කලුපාට ශෝටකට ලෙදර් ශූස් දාලා කලු හූඩි එකක් සහ ලොකුම ලොකු ගමන් බෑගයක් කරේ එල්ලගත්ත කඩවසම් තරුණයෙක් හෝල්ට් එක පසු කර ගමන් කිරීමට ඔන්න මෙන්න තිබ්බ බස් එකට දුවන් ගියේ හති දමාගෙන..
කඩවසම් රුවක් තිබූ ඔහුගේ කාක නීල ඇස් නම් පැවසුවේ දුක්බර නමුත් ප්‍රීතිමත් කතාවක් බව නම් ස්තීරයි.කිමද යත් බසයට ගොඩ වූ පසු සියුමැලි ඒ මුවෙහි ඇදී ගිය අහිංසක මදහස එම රහස සත්‍යක් බව පෙන්වූ නිසයි.
බුසාන් වලට තම ප්‍රවේශ පත්‍රය ලබාගත් ඔහු අසුනේ හරිබරි ගැසී වාඩි උනේ තම හෑඩ්ෆ්‍රී දෙක කනේ රදවා ගන්න අතරතුරයි. බසය තුල සිටි එකා දෙන්නා වරක් හෝ දෙවරක් වත් මේ තරුණයා දෙස බලන්නට ඇති. සෝල් සිට මෙතරම් කඩවසම් තරුණයෙක් බූසාන් යෑම ඔහුන්ට ප්‍රෙහෙලිකාවක් ගෙනා නිසායි.
එවිටම ඔහුගේ දුරකථනය නාද විය.හෙලෝ අප්පා..
දැන් කොහේද පුතා ඉන්නේ..
මන් තාම යනවා අප්පා.. තව පැයකින් විතර මට යන්න පුලුවන්..
කුකී පුතා පරිස්සමින්..
ආදරෙයි අප්පා.. ඔයාලත් පරිස්සමින්
තමාගේ කුඩා කල පටන්ම තිබූ සිහිනය සංගීත ගුරුවරයෙක් වීම අවුරුදු හතරකට පසු ඔහුට සැබෑ කරගත හැකි වුනා.. ඔහු මේ යන්නේ එම පාසලේ පත්වීම භාර ගැනීමට..ජුන්ග්කුක් තම ආදරය අහිමි විමෙන් කෙතරම් කඩා වැටුනත් ඔහු හට ඉතුරුවී තිබූ අල්ප මාත්‍ර ශක්තියෙන් ඔහු උපරිම ඵල නෙළාගනු ලැබුවේ එලසයි.
මම කියුවනේ ඔයාලට මන් ආයේ මේ කතාව පටන් ගන්න නම් මගේ ජිවීතේ මොනවහරි වෙනස් වෙලා තියෙන්න ඕන කියලා..ඉතින් අද මන් කෝමහරි මගේ හීනෙට ආවා...චූටි චූටි පැටව් ගොඩකට උගන්නන්න මට පුලුවන් වෙලා..
මන් මියුසික් ඉගෙන ගන්ම ගමනුත් කලේ චූටි බබාලට උගන්නපු එක.. මගේ ජීවිතේ පහලින්ම පටන් ගන්න පුලුවන් උනේ ඒ බබාලා නිසා..
එයාලට තියෙන ප්‍රශ්න එක්ක බැලුවම මගේ ප්‍රශ්න ගැන මට හිතන්නවත් වෙලාවක් තිබුනෙම නැති තරම්.. මන් ගොඩක් බිසීඋනා මගේ ආදරේ අමතක වෙන තරම්ම.. ඒත් අමාරුම දවසකදි පපුව හීනියට රිදීගෙන ඇස් තෙත් වීගෙන ආවත් මන් ඒවත් දරාගත්තේ හරිම පුදුම විදියට..
YOU ARE READING
After Ringing 27+ Taekook Completed (⚡✔️)
القصة القصيرةමට මගේ පාඩුවේ ඉන්න දීපන් ජෝන් ජුන්ග්කුක් මන් ඔයාට මොනවද කරේ ටේ?😥 කියවලම බලන්න❔ මේක ඔයාගේ කතාව වගේ💔