It's last day in 2nd term

27 4 9
                                    

දෙවන වාර විභාගයේ ලකුණුත් ලබාදීමෙන් පසුව එලබෙන්නේ වාර අවසාන දෙමව්පිය රැස්වීමයි.ඒත් මේ වාරයනම් ඊට හාත්පසින්ම වෙනස් එකක් විය.කොරෝනා වසංගතයේ පිහිටෙන් දෙමව්පිය රැස්වීම ලෙෆ්ට් විය.මෙවර වාර විභාගය මට මෙන්ම මගේ මිතුරියන්ටද ඒ හැටි ප්‍රශ්නයක් නොවීය.දෙමව්පිය රැස්වීමක් නොමැති වීම නිසාම මගේ මෙන්ම මගේ යෙහෙළියන්ගේ සිත් තුළ නැගුණේ කුරිරු සතුටකි.

එකී මෙකී සෑම දෙයකින්ම පසුව දෙවන වාරයේ අවසාන දිනය දක්වා ඉක්මනින්ම දවස් ගෙවුණි.එදා අපට නියමිතව තිබුණේ දෙවන වාර අවසාන බලු කපුටු දානයයි.බීම බෝතල්,වේපස්,බිස්කට්,කේක් වැනි කෑම වර්ග වලින් අලංකාරවන මේසයේ සෑමවිටම අඩුපාඩුවට තිබුනේ 1/2 ගල් බෝතලයක් පමණි.ඒම එකක් තිබුනද එය අපගේ මුලු පන්තියේ ළමුන්ටම නොසෑහේ.එවැනි සොදුරු අතීතයක් තිබූ අපට එදා කරුමෙට මෙන් හැමෝම අතවනවන ආවේ අප්‍රිකානු හිගන්නෝ ලෙසය.

එවැනි සොදුරු අතීතයක් තිබූ අපට එදා කරුමෙට මෙන් හැමෝම අතවනවන ආවේ අප්‍රිකානු හිගන්නෝ ලෙසය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මිස් චා නම් ඕම නෙමේ කෝම කීවත් මට ඇයව පෙනුනේ හිගන්නෙක් ලෙසය.ඔමී එදා පාසලට සීනුව නාද වීමට පෙර පැමිනීම අප සැම පුදුම කරවීය.මේ සෑම සියලු දෙනාටම තිබුනේ ඉන්ටවල් එකේ කෑමට බීමට ගෙනා ලන්ච් බොක්ස් එක පමණි.එම නිසා මොවුන්ගේ බයිට් එක ඊයේ බලපු කේ ඩ්‍රාමා එකේ තිබූ කිස් සීන්‍ ටිකය.ඒ අතර ස්නේක් සහ මිස් චා ජපන් භාෂාව ගැනම කියවීමට පටන් ගැනිණි.එවිටම මම පැවසූවේ"ඒයි මේ අපි හැමෝම ලැන්වේජ් ක්ලබ් යන්"ද යන්නයි. Heulට එය ඇසී තිබුනේ නයිට් ක්ලබ් යනුවෙනි.ඇයගේ නම්බු නාමය එතන් පටන් වෙනස් විය.ඇයව අපි ක්ලබ් ගෑනී යන අනුවර්ත නාමයෙන් හැදින්වීමට පටන් ගැනිණි.

ස්නේක්ද හිම්මිච්චිය වගේ සිට කට ඇරියාම වක්කඩේ පරාදය.සුද්දි නම් අපේ නල්ල මලේ පන්ති නායිකාවයි.ඇයටද කොරියාව යන නම ඇසුනු විට ඇයද වෙනම ජීවියෙකි.පන්තියට එන සෑම ගුරුවරයෙකුටම ගොට්ට දැමීම ඇගේ ප්‍රථම රාජකාරීයයි.අප මේ වන විට 10 ශ්‍රේණියේ සිටිය යුතුව තිබුනද අප තවමත් 9ශ්‍රේණියේ සිටි නිසා අපට කිසිම දෙයක් පිළිබද බරක් පතලක් නොදැනුනි.

ගෙදරින් ගෙනආ ලන්ච් බොක්ස් එක දෙසාබා, ඉන් නොනැවතී රටෙන් එපිට ආගිය තොරතුරු කතා කරමින්, තම තමන්ගේ ක්‍රශ් එක ගැන කියව කියවාම එදා මුලු දවසම ගෙවා දැම්මේ විභාගය නිමා වීමෙත්, දෙමව්පිය රැස්වීම නොමැති වීමත් නිසා ඇතිවුනු කුජීත සතුටත් සමගය.එය ඔබ සැමගේම වචනයෙන් කියනවනම් ඒක වෙනම ආතල් එකක්...

GIRLS' SCHOOL lifeWhere stories live. Discover now