Part - 06

21 6 0
                                    

06
_________

💙නුනා....

🚶‍♀️ඕ........

💙අද එනවා නේද මගෙ උපාධි උත්සවේට ....

🚶‍♀️ නැතුව නැතුව මං එන්නෙ නැතුව කොහොමද ? මං ටාර්ගාලා කැම්පස් එකට ගිහිල්ලා මේ ෆයිල් එක දීලා එන්නම් හරිද ?

💙හරි නුනා... මං බලන් ඉන්නවා හරිද

🚶‍♀️හරේ...

ඒ අස්සෙ චූටි මල්ලි උදේම අඬනවා. මං එයාව වඩාගෙන හිටියෙ. එයාවත් මොන්ටිසෝරියට දාලා මං ටග්ගාලා කැම්පස් එකට ගියේ ආයෙමත් හන්සුගෙ ඉස්කෝලෙට යන්න තිබ්බ නිසා. ඒත්... හිතුවෙ නැති දෙයක් වුනා. ඇත්තටම මම ඒක බලාපොරොත්තු වුනේ නෑ.

මට බින් ව හම්බුණා. එයා වෙනදට වඩා ටිකක් වෙනස්.

🚶කොහෙද යන්නෙ ?

🚶‍♀️ආ.... සොරි අයියෝ . මට කියන්න අමතක වුනානෙ. මං හන්සුගෙ ඉස්කෝලෙට යනවා... දැනටමත් පරක්කු වුනා. මං යනවා...

🚶පොඩ්ඩක් ඉන්න.
බින් මගෙ අතින් අල්ලලා නැවැත්තුවා.

🚶‍♀️ඇයි ?

🚶ඔයාට යන්නම ඕනෙද ? ඔයාට එහෙ යන්න බෑ...

🚶‍♀️එ මොකද ?

🚶මං කැමති නෑ. කිව්වම අහන්න. හේතුවක් තියන නිසා කියන්නෙ.

🚶‍♀️මොකක් ? මොකද්ද හේතුව.

🚶මං කියන්නෙ ඔයාට හන්සු ළඟට යන්න එපා කියලා..

එයා මට හේතුවක් කිව්වෙ නෑ. එපා කියලා විතරයි කිව්වෙ. ඉතින් මට හොඳටම තරහාගියා.

🚶‍♀️මොන විකාරයක් ද මේ.. තමුන් කවුරු කියලද හිතන් ඉන්නෙ ආ... එක දවසක් නිදාගත්තා කියලා තමුන් හිතුවද මාව තමුන්ට අයිතියි කියලා .. ආ... ඔව් මම යනවා තමා . මං යනවා...

මම එහෙම කියාගෙන යද්දි එයා පුදුමෙන් වගේ මගෙ අත අතඇරියා.... මමත් ගණන් නොගෙන එයාව දාලා ආවා. ඒ වෙද්දි මට කාර් එකක් තිබ්බා. මම කාර් එකේ කෙලින්ම ගියේ හන්සුගෙ ඉස්කෝලෙට. එයාලට වෙනසක් පෙන්නන්න බැරි නිසා වෙනදා වගේම හිටියා.

මං ඇතුළට යද්දිම හන්සු යාළුවො සෙට් එකක් එක්ක කියව කියව හිටියා. මාව දැක්ක ගමන් හන්සුට කලින් යාලුවො ටික මගෙ ළඟට ආවා. ඒ ළමයින්ව හන්සුගෙ මල්ලිගෙ මළගෙදරදි දැක්කට කතාකරන්න බැරි වුනානෙ...

You've reached the end of published parts.

⏰ Last updated: Nov 21, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Arrogant You Where stories live. Discover now