 03
Ria 's pov
_________________________🚶♀️ ඒක නෙවෙයි ඔයා කවුද?
🚶 ආ... මම.. මම bin. Moon bin.
🚶♀️ ඔහ් එහෙමද.. Thank you mr. Bin.
(මං ඒක කිව්වේ. මිස්ට බී.. න් කියලා 😂 කොල්ලට ඒක තේරුණා මං හිතන්නේ. මගේ දිහා බලපු බැල්ම .... අනේ ඉතින් මං බයවෙයි ඕවට. )මේ යකා මොනවද මන්දා කෑමක් ගෙනල්ලා තිබ්බා. සෝස් එකක දාපු පණු පැටව් වගේ නිකන් .
🚶♀️ මේ මොනවද මේ...
🚶.. මේවා street foods. ඔය tobbokie. ඔවා කන්න එපා ඉස්සෙල්ලම. මේ fruits කාලා ඉන්න.
🚶♀️ මේවත් street ද?
🚶 ඔව්. කඩේකට යන්න time තිබ්බේ නෑ..
🚶♀️ ඔහ් ෂී...ට්
දැන් තමුන් කියන්නේ මට පාර අයිනෙ තියන මේ මලජරා කෑම කන්න කියලද?
මට හිඟන්නෝ කන කෑම කන්න බැ.🚶 මොකක්?
🚶♀️ ගෙනාවට thanx & මට treat කලාට thanx. මම pay කරන්නම් මේ help එකට.
මේ කොල්ලා මට පාර අයිනෙ කඩේක කෑම ගෙනාව කිව්වම නම් මට මලයකා ආවේස වුනා. උදව් කරපු කෙනෙක්ට ගොඩක් නරක විදියට බනින්න බැරි නිසා මම ටිකක් බැනලා ගියා.
තිබ්බ කේන්තියටම uncle lee එනකන් ඉන්නෙත් නැතුව taxi එකක ආවා. මම එහෙම තනියම ආපු පළවෙනි වතාව වුනාට මොකද එහෙම ලොකු අවුලක් තිබ්බෙත් නෑ...
________________________
Author's pov
________________________රියා කඩාගෙන බිදගෙන එළියට ගියා. එයා කිව්ව කිසිම දේකට මුකුත් නොකිය බින් හිටියේ.. රියා ගැන හොදට දන්න නිසා.
ඒත් රියා තනියම ගියපු නිසා.. බයට බින් රියා ගියපු කැබ් එක පස්සෙන් ගියා. ඊටපස්සේ රියා apartment එක ඇතුලට ගියාට පස්සේ තමයි එයා ආපහු ගියේ.
රියා දන්නේ නැහැ බින් එයා ගැන දන්නවා කියලා. ඒ නිසා එයා බින්ව වැඩිය ගණන් ගත්තේ නෑ. ඒ රියා ගේ හැටි.....
පළවෙනි මාසේම ඉක්මනට ගත වුණා. ටිකක් ලොකු කඩවල් ගොඩක part time job එකක් හොයාගන්න මේ දවස් ටිකේම ට්‍රයි කලත් රියාට බැරි වුණා. මොකද ඒ හැම එකකින්ම experience ඉල්ලුවා.
අනික රියා කතා කරන විදියට.. අදින standard ඇදුම්.. මේ වගේ දේවල් නිසත් එයාට part time job එකක් හොයාගන්න බැරි වුණා.
YOU ARE READING
Arrogant You
Fanfictionඅහංකාර කොලෙක්ගෙයි අහංකාර කෙල්ලෙගෙයි අහංකාර ආදරේක අහංකාර කතාවක් . හිමි වීම ද , අහිමි වීමද අවසාය ...... , හිමි වීම තුළ අහිමි වීමක් වේවිද අහිමි වීම තුළ සදාකාලික හිමි වීමක් තියේවිද... බලාගෙන ඉමු ගැහෙන හදවත් තුළ ප්‍රේමයේ ප්‍රාර්ථනාවක් තියාගෙන.