චාන්ට තවත් යීබෝ කියන දේවල් අහන් ඉන්න පුළුවන් කමක් තිබ්බේ නෑ..... චාන් ආපහු රෑම් එකට යන්න හැඳුවත් එයාට අඩි දෙක තුනක් විතරයි යන්න පුළුවන් උනේ....
මොන මනුස්සයාටද පුළුවන් තමන් පණ වගේ ආදරේ කරපු මනුස්සයාට වෙන සම්බන්ධයක් තියෙනවා කියලා දැනගත්තාම ඉවසගෙන ඉන්න පුළුවන් ද අනික දරුවෙකුත් ලැබෙන්න ඉද්දිත්....
චාන්ටත් උනේ ඒකමයි එයා ගොඩාක් ඉවසුවා ඒත් එයාට තවදුරටත් ඒ දුක වේදනාව ඉවසගෙන ඉන්න බැරි වුනා... කතාවටත් කියනවනේ ඉවසලා ඉවසලා බැරිම තැනත් ඉවසන්න ඕන කියලා ඒත් චාන්ට අද ඒ බැරිම තැනත් ඉවසන්න ඕන ඉවසීම ඉවසගන්න බැරි වුනා... එයාගේ කුසේ දරුවෙක් ඉන්නවා... ඉතිං එයා ශරීරයෙන් දුර්වල පුද්ගලයෙක්....
චාන් සිහි නැතිව වැටෙනවත් එක්කම යීබෝ අල්ලගත්ත නිසා බිමට නොවැටී බේරුනා.... බිමට වැටුනනම් චාන් ඒ වෙලාවේම මැරෙන්නත් ඉඩ තිබුනා....
මිස්ට වැන්ග් කාර් එක ස්ටාර් කරනවත් එක්කම යීබෝ චාන්ව ඔසවගෙන වේගයෙන් දුවගෙන විත් කාර් එකේ පිටුපස අසුනෙන් පරිස්සමෙන් චාන්ව තියලා යීබෝත් එතනින්ම හිඳගත්තා...
මිස්ට වැන්ග් පුළුවන් වේගයෙන් කාර් එක ලඟම හොස්පිට්ල් එකට පදවගෙන යන්න වුනා......
හොස්පිට්ල් එකට ආව ගමන්ම යීබෝ කාර් එකෙන් බැහැලා ට්‍රොලියක් තල්ලු කරගෙන ඇවිත් චාන්ව ඒක උඩින් තියලා හොස්පිට්ල් එක ඇතුලට දුවද්දී ඩෝකටර්ස්ලා දෙන්නෙකුත් ඒ පස්සෙන්ම ගියා....
ඔයාලා හිතුවද යීබෝට දැන් චාන් ගැන අනුකම්පාවක් ඇති වුනා කියලා නෑ එයා ඒ එයාගේ දරුවා ගැනයි හිතුවෙි...
ඉක්මනින්ම ඩෝකටර් චාන්ව ලේබර් රූම් එකට ගනිද්දී මිසිස් වැන්ග් චාන්ගේ අම්මාට කෝල් එකක් දීලා චාන්ව හොස්පිට්ල් ඇඩ්මිට් කරා කියලා කියුවා....
ඒ ආරංචිය දැනගත්ත ගමන්ම චාන්ගේ අම්මයි තාත්තායි සියළුම වැඩ නවත්තලා ඇමරිකා එන්න පිටත් වුනා...
විනාඩි පහලවකට විතර පස්සේ තියටර් එකේ ඩෝකටර් ආවා....
පේෂන්ගේ තත්ත්වය නම් ටිකක් සීරියස්....
එයාට ලොකු කම්පනයක් ඇවිත් තියෙන්නේ....
ම්ම්ම් කෝ මේ දරුවගේ තාත්තා....
CZYTASZ
🌹𝕄𝕪 𝕝𝕚𝕗𝕖 𝕨𝕚𝕥𝕙 𝕠𝕦𝕥 𝕪𝕠𝕦🌹 (Short) ✔️
Krótkie Opowiadaniaකොයිතරම් කාලයක් ගියත් මේ හිතේ ඔයාට තිබුන ආදරය කවදාවත් නැති වෙන්නෑ මගේ බෝදී..... මම දැන් හුගක් වයසයි ඒත් මීට අවුරැදු ගානකට කලින් ඒ ඔයාට දුන්න ආදරේ තවත් මා ගාව තියෙනවා.... මම හිතනවා ඔයා දැන් හුගක් සතුටින් ඇති කියලා.... මට ඒ ඇති... මගේ බෝදී.... ...