මං ඉතින් අකමැත්තේන් වුනත් කැෆේ එකේ වැඩ කළා. කැම්පස් එකේ වැඩත් කරගෙන ශේප් එකේ හිටියා.
පාරවල් එහෙම පුරුදු වුනාට පස්සේ uncle lee ගේ car එක ආවේ නෑ 🥲 මට යන්න වුණේ බස් එකෙන්. ඔන්න ඔහේ ඕන එකක් කියලා ඉතින් මම ඒ ජීවිතේටත් ටික ටික හුරු වුණා.
දවසක්... මම කැෆේ එකට යද්දී කිචන් එකේ ග්ලාස් දෙක තුනක් බිම. වීදුරු කටු හැම තැනම. මං ඇතුලත ගිහිල්ලා බලද්දී මුල්ලක වාඩි වෙලා හිටියේ අර ක්ලීනින් වලට ආපු ගෑනු කෙනාගේ pre school යන පොඩි ළමයා.
🚶♀️කෝ අම්මා? මොකද්ද ළමයෝ මේ කරලා තියෙන්නේ...🙄
💚නුනා 😭😭
🚶♀️මොකද ඒපාර අඩන්නේ... වීදුරුත් බිදලා...
💚නුනා... අම්මා මල්ලිව අරන් දුවලා ගියා...
🚶♀️මොකක්? තේරෙන්න කියනවා ළමයෝ...
💚අම්මා... මල්ලිව අරන් දුවලා ගියා....
මොන මගුලක් ද කියන්නේ... අහ්හ් ඒ ගෑනිට පිස්සුද මන්දා හරියට කතාකරගන්නවත් බැරි පොඩි එකෙක්ව තනියම වැඩකරන තැන දාලා යන්න. 🙄
මං එහෙම හිත හිත ඉද්දි දොර පැත්තෙන් සද්දයක් ඇහුන නිසා ඒ පැත්ත බැලුවා. High school uniform එකෙන් ලස්සන කූල් කොල්ලෙක් දුවගෙන ආවා. යකෝ.. මටත් වඩා ලොකුයි වගේ..
ඒ කොල්ලා දුවගෙන ආවේ කෙලින්ම අර පොඩි ළමයා ළගට.
💙Bok-su යා......
💚Hyoung... 😭😭😭😭
💙බොක්සුයා.. නො ක්‌වෙන්චනා.... 🥺
💚Hyong... 😭 අම්මා... මල්ලි.... කෝ...
💙බය වෙන්න එපා.. එයාලා හොදින් ඇති. අපි යමු දැන් එයාලව බලන්න.
එහෙම කියලා ඒ කොල්ලා පොඩි ළමයව වඩාගෙන යන්න හැරිලා ආයේ මගේ දිහා බැලුවා.
💙කුමාවෝ නුනා. මගේ මල්ලිව බලාගත්තට...
එහෙම කියලා ඒ කොල්ලා යන්න හැදුවා. මට කිසි දෙයක් හිතාගන්න බැරුව තෝන්තු වෙලා හිටියේ.. 🙄
🚶♀️ චක්කම්මන්.... ඒ අජුම්මට මොකද්ද වුණේ?
💙ඔම්මට නෙවෙයි නුනා... චූටි මල්ලිට අසනීප වෙලා තියෙන්නේ. වමනේ දාන්න පටන් අරන්. එයාව නිල් වෙලා..
YOU ARE READING
Arrogant You
Fanfictionඅහංකාර කොලෙක්ගෙයි අහංකාර කෙල්ලෙගෙයි අහංකාර ආදරේක අහංකාර කතාවක් . හිමි වීම ද , අහිමි වීමද අවසාය ...... , හිමි වීම තුළ අහිමි වීමක් වේවිද අහිමි වීම තුළ සදාකාලික හිමි වීමක් තියේවිද... බලාගෙන ඉමු ගැහෙන හදවත් තුළ ප්‍රේමයේ ප්‍රාර්ථනාවක් තියාගෙන.