27ක්
කෝල් 27කට පස්සේ එයා මට රිප්ලයි කලා..
ඒත් මන් දාපු මැසේජ් ගොඩ සීන් කරල නෙවි මන් කෝල් කරේ ඇයි කියලා අහන්නමන් එයාට වදයක්ද
මන් දන්නවා මට පිස්සූ මට මගේ කියලා දැනෙන්නෙවත් නැති ආදරයක් පස්සේ යන්න මට පිස්සූ තමයි. ඉස්සර එක වචනෙකින් මාව නිවන්න පුලුවන් උනත් අද ඒ කටහඩ ඇහෙද්දී මට දැනෙන්නේ හරිම හිස් බවක් පාලුවක්..මට මොනවහරි මගඇරුනද?
මන් එයා පස්සේ ගිහින් මගේ ලගම ඉදපු කෙනෙක් මට අතපසු උනාද මට දැනෙන එකම බය ඒකයි
මන් කියවන එක කතා කරන එක එයාට මහා වදයක් උනා.ඒත් මන් මහ මෝඩ විදියට එයට ඕන විදියට ඉන්න පුරුදු උනා..ඉවසලා ඉවසලා බැරිම තැන රන්ඩු උනත් අන්තිමට මන් කෑගහන එක එයාට මාව එපාවෙන්නම හේතුවක් උනා.
මන් වැරදීද ?
මොනවද එයට මාව පිස්සු වට්ටන්න තරම් තිබුනේ ලස්සනද සල්ලිද ඒත් මන් කවදාවත් ඒගැන හිතලා තිබුන්නෑ
අවුරුදු 7ක ආදරයක් හැමදාම මන් රන්ඩු වෙනවා ඔයා මාව ගනන් ගන්නෑ කියලා ඒත් අන්තිමට හැමදාම.
'මට දැන් ඇති වෙලා තමුසෙගේ කියවිල්ල නවත්තගනින් දැන්වත් ඕක'
ඒ වචන ටික කියන්න එච්චර ලේසිද ඔයාලා හිතල බලන්න..තමන් ආදරේ කරන කෙනෙක් අතින් එක අහන්න ලැබුනම මට මාව කොච්චර එපා වෙන්න ඕනද
රෑට කොට්ටේ බදාගෙන කොච්චර දවස් අඩන්න ඇතිද ඒත් ඒ කිසි දෙයක් එයා දන්නෑමන් ඔන්ලයින් නැති උනාම මොකද උනේ කියලවත් හොයන්නැති කෙනෙක්
ඔව් මට ඉන්නවා එහෙම කෙනෙක්..මන් අද මැරුනත් එයා දන්නෑ ඒත් මන් එච්චර මෝඩ නෑ මොකද මට ඉන්නවා අම්මා තාත්තා එයාට වඩා මට ඒ දෙන්නා වටිනවා උනත් මන් එයාට ඇබ්බැහි වෙලා
මන් කොහොමද ඒකෙන් බේරෙන්නේ
තවත් මන් පස්සෙන් යන්න ඕනද එයා කියන විදියට මන් එහෙම කරේ නෑලු කවදාවත්
ඒත් එයා කියන හැම වචනෙකින්ම මගේ පපුව පිහියකින් හාරනවා වගේ උනා..
මන් ඇයි එයාගෙන් ආදරේ ඉල්ලන්නේ මට ඕන ආදරේ මේ විදියයි කියලවත් එයා දන්නෑ
එයා දන්නේ එක කෙල්ලෙක් එයා එක්ක රන්ඩු වෙනවා එයාගේ ඔලුව කනවා කියලා විතරයිඇයි මට මෙහෙම කරන්නෙ
හැමදාම මන් අහපු ප්‍රශ්නේ ඒත්
කවදාවත් මට ඒකට උත්තර හම්බුන්නෑ එතකොට එයා අහන්නේ මන් මොකක්ද ඔහේට කරේ
දන්නවද මන් මේ ලෝකේ ආසම නැති වචනයක් 'ඔහේ 'මට දැනෙන්නේ ඒක මාව තරහෙන් පුච්චන්න ගෙනාපු වචනයක් කියලාතවමත් මගේ ඇස්වලින් කදුලු බිඳු වැටෙනවා ඇස් දෙක ගිනි ගන්නවා වගේ දැවෙනවා
ඒත් එයා දන්නවද මන් අඩන බවවත්මාව එච්චර ටම එපා වෙලානම් ඇයි මාව එපා කියලා පැත්තකට විසි කරන්නැත්තේ මොනවද එයාට මගෙන් ඕන
සල්ලි ද ලස්සනද ඒ මුකුත් මන් ගාව නෑ
සමහරවිට එයාගේ පාලුවට තනියට මාව ඕන ඇති
සමහර ආදර කතා හරිම ලස්සනයි.මොනදේ උනත් මන් කවදාවත් එයාලට ඉරිසියා කරේ නෑ මොකද මන් මෙහෙම විදවන්නත් එයාලා එහෙම සතුටින් ඉන්නත් මන් ගොඩක් පව් කරන්නැති සමහරවිට මෙ පව් මන් මේ ආත්මෙම ගෙවලා දැම්ම ම ලබන ආත්මේදි මට සතුටින් ඉන්න ලැබේවි
දවසක් ඒවි ද
එයාට මාව මතක් වෙන
එදාට මන් නැති අඩුව එයාට දැනේවිදනෑ එයාට කවදාවත් මාව මතක් වෙන එකක් නෑ
මගේ මතකෙන් එයාව මකලා දාන්න පුලුවන්නම් එයාට ගොඩක් සතුටින් ඉන්න පුලුවන් වේවි..
මන් දන්න එක දෙයක් තිබුනා එයා කවදාවත් මාව තෙරුන් ගන්නේ නම් නෑ
ඔව්.එයාට මාව කරදරකාර කියවන කෑගහන කොල්ලෙක්
ඔයාලා හිතනවද මේ කියවන කෑ ගහන කරදරකාර කොල්ලට ආදරේ කරන කෙනෙක් මේ ලෝකේ ඇති කියලා?
__________________________________________________
මේ මගේ කතාව
හිතනවද එයා වෙනස් වෙයි කියලා?
YOU ARE READING
After Ringing 27+ Taekook Completed (⚡✔️)
Short Storyමට මගේ පාඩුවේ ඉන්න දීපන් ජෝන් ජුන්ග්කුක් මන් ඔයාට මොනවද කරේ ටේ?😥 කියවලම බලන්න❔ මේක ඔයාගේ කතාව වගේ💔