This chapter is not after ringing 27+....But I think I wanna add this because It has after ringing 27+ part..at last....I added this only forgot bae story..But I think our after ringing readers cant read it part..because they dont know about this...Therefore I added...
I think you enjoy this story as well..
So do you wanna read only after ringing 27+ book..plz skip and read last part....
Enjoy guy..You can comment and say hows that..
Have a nice day❤🌻__________________________________________________
තම මුහුනු පොතේ ඉහළට පහලට ගිය සිහිනි බැලුවේ තමන් අනතුරට පෙර දමා ඇති පොස්ට් දිහා..
ඒ සියල්ලක්ම පාහේ only me දමා තිබීම සිහිනිට ගෙනාවේ නොසන්සුන් බවක්.. ආදරය වෛරය සහෝදර ප්‍රේමය මිත්‍රත්වය අතර දෝලනය වන ඇගේ ජීවිතයේ ඇයට අයත් කොටස පවා සිතා ගැනීමට ඇයට නොහැකිතරම් තරම් ඇය අතරමන් විලා..
ඒ අතරින් ඇගේ දෑස් ගියේ කලුසුදු චායාරූපයක් සමග තිබූ පෝස්ටුව දෙසටයි.
මගේ හැම කතාවෙම කතා නායකයා ඔයා උනාට මන් දැන් දන්නවා ඔයා මන් දකින්නවත් කැමති නෑ කියලා.🥀
වෙන කෙනෙක්ව ඒ චරිතෙට ගන්න මට බැරි උනත් ඒ ආදරේම දෙන්න පුලුවන් රූපයක් මන් හිතේ බලෙන්ම ඇදගත්තා..
සිහින🥀
තද දුඹුරු ඇස් ඝන ඇහිබැම අඩම්බර හිනාව දානකොට විතරක් පේන ඒ නළ දත..
ඔව් මන් අලුතින් සිහිනව මැව්වා.. ගොඩක් කතාවල ප්‍රධාන චරිතේ ඔයා උනත්.. ඒ හැම කතාවෙම ඔයා මාත් එක්ක ඉදියත්..
සැබෑ ලොකේ ඔයා මාව දාලා ගොඩක් දුර ගිහින් තිබුනා.. හිත ඇතුලින් අදටත් ඔයා එනකන් බලන් හිටියත්
මගේ හැම කතාවෙම ඔයා වෙනුවට මන් අලුතින් මැව්ව සිහිනව ගත්තා..දවස් 4253ක් මන් උබ වෙනුවෙන් හිටියා..
මැරී මැරී ඉපදෙන හැමවෙලේම ආයේ ඒවි කියලා හිතුවත් ආයේ එන්න කියලා ප්‍රාර්තනා කරත් හැම දේකින්ම මාව ප්‍රතික්ශේප වෙද්දී..
මන් හිතුවේ මගේ මොන වැරැද්ද තිබුනත් ඔයා මන් එක්ක ඉදීවි කියලා..මන් ඒක විශ්වාස කරා..
ඒත් අන්තිමට ඔයාට මාව වදයක් වෙද්දී මාත් හැම වෙලේම ඔයා ගැන හොයද්දි මටම තේරුන් ගියා.. මන් යන්නේ මිරුගුවක් පස්සේ කියලා..කොහේවත් හිටපු මට ආදරේ කියන නමවත් දන්නැති මට
ඔයා ආදරේ කලා.. මන් කරපු දේවල් ඔයා ගොඩක් ඉවසුවා..
මන් දන්නවා... ඒත් ඔයාටම මාව එපා වෙලා ඔයා මාව මග අරිනකොට
අවුරුදු ගානක ආදරේ මගෙන් වෙනස් වෙන කොට මන් හිතුවා මන් ඔයාට වැරැද්දක් කරනවා කියලා..
මන් හිතුවා ඒ නිසා ඔයාට ඔයාගේ නිදහස දෙන්න ඕන කියලා..
මන් එහෙම එදා හිතුවත් මට ඔයා නැතුව ජීවත් වෙන්න හිත හදාගන්න බැරි උනා..ඒක සමහරවිට අපේ දෛවය වෙන්නැති..
අන්තිමට ඔයාට මාව එපාම වෙලා..යන්න තරම් මන් වදයක් කරදරයක් උනා..
YOU ARE READING
After Ringing 27+ Taekook Completed (⚡✔️)
Short Storyමට මගේ පාඩුවේ ඉන්න දීපන් ජෝන් ජුන්ග්කුක් මන් ඔයාට මොනවද කරේ ටේ?😥 කියවලම බලන්න❔ මේක ඔයාගේ කතාව වගේ💔