LaSt🥺

950 80 2
                                    

සේරම ඉවර වෙන දවස අද
ඔව්
මන් ඉවර කරා ඒ මන් වෙනුවෙන්වත් එයා වෙනුවෙන්වත් නෙවි මගේ අප්පා වෙනුවෙන්.මන් හැමදේම මගේ ඔම්මට කියුවා..එයාට මන් කැමති කියලා අඩ අඩ කියුවා..

එයා හොදටම බැන්නා මට ඔව් එයා බනින එක සාදාරනයි.මන් කොච්චර පස්සෙන් ගියාද..ඔම්මා කියනවා එයා එක පාරක් බ්ලොක් කරානම් ඔයා දහ පාරක් එයාව බ්ලොක් කරන්න කියලා..ඉතින් අද තමයි මේ හැමදේකම අවසානය..එන්නැති කෙනෙක් වෙනුවෙන් බලන් ඉදලා මටත් මහන්සී හැමදාම ඕන උනේ එයා එක්ක ඉන්න.ඒත් ඔම්මා කියුව හැමදේම ඇත්ත.මන් එයාගේ මමාට හැමදේම කියුවා ඒ‍යත් මාත් එක්ක කතා කලා..මන් හිතනවා මගේ පැත්තෙන් එයා තේරුන් ගත්තා කියලා..

එහෙනම් අදින් අවසානයි මේ සියල්ලක්ම.මෙය හුදෙක් හිතලුවක් නොවේ..

මේ හැමදේම ඇත්ත..මේ හැමදේම මට දැනුන දේවල් මන් දුකෙන් ඉන්නකොට ඔයාලට කියලා ඒ දුක නිවාගත්තා .ස්තූතී මාත් එක්ක හිටියට ඔයාල
මන් වෙනුවෙන් මේ කතාව මගේ කතාව කියෙව්වට..මන් දන්නෑ එයා ආයෙත් මන් ලගට ඒවිද කියලා
මන්දන්නෑ එයා මන් ගැන හිතනවද කියලවත්.එයා දුරින් ඉන්න නිසා එයාට මාව දැනෙන්නෙවත් මට එයාව දැනෙන්නෙවත් නෑ
ඉතින් එයා කියන දෙයක් විතරයි මන් දන්නේ..

ඔයාට දවසක් ලැබෙන්න මේ කතාව කියවන්න..මට දැනුන දේවල් ඔයා මන් ලග නැති උනාම..
මන් ආදරේ කලා ඔයාට අදින් ඒ ආදරේ මරලා දානවා..ආයෙත් වාරයක් මන් ඔම්මලාට පිටින් යන්නෑ මොකද එයා මට කලින් කියුවා මේක නවත්තන්න කියලා.

හිතුවක්කාරකමට උන දෙයක්..

ඔයා එක්ක දුරක් යන්න
හීන දැක්කා මෙමා
මගක් දුරට ඇවිත් ඇයිද
ඔයා මේ වෙනස් වෙලා
දරාගන්න දුකක් බැරුව
හුගක් පසුතැවෙමි මා
සෙනෙහේ දුන්න මගේ හිතට
මේවාගේ දුක දෙන්නෙපා..💔

වැටෙන්න එපා කවදාවත් විහිලුවටවත් ආදරේ කරන්න එපා..දවසක විදවන්න වේවී..

එයා ආපහු ආවොත් මන් ඔයාලට කියන්නම් හොදද..දවසක මන් මේක ආයෙන ලියනවා.සමහරවිට අලුත් ආදරයක් එක්ක..නැත්නම් එයා එක්කම..
මගේ පණ මන් බොළදයි තමා..ඒත් එයා ඔයා මගේ ළග ඉන්නකොට💗 හෙටත් ඒ විදියටම ආදරෙයි.. මැනික🐯 බුදුසරණයි හැමෝටම..💗


#හිත පුරාම අරක් ගත්තු
මතක අස්සෙත්
සැරින් සැරේටම
කොනිහ කොනිහා
උඩ මතුවෙවීම රිද්දන්නෙත්
උඹ ඉන්න මතකමනේ ඉතින්..

අමතක කරලා දාන්න
හදද්දිත්
වතුරෙ යට ගහන්න හදන
බෝලයක් වගේ
ආයෙ ආයෙම උඩට මතු වෙවීම
මාව රිද්දන්නෙත් උඹමමයිනේ ඉතින්..

පුළුවන් වෙයිද මට
අමතක කරන්න
මගේ හිත කෝම හරි හදාගන්න මට
උඹ ඉන්න මතක හැමදාටම
මකල දාන්න මේ හිතින්..?
අනේ මට බැරිමත් ඒකමනේ ඉතින්..

පුළුවනිද මැනික
ආයෙම මගේම වෙන්න
වෙනදටත් වඩාම මම
ආදරේ කරන්නම්..
නොකිව්වත් උඹට හැමතිස්සෙම
මේ හිත තාමත් ඉල්ලන්නෙම
උඹවමයිනේ මැනික ඉතින්..

මොනව කරන්නද
ආදරේ දුන්නු මේ හිතින්
කවදාවත්ම වෛර කරන්න
මට බැහැනේ ඉතින්..

කියද්දි ගොඩක් අය
තියෙන මෝඩ කම මිසක්
වෙන මොකක්ද කියලා..
බනිද්දිත් මට හිත හදා ගන්න කියලා
කොහොමද එයාලට
තේරුම් කරන්නෙ මම
මං ආදරේ දුන්නෙ උඹට
උඹව මගෙ ජීවිතේම කරන්නේ ඉතින්..

හිතා ගන්න බැරි නම්
මගේ ආදරේ තරම උඹට
මේ තරම්ම ආදරේ කරලත් මම..
උඹ මත්තෙම නැහිලත් මොකටද
උඹට නොතේරෙනව නම් මගේ
ආදරේ තරම
ඵලක් නැහැනේ ඉතින්..

හදා ගන්නද මම හිත..
පුරුදු වෙන්නද මම උඹ නැතුව ඉන්න..
උඹට සැරින් සැරේට
මැසේජ් එකකින්වත්
කරදර නොකර ඉන්නද මම..
කමක් නැද්ද..??
ඔවු උඹට ලොකූ නිදහසක් වෙයි
උඹ හරී කැමති වෙයි..
මොකද උඹට මාව
වදයක් වෙලානේ දැන් ඉතින්😔

🐯💗
මැණික උබට දවසක මාව මතක් වේවී..
එදාට මන් උබෙන් හුගක් දුර ගිහින් ඉදීවී..
දවසක හැරිලා බලපන්
මන් දිහා..
උබ එක්ක අත් අල්ලන් රවුම් ගහපු පාරෙම
මන් තනියෙන් ඇවිදිනකොට
මට දැනුන වේදනාව
උබට දැනුන ද කියලා

 After Ringing 27+ Taekook Completed (⚡✔️)Where stories live. Discover now